කාන්තාවන් දෙදෙනෙක් සමඟ පිරිසක් එක්ව තිදරු පියෙක් ඝාතනය කරලා (ඡායාරූප)

තෙබුවන, ක්ලෝඩන් වත්ත ප්‍රදේශයේ දෙපිරිසක් අතර ඇති වූ ආරවුලක දී තියුණු ආයුධ සහ පොලුවලින් පහර දී පුද්ගලයෙකු ඝාතනය කර තිබෙනවා.

මෙම ඝාතනය සම්බන්ධයෙන් කාන්තාවන් දෙදෙනෙකු ඇතුළු පුද්ගලයින් සිව්දෙනෙකු සැකපිට අත්අඩංගුවට ගත් බවයි තෙබුවන පොලිසිය සඳහන් කළේ.

ඝාතනයට ලක්වූ පුද්ගලයා නෑබඩ ප්‍රදේශයේ පදිංචිව සිටි 40 හැවිරිදි තිදරු පියෙක් බවයි වාර්තා වන්නේ.

දෙපිරිසක් අතර කලක සිට පැවති ආරවුලක් මත ඊයේ (25) රාත්‍රියේ ඇති වූ බහින් බස්වීමකින් පසු මෙම ඝාතනය සිදුකර ඇති බවයි පොලිසිය වැඩිදුරටත් පැවසුවේ.

ඝාතනය සම්බන්ධයෙන් තවත් සැකකරුවන් දෙදෙනෙකු ප්‍රදේශයෙන් පලාගොස් ඇති අතර, ඔවුන් අත්අඩංගුවට ගැනීමට විමර්ශන ආරම්භ කර තිබෙනවා.

ඝාතනය සඳහා යොදාගත් යකඩ පොල්ලක් සහ පොරවක් ද පොලිස් භාරයට ගත්බවයි පරීක්ෂණ සිදුකරන පොලිස් නිලධාරීයෙක් සඳහන් කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?