‘ක්ලීන් ශ්‍රී ලංකා’ පිළිබදව දැනුවත් කිරීමේ වැඩසටහනක් ආරක්ෂක ලේකම්ගේ ප්‍රධනත්වයෙන්

රජය විසින් ක්‍රියාත්මක ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහනක් ආරක්ෂක ලේකම් විශ්‍රාමික එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තාගේ ප්‍රධානත්වයෙන් පැවැත් වුණා.

අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ ත්‍රිවිධ හමුදා නිලධාරීන් ඇතුළු ආරක්ෂක අමාත්‍යාංශය යටතේ ඇති අනෙකුත් ආයතන ප්‍රධානීන් සමඟ මෙම සාකච්ඡාව ඊයේ (07) පැවැත් වුණේ අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේදීයි.

මින් පෙර පවත්වන ලද හඳුන්වාදීමේ සාකච්ඡාවකින් පසු පවත්වන ලද මෙම සාකච්ඡාවේ දී ආයතන ප්‍රධානීන් තවදුරටත් දැනුවත් කිරීම සහ මෙම වැඩසටහන සමාජයට ඵලදායී ලෙස ක්‍රියාත්මක කළ හැකි ආකාරය පිළිබඳ ක්‍රියාමාර්ග හා ක්‍රමෝපායන් සබැඳිව මෙහිදී අවධානය යොමු වුණා.

සමාජීය, පාරිසරික සහ සදාචාරාත්මක පුනර්ජීවනය තුළින් සමාජය උසස් තලයකට ගෙන ඒම අරමුණු කරගත් මෙම වැඩසටහන පිළිබඳ දැනුවත් කිරීම සඳහා ජනාධිපති ලේකම් කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් කපිල බණ්ඩාර ද එක්ව සිටියා.

මෙහිදී සමාජීය වශයෙන් මෙම සංකල්පය ක්‍රියාවට නැංවීම සඳහා ආරක්‍ෂක අමාත්‍යාංශයේ කාර්යභාරය ඉටු කරන්නේ කෙසේද යන්න මෙන්ම, මෙම වැඩසටහනෙහි අරමුණු සාක්ෂාත් කර ගැනීම සඳහා ක්‍රියාකාරී මැදිහත්වීම සහ සාමාන්‍ය ජනතාවගේ සහයෝගය අත්‍යවශ්‍ය වන බැවින්, අපේක්‍ෂිත ප්‍රතිඵල වඩාත් හොඳින් ලබාගත හැකි ආකාරය පිළිබඳව ත්‍රිවිධ හමුදාපතිවරුන්, අමාත්‍යංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් එක්ව ඵලදායී සාකච්ඡාවක නිරත වුණා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජනපති හමුවෙන්න ආ අමුත්තා - ජනපති හිනාවෙලා පිළිගත්ත හැටි
01:22
Video thumbnail
මාලිමාවේ සාගරිකා සහ තුෂාරි රටේ දැවෙන ප්‍රශ්නයට දුන් පිළිතුර - ජනතාව අපිට ජන වරමක් දුන්නා
04:39
Video thumbnail
බිමල්ගේ සැර කතාවෙන් විපක්ෂය හාන්සිවෙයි - CID එකේ ප්‍රධානියා පැලවත්තේ හිටපු කෙනෙක් නෙවෙයි
14:57
Video thumbnail
විනිසුරු විශ්‍රාම වයස වැඩි කිරීම ගැන ලක්මාලි දුන් සැර පිළිතුර - ස්වාධීනත්වයට කිසි තර්ජනයක් වෙන්නේ නෑ
07:36
Video thumbnail
ජනපති ප්‍රධානත්වයෙන් පැවති ආරක්ෂක අමාත්‍යාංශයේ සාකච්ඡාව
01:24
Video thumbnail
CIDට තමන්ගෙ හෙංචයියෝ දාගෙන අපිට යන්නලු..ලැජ්ජයිනේ - ලක්මාලිට කට උත්තර නැතිකල විපක්ෂය
06:52
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.08.05
07:35:02
Video thumbnail
ප්‍රසාද් සර් නැගිටලා ආණ්ඩුවට රිදෙන්න දෙයි - මහින්දත් ගෙදර ගියා නම් අනුර යන එක සිම්පල්
09:37
Video thumbnail
ඔන්න ඕක පහළට දාන්නකෝ..ඕවා ගන්න එපා - අකිල වෙනුවෙන් ආ ප්‍රබලයෝ කිව්ව දේ
01:37
Video thumbnail
අකිල මාංචුත් දාගෙන බන්ධනාගාර බසයෙන් ගිය හැටි
01:13