කාන්තා එක්දින ලෝක කුසලාන අවසන් මහා තරගයට වැස්සෙන් බාධා

කාන්තා එක්දින ලෝක කුසලාන තරගාවලියේ අවසන් මහා තරගයට මේ වන විට වර්ෂාවෙන් බාධා එල්ල වී තිබෙනවා.

මෙවර අවසන් මහා තරගය පැවැත්වෙන නවි මුම්බායිහි ඩී.වයි. පටිල් ක්‍රීඩාංගණයට මේ වනවිටත් වර්ෂාව පතිත වන බවයි ඉන්දියාවෙන් වාර්තා වන්නේ.

ඉන්දියාව හා දකුණු අප්‍රිකාව අතර අවසන් මහා තරගය අද (02) පස්වරු 3.00ට ආරම්භවීමට නියමිතව තිබූ නමුත් වර්ෂාව හේතුවෙන් කාසියේ වාසිය උරගා බැලීමට ද තවමත් අවස්ථාව හිමිව නැහැ.

තරගය අද දිනයේ පැවැත්වීමට හැකියාව ලැබුනොත් අඩු පන්දුවාර සංඛ්‍යාවක් යටතේ ඩක්වත් ලුවිස් න්‍යායට අනුව තරගය පැවැත්වෙනු ඇති.

එසේ නොමැතිව අද දිනය වර්ෂාවෙන් සේදී ගියහොත් අවසන් මහා තරගය පැවැත්වීමට අතිරේක දිනයක් ලෙස හෙට (03) දිනය වෙන්කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?