ඉන්ධන තොග රැස්කරගෙන සිටි දෙදෙනෙක් පොලිස් අත්අඩංගුවට – එක් සැකකරුවෙක් සන්තකයේ ඩීසල් ලීටර් 410ක්

නීත්‍යානූකූල බලපත්‍රයක් නොමැතිව ඩීසල් සන්තකයේ තබා ගෙන සිටි පුද්ගලයෙක් කටුනායක පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඊයේ (19) රාත්‍රියේ කටුනායක පොලිස් වසමේ හීනටියන ප්‍රදේශයේ සිදුකළ වැටලීමක දී මෙම සැකකරු අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වුණේ.

සැකකරු සන්තකයේ තිබී නීති විරෝධීව ගබඩාකරගෙන සිටි ඩීසල් ලීටර් 410ක් මෙහිදී පොලිසිය විසින් සොයාගෙන තිබෙනවා.

සැකකරු වයස අවුරුදු‍ 40ක වන මිනුවන්ගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වන අතර, කටුනායක පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.

මේ අතර හලාවත පොලිස් වසමේ මුදලියාවෙල ප්‍රදේශයේ දී නීත්‍යානූකූල බලපත්‍රයක් නොමැතිව ඩීසල් ලීටර් 55 ක් සන්තකයේ තබා ගෙන සිටි අයෙක් ද ඊයේ (19) දිනයේ අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසනවා.

අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු‍ 73ක ඉලප්පදෙනිය ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බවයි වාර්තා වුණේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නුවරඑළිය තැපැල් කාර්යාලයේ ප්‍රතිසංස්කරණ කටයුතු සිදුවෙන අයුරු - නිරීක්ෂණයට ආණ්ඩුකාරවරයාත් පැමිණෙයි
02:56
Video thumbnail
ලංගම ටයර් ප්‍රසම්පාදනය සම්බන්ධයෙන් ප්‍රබල අනාවරණයක් - රු. ලක්ශ 430ක මූල්‍ය අක්‍රමිකතාවක් ?
02:46
Video thumbnail
BOI එක ආයෝජනවලට දාන්න පුළුවන් ලොකුම බාධා ටික දානවා - එන ටිකත් අවට රටවල්වලට යොමු කරනවා
03:35
Video thumbnail
ලබන වසරේ ඉදලා IMF එකෙන් මිදිලා අපිට ස්වාධීන ගමනක් හිමිවෙනවා - සුනිල් සෙනෙවි හෙළිකරයි
05:57
Video thumbnail
අපි රටක් හැටියට ඉන්නේ ඉතාම දුර්වල තැනක - රටේ සෘජු විදේශ ආයෝජන ඉතාම දුර්වල තැනක තියෙන්නේ
04:16
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි - වැරදි නෑ සර් මගේ Wife..එයා එහෙම නෑ
01:32
Video thumbnail
චතුරංග එදා මාධ්‍යයට ඇවිත් කඳුළු පෙරාගෙන ඇඩුවා - කබරගොයා තලගොයා කරගන්න න්‍යායක ඉන්නේ
06:40
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්.. එක් අයෙක් එතනම එළොව යයි - මෙන්න එහි සංවේදී දර්ශන
02:20
Video thumbnail
බස් එකක් විවෘත කරන්න ජනාධිපති යන්න තරම් පහතට වැටිලා - ජනාධිපති දේශපාලනිකව අසරණවෙලා
04:21
Video thumbnail
දැඩි ආරක්ෂාවක් මැද උසාවියට ගෙන ආ ශිරාන් බාසික් - වටේටම STF එකෙන් දාලා
02:30