කාන්තාවක්ව සිට පිරිමියෙක් වූ මිතුරිය, කුඩා කළ මිතුරියව අමානුෂිකව ඝාතනය කරලා

24 හැවිරිදි තරුණියක් දම්වැලකින් බැඳ, ඇයගේ ශරීරයට පෙට්‍රල් දමා ගිනිතබා ඝාතනය කළ ලිංගික සංක්‍රාන්තිකයෙක් අත්අඩංගුවට ගැනීමේ පුවතක් ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා.

වෙට්‍රිමාරන් නැමති 26 හැවිරිදි සැකකරුවෙක් විසින් මෙම ඝාතනය සිදුකර ඇති අතර, ඝාතනය ලක්වූ නන්දිනී නැමැති තරුණිය සහ සැකකරු කුඩා කාලයේ සිටම මදුරෙයි හි බාලිකා පාසලක ඉගෙනුම ලබා තිබෙනවා.

එම කාලය තුළ දී සැකකරුට ඇය කෙරෙහි හැඟීමක් ඇතිව ඇති අතර, ඇයව විවාහ කර ගැනීමමේ අරමුණින් එවක ගැහැණියක්ව සිටි සැකකරු ලිංගික වෙනස් කිරීමේ සැත්කමක් ද සිදුකරගෙන පිරිමියෙක් බවට පත්ව ඇති බවයි අනාවරණය වී ඇත්තේ.

අනතුරුව සැකකාර වෙට්‍රිමාරන් නන්දිනීගෙන් කැමැත්ත විමසා ඇති අතර, එම යෝජනාව ඇය විසින් ප්‍රතික්ෂේප කිරීමත් සමඟ ඔවුන් දෙදෙනා අතර විරසකයක් ඇති තිබෙනවා.

කෙසේ වෙතත් ඔවුන් දෙදෙනා යහළුවන් ලෙස ඇසුරු කර ඇති බවයි අනාවරණය වී ඇත්තේ.

මීට මාස අටකට පෙර නන්දිනී තොරතුරු තාක්ෂණ උපාධිය සම්පූර්ණ කිරීමෙන් පසු චෙන්නායිහි රැකියාවක් ලබා ඇයගේ මාමා සමඟ චෙන්නායි හි ජීවත්ව තිබෙනවා.

පසුගිය සෙනසුරාදා නන්දිනීව මුණගැසීමට වෙට්‍රිමාරන් පැමිණ ඇති අතර, එහිදී ඔවුන් දෙදෙනා පැය කිහිපයක කාලය ගතකර, ඔහුගේ ඉල්ලීමට අනුව ඇයට අලුත් ඇඳුම් මිලදී ගෙන ඇයව තම්බරම් අසල ළමා නිවාසයකට ගෙන ගොස් එහි පරිත්‍යාගයක් ද සිදුකර පසුව ඇයව නිවසට ඇරලවන බව පවසා තිබෙනවා.

එලෙස යතුරුපැදියෙන් යළි නිවසට පැමිණෙන අතර මඟ චෙන්නායි හි පොන්මාර් ප්‍රදේශයේ පාළු ස්ථානයක නතර වී ඔහු නන්දිනීගෙන් ඡායාරූප සඳහා පෙනී සිටින ලෙස ඉල්ලා සිටි බවයි හෙළිව ඇත්තේ.

එහිදී ඔහු “විනෝදය සඳහා පමණක්” යැයි පවසමින් තම යතුරුපැදියේ රැගෙන ආ දම්වැලක් යොදාගෙන ඇයගේ අත් පා බැඳ දමා ඇති බවයි අනාවරණය වී ඇත්තේ.

කෙසේ වෙතත් තමන්ව බැඳ දැමූ දම්වැලෙන් නිදහස් කරන ලෙස ඉල්ලා ඇති නන්දිනී, එම ඉල්ලීම් නොතකා වෙට්‍රිමාරන් පෙට්‍රල් බෝතලයක් ගෙන ඇයගේ ශරීරයට වත් කර ගිනිතබා තලයකින් ඇගේ බෙල්ල සහ අත්දෙක කපා ඇති බවයි වාර්තා වන්නේ.

ප්‍රදේශවාසීන් විසින් දම්වැලකින් බැඳ පිලිස්සුම් තුවල ලබා සිටි තරුණියව රෝහලට ගෙන ගිය ද ඒ අතර වාරයේ ඇය ජීවිතක්ෂයට පත්ව ඇති බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ.

සැකකාර වෙට්‍රිමාරන් තමිල්නාඩු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර, මෙම බිහිසුණු ක්‍රියාව පිටුපස ඇති චේතනාව නන්දිනී අන් අය කෙරෙහි උනන්දුවක් ඇති කර ගෙන ඇති බවට ඇති වූ සැකයක් බවයි පොලිසිය පවසන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
6
+1
1
+1
1
+1
13
+1
1
+1
8
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ආණ්ඩුවට තව දින 10යි - GMOA එකෙන් රජයට රතු එළියක්
12:23
Video thumbnail
අගමැතිතුමියට එරෙහිව පොලිස්පතිට පැමිණිල්ලක්
08:48
Video thumbnail
මුන් කැලේ හිටියේ - පන්සලේ සිවුරට පිහිට වෙලා ජීවිත බේරාගත්තේ
08:03
Video thumbnail
ආනන්ද පාලිතගෙන් විමල්ට සැර සත්තමක්.."කඩේ යන එකත් සීමාවක් තියාගන්න..අපිව අන්ධන්න එපා"
06:21
Video thumbnail
අලුත් වාහනයක් ගන්න මිනිස්සු හොයාගෙන එන විශ්වාසය දිනූ එකම තැන Intimate Lanka (PVT) LTD
15:02
Video thumbnail
දිට්වා සුළි කුණාටුවෙන් විනාශ කළ ප්‍රධාන මාර්ග බැලිමට NBRO නිලධාරින් එයි
03:13
Video thumbnail
මාලිමාවට හරිනි හිසරදයක් වෙලා - පැලවත්තෙන් තමයි රට පාලනය කරන්නේ
17:06
Video thumbnail
බන්ධනාගාරය අපරාධකායෝ බිහිකරන ෆැක්ටරියක්..ජ්‍යෙෂ්ඨ නි.පොලිස්පතිගෙන් ප්‍රබල හෙළිදරව්වක්
14:02
Video thumbnail
"අපේ බහුතරය අපි සහතික කළා"කොළඹ නගර සභාවේ මුදල් කාරක සභාවේ බලය ඒකාබද්ධ විපක්ෂයට
08:17
Video thumbnail
හිටපු ජනාධිපති රනිල් මහ සෙනඟක් එක්ක රුවන්වැලි මහාසෑයට හා ශ්‍රී මහා බෝධියට යයි
00:34


?