‘ක්ලීන් ශ්‍රී ලංකා’ පිළිබදව දැනුවත් කිරීමේ වැඩසටහනක් ආරක්ෂක ලේකම්ගේ ප්‍රධනත්වයෙන්

රජය විසින් ක්‍රියාත්මක ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහනක් ආරක්ෂක ලේකම් විශ්‍රාමික එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තාගේ ප්‍රධානත්වයෙන් පැවැත් වුණා.

අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ ත්‍රිවිධ හමුදා නිලධාරීන් ඇතුළු ආරක්ෂක අමාත්‍යාංශය යටතේ ඇති අනෙකුත් ආයතන ප්‍රධානීන් සමඟ මෙම සාකච්ඡාව ඊයේ (07) පැවැත් වුණේ අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේදීයි.

මින් පෙර පවත්වන ලද හඳුන්වාදීමේ සාකච්ඡාවකින් පසු පවත්වන ලද මෙම සාකච්ඡාවේ දී ආයතන ප්‍රධානීන් තවදුරටත් දැනුවත් කිරීම සහ මෙම වැඩසටහන සමාජයට ඵලදායී ලෙස ක්‍රියාත්මක කළ හැකි ආකාරය පිළිබඳ ක්‍රියාමාර්ග හා ක්‍රමෝපායන් සබැඳිව මෙහිදී අවධානය යොමු වුණා.

සමාජීය, පාරිසරික සහ සදාචාරාත්මක පුනර්ජීවනය තුළින් සමාජය උසස් තලයකට ගෙන ඒම අරමුණු කරගත් මෙම වැඩසටහන පිළිබඳ දැනුවත් කිරීම සඳහා ජනාධිපති ලේකම් කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් කපිල බණ්ඩාර ද එක්ව සිටියා.

මෙහිදී සමාජීය වශයෙන් මෙම සංකල්පය ක්‍රියාවට නැංවීම සඳහා ආරක්‍ෂක අමාත්‍යාංශයේ කාර්යභාරය ඉටු කරන්නේ කෙසේද යන්න මෙන්ම, මෙම වැඩසටහනෙහි අරමුණු සාක්ෂාත් කර ගැනීම සඳහා ක්‍රියාකාරී මැදිහත්වීම සහ සාමාන්‍ය ජනතාවගේ සහයෝගය අත්‍යවශ්‍ය වන බැවින්, අපේක්‍ෂිත ප්‍රතිඵල වඩාත් හොඳින් ලබාගත හැකි ආකාරය පිළිබඳව ත්‍රිවිධ හමුදාපතිවරුන්, අමාත්‍යංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් එක්ව ඵලදායී සාකච්ඡාවක නිරත වුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
2
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කතාව අස්සේ අර්චුනාට ආ කෑම ප්‍රශ්නය.."මොන මඟුල් පාර්ලිමේන්තුවක්ද මේක..කෑම නෑ පාර්ලිමේන්තුවේ
01:19
Video thumbnail
"මෙරට සිදුවූ සෑම ව්‍යසනයකදීම සාක්ෂිකාරයින් වුණේ පොලිසිය"වැටිච්ච තැනින් නැගිටින්න මේ හොඳම අවස්ථාව
10:21
Video thumbnail
විමල් වීරවංශ අපේ නායකයා හිටියනම් අද එක්කෝ ජනාධිපති නැත්තම් අගමැති වෙන්න තිබුණා
10:22
Video thumbnail
රෝහිණී පාර්ලිමේන්තුව දෙවනත් කරයි.."උද්#ච්චකම තියන් වැඩ කරන්න එපා Please"
09:17
Video thumbnail
කුකුල් කූඩුවකට රිංගූ සුදු නාගයෙකු දැඩි පරිශ්‍රමයක් දරා අල්ලාගත් හැටි.."මේකට ග#යි යකෝ ගනින් ගිහින්"
04:14
Video thumbnail
20 - 20 ලෝක කුසලානය තෙක් කණ්ඩායමේ නායකයා ලෙස දසුන් ශානකව පත්කරයි
03:05
Video thumbnail
ශාන්තිකර්මයක් කරන අස්සේ කපුවෙකුට‍ කිනිසි පෙන්නලා රත්තරං මංකොල්ල කෑ පුද්ගලයෙකුට වැඩ වරදියි
00:55
Video thumbnail
වැඩ තහනම් කෙරූ වෛද්‍ය බෙල්ලෙන බඩු මුට්ටුත් අකුලන් දොට්ට බහියී..රස්සාවක් නැතිවුණොත් මං හිඟා කනවා
02:13
Video thumbnail
අජිත්ගේ අධි නීතිඥකමක් නිසා සජිත් හර්ෂණ පාර්ලිමේන්තුවේ රත්වෙයි.."රටේ අධි නීතිඥ කියලා තනතුරක් නෑ"
03:46
Video thumbnail
පාස්කු ප්‍රහාරයට සම්පූර්ණයෙන්ම වගකියන්න ඕනේ රාජපක්ෂලා..වැස්ස නවත්තන්න ඇයි අනුර, වැහි දෙයියො ද ?
10:37


?