කාන්තාවක්ව සිට පිරිමියෙක් වූ මිතුරිය, කුඩා කළ මිතුරියව අමානුෂිකව ඝාතනය කරලා

24 හැවිරිදි තරුණියක් දම්වැලකින් බැඳ, ඇයගේ ශරීරයට පෙට්‍රල් දමා ගිනිතබා ඝාතනය කළ ලිංගික සංක්‍රාන්තිකයෙක් අත්අඩංගුවට ගැනීමේ පුවතක් ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා.

වෙට්‍රිමාරන් නැමති 26 හැවිරිදි සැකකරුවෙක් විසින් මෙම ඝාතනය සිදුකර ඇති අතර, ඝාතනය ලක්වූ නන්දිනී නැමැති තරුණිය සහ සැකකරු කුඩා කාලයේ සිටම මදුරෙයි හි බාලිකා පාසලක ඉගෙනුම ලබා තිබෙනවා.

එම කාලය තුළ දී සැකකරුට ඇය කෙරෙහි හැඟීමක් ඇතිව ඇති අතර, ඇයව විවාහ කර ගැනීමමේ අරමුණින් එවක ගැහැණියක්ව සිටි සැකකරු ලිංගික වෙනස් කිරීමේ සැත්කමක් ද සිදුකරගෙන පිරිමියෙක් බවට පත්ව ඇති බවයි අනාවරණය වී ඇත්තේ.

අනතුරුව සැකකාර වෙට්‍රිමාරන් නන්දිනීගෙන් කැමැත්ත විමසා ඇති අතර, එම යෝජනාව ඇය විසින් ප්‍රතික්ෂේප කිරීමත් සමඟ ඔවුන් දෙදෙනා අතර විරසකයක් ඇති තිබෙනවා.

කෙසේ වෙතත් ඔවුන් දෙදෙනා යහළුවන් ලෙස ඇසුරු කර ඇති බවයි අනාවරණය වී ඇත්තේ.

මීට මාස අටකට පෙර නන්දිනී තොරතුරු තාක්ෂණ උපාධිය සම්පූර්ණ කිරීමෙන් පසු චෙන්නායිහි රැකියාවක් ලබා ඇයගේ මාමා සමඟ චෙන්නායි හි ජීවත්ව තිබෙනවා.

පසුගිය සෙනසුරාදා නන්දිනීව මුණගැසීමට වෙට්‍රිමාරන් පැමිණ ඇති අතර, එහිදී ඔවුන් දෙදෙනා පැය කිහිපයක කාලය ගතකර, ඔහුගේ ඉල්ලීමට අනුව ඇයට අලුත් ඇඳුම් මිලදී ගෙන ඇයව තම්බරම් අසල ළමා නිවාසයකට ගෙන ගොස් එහි පරිත්‍යාගයක් ද සිදුකර පසුව ඇයව නිවසට ඇරලවන බව පවසා තිබෙනවා.

එලෙස යතුරුපැදියෙන් යළි නිවසට පැමිණෙන අතර මඟ චෙන්නායි හි පොන්මාර් ප්‍රදේශයේ පාළු ස්ථානයක නතර වී ඔහු නන්දිනීගෙන් ඡායාරූප සඳහා පෙනී සිටින ලෙස ඉල්ලා සිටි බවයි හෙළිව ඇත්තේ.

එහිදී ඔහු “විනෝදය සඳහා පමණක්” යැයි පවසමින් තම යතුරුපැදියේ රැගෙන ආ දම්වැලක් යොදාගෙන ඇයගේ අත් පා බැඳ දමා ඇති බවයි අනාවරණය වී ඇත්තේ.

කෙසේ වෙතත් තමන්ව බැඳ දැමූ දම්වැලෙන් නිදහස් කරන ලෙස ඉල්ලා ඇති නන්දිනී, එම ඉල්ලීම් නොතකා වෙට්‍රිමාරන් පෙට්‍රල් බෝතලයක් ගෙන ඇයගේ ශරීරයට වත් කර ගිනිතබා තලයකින් ඇගේ බෙල්ල සහ අත්දෙක කපා ඇති බවයි වාර්තා වන්නේ.

ප්‍රදේශවාසීන් විසින් දම්වැලකින් බැඳ පිලිස්සුම් තුවල ලබා සිටි තරුණියව රෝහලට ගෙන ගිය ද ඒ අතර වාරයේ ඇය ජීවිතක්ෂයට පත්ව ඇති බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ.

සැකකාර වෙට්‍රිමාරන් තමිල්නාඩු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර, මෙම බිහිසුණු ක්‍රියාව පිටුපස ඇති චේතනාව නන්දිනී අන් අය කෙරෙහි උනන්දුවක් ඇති කර ගෙන ඇති බවට ඇති වූ සැකයක් බවයි පොලිසිය පවසන්නේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඥානසාර හිමි ගැන දුමින්ද කට අරියි - සිවුරට ගි#නි තියන්න සූදානම් වෙන්න එපා
03:47
Video thumbnail
වන අලියා ළඟ බයික් එකේ වාඩිවෙලා විදේශිකයා ගත්ත Fun එක - කිසි බයක් නැතුව ඉන්න හැටි
00:42
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.10.08
00:00
Video thumbnail
බාල ගල් අඟුරු නිසා මිලියන 15000කට වැඩි පාඩුවක් වෙලා
01:10
Video thumbnail
ආණ්ඩුව රාජපක්ෂලට හීනෙනුත් බයයි
01:23
Video thumbnail
ආණ්ඩුව සුපිරිම සුපිරි වැඩක් කරන්නේ
01:08
Video thumbnail
ආණ්ඩුව රාජපක්ෂලට හීනෙනුත් බයයි..නාමල් ඇතුළට දැම්මේ පළිගැනීමට
02:49
Video thumbnail
බාල ගල් අඟුරු නිසා මිලියන 15000කට වැඩි පාඩුවක් වෙලා - බැඳුම්කර මංකොල්ලයට වඩා වැඩියි
02:21
Video thumbnail
ඥානසාර හිමියන් ඇතුළට යන්න හේතුව එකින් එක හෙළිකළ සන්ධ්‍යා එක්නැළිගොඩ
26:23
Video thumbnail
ශිරන්ති අතත් වනාගෙන බන්ධනාගාර බසයට නගියි
01:29