ඕස්ට්‍රේලියාවේ පැවති ආසියානු කුසලාන තරඟාවලියෙන් පසු රටට ආපසු පැමිණෙන ඉරාන කාන්තා පාපන්දු ක්‍රීඩිකාවන් “විවෘත දෑතින් පිළිගන්නා” බව ඉරාන විදේශ කටයුතු අමාත්‍යාංශය පවසනවා.
තරගාවලියේ තරගයක් ආරම්භ වීමට ප්‍රථමව එම ක්‍රීඩිකාවන් ඉරාන ජාතික ගීය ගායනා කිරීමෙන් වැලකි සිටීමත් සමඟ ලොවපුර එය මහත් ආන්දෝලනාත්මක පුවතක් බවට පත්වුණා.
ඒ අනුව තරගාවලියේ දී ඉරාන ජාතික කණ්ඩායම නියෝජනය කළ ක්‍රීඩිකාවන් 05 දෙනෙක් ඕස්ට්‍රේලියාවේ සරණාගතභාවය අපේක්ෂා කළ අතර ඕස්ට්‍රේලිය රජය විසින් ද ඔවුන්ට සරණාගතභාවය ලබා දීමට එකඟතාවය වී තිබුණා.
කෙසේ වෙතත් ඉරාන විදේශ අමාත්‍යාංශ ප්‍රකාශක එස්මයිල් බගයි ක්‍රීඩිකාවන්ගෙන් “නිවසට එන ලෙස” ඉල්ලා තිබෙනවා.
“ඉරානයේ කාන්තා පාපන්දු කණ්ඩායමට: කරදර නොවන්න – ඉරානය විවෘත දෑතින් ඔබ එනතුරු බලා සිටී,” යනුවෙන් ඔහු විසින් X සටහනක් තබා තිබෙනවා.



