කාදිනල් හිමිපාණන් ජනපතිව හමුවෙයි

කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් හිමිපාණන් වහන්සේ සහ කතෝලික රදගුරු සම්මේලනය ඊයේ (20) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී ‌ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමු වුණා.

එහිදී වසරකට තෙවතාවක් පැවැත්වෙන කතෝලික රදගුරු සම්මේලනයේ දී සාකච්ඡා වූ මූලික කරුණු පිළිබඳව කාදිනල් හිමිපාණන් විසින් ජනාධිපතිවරයා දැනුවත් කිරීම සිදු කළා.

එසේම, කතෝලික සභාවේදී මතු වූ අදහස් සහ යෝජනා පිළිබඳව ද මෙම සාකච්ඡාවේ දී අවධානයට ලක් කෙරුණා.

මෙම අවස්ථාවට ශ්‍රී ලංකා කතෝලික රදගුරු සම්මේලනයේ සභාපති හැරල්ඩ් ඇන්තනී පෙරේරා රදගුරුතුමා සහ එම සම්මේලනයේ සාමාජිකයන් පිරිසක් ද එක්ව සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
5
+1
0
+1
7
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?