කාන්තා එක්දින ලෝක කුසලාන අවසන් මහා තරගයට වැස්සෙන් බාධා

කාන්තා එක්දින ලෝක කුසලාන තරගාවලියේ අවසන් මහා තරගයට මේ වන විට වර්ෂාවෙන් බාධා එල්ල වී තිබෙනවා.

මෙවර අවසන් මහා තරගය පැවැත්වෙන නවි මුම්බායිහි ඩී.වයි. පටිල් ක්‍රීඩාංගණයට මේ වනවිටත් වර්ෂාව පතිත වන බවයි ඉන්දියාවෙන් වාර්තා වන්නේ.

ඉන්දියාව හා දකුණු අප්‍රිකාව අතර අවසන් මහා තරගය අද (02) පස්වරු 3.00ට ආරම්භවීමට නියමිතව තිබූ නමුත් වර්ෂාව හේතුවෙන් කාසියේ වාසිය උරගා බැලීමට ද තවමත් අවස්ථාව හිමිව නැහැ.

තරගය අද දිනයේ පැවැත්වීමට හැකියාව ලැබුනොත් අඩු පන්දුවාර සංඛ්‍යාවක් යටතේ ඩක්වත් ලුවිස් න්‍යායට අනුව තරගය පැවැත්වෙනු ඇති.

එසේ නොමැතිව අද දිනය වර්ෂාවෙන් සේදී ගියහොත් අවසන් මහා තරගය පැවැත්වීමට අතිරේක දිනයක් ලෙස හෙට (03) දිනය වෙන්කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රටට ඉදිරියේදී වෙන්න යන දේ මෙන්න..දුමින්ද නාගමුවගෙන් කරුණු රැසක් එළියට..හාල් මිල අධික ලෙස වැඩි වෙනවා
18:01
Video thumbnail
තෙල් බවුසරයක් මහ පාරෙම පෙරළි සිදුවූ අනතුර
00:44
Video thumbnail
තෙල් බවුසරයක් මහ පාරෙම පෙරළි සිදුවූ අනතුර..මිනිස්සු වටවෙලා තෙල් පුරවගෙන යන හැටි
01:08
Video thumbnail
"ගැලරිය පිනවන චූන් කතා කියන්න එපා"ජනපති ඇවිත් කිව්ව දේට පුබුදු හොඳම එකෙන් දෙසයි
12:41
Video thumbnail
අර්චුනා, දයාසිරි ඇතුළු පක්ෂ විපක්ෂ ප්‍රබලයින් රැසක්ම ජනපති සමඟ විශේෂ හමුවක්
01:17
Video thumbnail
අර්චුනා හදිස්සියේම නැගිටලා පාර්ලිමේන්තුව දෙකක් කරයි
00:38
Video thumbnail
ශ්‍රී පාද පද්මය වැදපුදා ගන්න ගිය නාමල් රාජපක්ෂ
01:10
Video thumbnail
නාමල් රාජපක්ෂ උතුම් වූ ශ්‍රී පාද පද්මය වැදපුදා ගන්න යයි.. චානක ඇතුළු සෙට් එකක්ම ගිහින්
01:41
Video thumbnail
AI විපක්ෂ නායකට සමන්ත කිව්ව සැර කතාව..AIවලින් නායකයෙක් හදාගන්න එක ඉතුරුවෙලා තියෙන්නේ
01:45
Video thumbnail
විදුලි කැපීම ගැන චානකගෙන් ප්‍රබල හෙළිදරව්වක්..අනීතිකයි..සෙට් එකටම හීරේ යන්න වෙන දෙයක් මේ
04:08