ක්‍රීඩා ගුරුවරයෙක් කොවිඩ් ආසාදිතව මියයයි

කෑගල්ල ශික්ෂණ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි පාසලක ක්‍රීඩා ගුරුවරයෙක් කොවිඩ් ආසාදනය වීමෙන් ජීවිතක්ෂයට පත්වු බව දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය කුමාර් වික්‍රමසිංහ මහතා පවසයි.

වෛද්‍ය කුමාර් වික්‍රමසිංහ මහතා පවසා සිටියේ, දින ගණනාවක් දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිට අදාළ ගුරුවරයා ජීවිතක්ෂයට පත්වු බවය.

එමෙන්ම මේ වන විට රඹුක්කන ප්‍රදේශයේ පාසලක විදුහල්පතිවරයෙකු ද කොරෝනා ආසාදිතව දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන බව වෛද්‍ය කුමාර් වික්‍රමසිංහ මහතා පැවසීය.

“අද දවසේ ඉතාමත් අවාසනාවන්ත කෑගල්ල නගරයේ ප්‍රධාන පාසලක ක්‍රීඩා ගුරු උපදේශකවරයෙක් කොවිඩ් -19 රෝගී තත්ත්වයෙන් මියගියා. අපි එතුමාව දවස් ගණනාවක් දැඩි සත්කාර ඒකකයේ රඳවාගෙන ප්‍රතිකාර කරා. ඒ වගේම රඹුක්කන ප්‍රදේශයේ පාසලක විදුහල්පතිවරයෙකුත් ඉතාම අසාධ්‍ය තත්ත්වයේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබනවා. අපි ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ හැකි පමණ සංචරණය සීමා කරලා, සෞඛ්‍යාරක්ෂිතව වැඩ කටයුතු කරන ලෙසයි. මේ වන විට කෑගල්ල දිස්ත්‍රික්කයේ කොවිඩ් -19 රෝගීන් සඳහා අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථාන 6ක් පමණ සුදානම් කර තිබෙනවා. අපි පෙරේදා සිට අපි කිතුල්ගල රෝහලටත් රෝගීන් භාර ගැනීම ආරම්භ කළා. මේ සෑම ස්ථානයක්ම රෝගීන්ගෙන් පිරී ගොස් තිබෙනවා. තත්ත්වය මෙසේ පවතින නිසා අපි ජනතාවට කියනවා නැවත නැවතත් පරිස්සමින් තමන්ගේ කටයුතු කරගන්නා ලෙසය.“

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රෝහිණී පාර්ලිමේන්තුව දෙවනත් කරයි.."උද්#ච්චකම තියන් වැඩ කරන්න එපා Please"
09:17
Video thumbnail
කුකුල් කූඩුවකට රිංගූ සුදු නාගයෙකු දැඩි පරිශ්‍රමයක් දරා අල්ලාගත් හැටි.."මේකට ග#යි යකෝ ගනින් ගිහින්"
04:14
Video thumbnail
20 - 20 ලෝක කුසලානය තෙක් කණ්ඩායමේ නායකයා ලෙස දසුන් ශානකව පත්කරයි
03:05
Video thumbnail
ශාන්තිකර්මයක් කරන අස්සේ කපුවෙකුට‍ කිනිසි පෙන්නලා රත්තරං මංකොල්ල කෑ පුද්ගලයෙකුට වැඩ වරදියි
00:55
Video thumbnail
වැඩ තහනම් කෙරූ වෛද්‍ය බෙල්ලෙන බඩු මුට්ටුත් අකුලන් දොට්ට බහියී..රස්සාවක් නැතිවුණොත් මං හිඟා කනවා
02:13
Video thumbnail
අජිත්ගේ අධි නීතිඥකමක් නිසා සජිත් හර්ෂණ පාර්ලිමේන්තුවේ රත්වෙයි.."රටේ අධි නීතිඥ කියලා තනතුරක් නෑ"
03:46
Video thumbnail
පාස්කු ප්‍රහාරයට සම්පූර්ණයෙන්ම වගකියන්න ඕනේ රාජපක්ෂලා..වැස්ස නවත්තන්න ඇයි අනුර, වැහි දෙයියො ද ?
10:37
Video thumbnail
විපතට පත්වූවන්ට පිහිටවෙන්න "අප්පච්චි" එයි.."අප්පච්චි බුදුවෙන්න ඕනේ මිහිපිටට දිව්‍ය පුත්‍රයෙක්"
06:42
Video thumbnail
විශේෂ පාර්ලිමේන්තු විවාදය 2025.12.19
00:00
Video thumbnail
"ගෝඨාගේ ආණ්ඩුවට වෙච්ච දේමයි මේකට වෙන්නෙත්"වැඩ දන්නවනම් මෙහෙම ඇ#ගන්නේ නෑනේ..
08:33


?