ක්‍රීඩා ගුරුවරයෙක් කොවිඩ් ආසාදිතව මියයයි

කෑගල්ල ශික්ෂණ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි පාසලක ක්‍රීඩා ගුරුවරයෙක් කොවිඩ් ආසාදනය වීමෙන් ජීවිතක්ෂයට පත්වු බව දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය කුමාර් වික්‍රමසිංහ මහතා පවසයි.

වෛද්‍ය කුමාර් වික්‍රමසිංහ මහතා පවසා සිටියේ, දින ගණනාවක් දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිට අදාළ ගුරුවරයා ජීවිතක්ෂයට පත්වු බවය.

එමෙන්ම මේ වන විට රඹුක්කන ප්‍රදේශයේ පාසලක විදුහල්පතිවරයෙකු ද කොරෝනා ආසාදිතව දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන බව වෛද්‍ය කුමාර් වික්‍රමසිංහ මහතා පැවසීය.

“අද දවසේ ඉතාමත් අවාසනාවන්ත කෑගල්ල නගරයේ ප්‍රධාන පාසලක ක්‍රීඩා ගුරු උපදේශකවරයෙක් කොවිඩ් -19 රෝගී තත්ත්වයෙන් මියගියා. අපි එතුමාව දවස් ගණනාවක් දැඩි සත්කාර ඒකකයේ රඳවාගෙන ප්‍රතිකාර කරා. ඒ වගේම රඹුක්කන ප්‍රදේශයේ පාසලක විදුහල්පතිවරයෙකුත් ඉතාම අසාධ්‍ය තත්ත්වයේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබනවා. අපි ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ හැකි පමණ සංචරණය සීමා කරලා, සෞඛ්‍යාරක්ෂිතව වැඩ කටයුතු කරන ලෙසයි. මේ වන විට කෑගල්ල දිස්ත්‍රික්කයේ කොවිඩ් -19 රෝගීන් සඳහා අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථාන 6ක් පමණ සුදානම් කර තිබෙනවා. අපි පෙරේදා සිට අපි කිතුල්ගල රෝහලටත් රෝගීන් භාර ගැනීම ආරම්භ කළා. මේ සෑම ස්ථානයක්ම රෝගීන්ගෙන් පිරී ගොස් තිබෙනවා. තත්ත්වය මෙසේ පවතින නිසා අපි ජනතාවට කියනවා නැවත නැවතත් පරිස්සමින් තමන්ගේ කටයුතු කරගන්නා ලෙසය.“

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අද දහවල් පස්සරට මහා වර්ෂාවක් ඇඳ හැලුණු හැටි මෙන්න
01:22
Video thumbnail
ආණ්ඩුවට මේ පාදඩයා එක්ක තියෙන සම්බන්ධය මොකක්ද ? අගමැතිතුමිය ලැජ්ජා වෙන්න ඕනි
06:22
Video thumbnail
ශානි අබේසේකර ගෙදර යන්න
07:15
Video thumbnail
ගම්මන්පිලට යකා ආරූඪ වෙයි"මේක මගේ පොත නෙවෙයි..ව්‍යාජ එකක්"..රහස් පොලිසිය බුද්ධිමය දේපළ හොරකම් කරලා
06:03
Video thumbnail
ඩිල්කා, සුදාගෙන් මිලියන 100ක් ඉල්ලයි - Australia පොලිසියටත් පැමිණිලි
05:03
Video thumbnail
GMOA එකෙන් ඇමති නලින්දට අභියෝගයක්..ප්‍රථමයෙන්ම පැමිණිලි කරන්න ඕනි ඔයාට විරුද්ධව
11:01
Video thumbnail
මිනිස්සුන්ට බොන්න වතුරත් නැතිකරපු ආණ්ඩුවක් මේක
06:23
Video thumbnail
යතුරුපැදිකරු බරපතළ කළ බිහිසුණු අනතුර..බයික් එක කුඩේ කුඩු
01:04
Video thumbnail
විපක්ෂයට වෙන කියන්න දෙයක් නැති නිසා ගල් අඟුරු ගැන කියවන්නේ
05:03
Video thumbnail
විදුලි බිල 50%වත් වැඩි කරන්න ඕනිලු..ජනාධිපතිතුමා වැඩ බැරි ඇමතිලා ගෙදර යවන්න
01:47