ක්ලිනික් ගිහින් එන දෙදරු පියා බස් රථයේදී ජීවිතක්ෂයට (ඡායාරූප)

මහනුවර ශික්ෂණ රෝහලේ පැවැත්වෙන සායනයකට ගොස් යළි නිවස කරා බස් රථයෙන් ගමන් කරමින් සිටි දෙදරු පියෙකු බස් රථය තුලදීම ජීවිතක්ෂයට පත් වී තිබෙනවා.

මෙලෙස මියගොස් ඇත්තේ දික්ඔය බටල්ගල ඉහළ කොටසේ පදිංචි පුද්ගලයෙක්.

ජීවිතක්ෂයට පත් පුද්ගලයා ත්‍රී රෝද රථ රියදුරෙකු ලෙස කටයුතු කරන අයෙක් වන අතර ඔහු බෝ නොවන රෝගයක් සම්බන්ධයෙන් මාසයකට වරක් මහනුවර ශික්ෂණ රෝහලේ සායන කටයුතුවලට යන බව සඳහන්.

ඊයේ (19) නිවසින් පිට වූ ඔහු අද උදෑසන සායන කටයුතුවලට සහභාගි වී හැටන් සිට පොඩයිස් දක්වා ධාවනය වන පෞද්ගලික බස් රථයකින් නිවෙස බලා ගමන් කරමින් සිටියදී මෙලෙස බස් රථය තුල ජීවිතක්ෂයට පත්ව ඇති බවයි අනාවරණ වී ඇත්තේ.

මෙම පුද්ගලයා බස් රථයෙන් බැස නොයෑම සම්බන්ධයෙන් සැක සිතු සෙසු මගීන් ඒ පිළිබඳ රියදුරා සහ කොන්දොස්තරවරයා දැනුවත් කිරීමෙන් පසු කළ පරීක්ෂාවේදීයි ඔහු මියගොස් ඇති බවට තහවුරු වී ඇත්තේ.

හැටන් පොලිසියේ උපදෙස් පරිදි මියගිය දෙදරු පියාගේ සිරුර එම බස් රථයෙන්ම දික්ඔය මූලික රෝහල වෙත රැගෙන ගොස් භාර දී තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් හැටන් පොලිසියයි පරීක්ෂණ සිදු කරනු ලබන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
0
+1
0
+1
3
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බලංගොඩ පාසලක් වසා දැමූ දළඹු ආක්‍රමණය..හැම තැනම දළඹුවෝ..
02:44
Video thumbnail
පාර්ලිමේන්තුව සජීවීව - 03.03.2026
07:51:30
Video thumbnail
"හුන්ඩු ජනපතිගේ හිතේ තියෙන්නේ හුන්ඩු ගතිය" අජිත් පාර්ලිමේන්තුව දෙවනත් කරයි
12:13
Video thumbnail
මැද පෙරදිග යුද්ධය නිසා සංචාරක කර්මාන්තයෙන් සතියකට ඩොලර් මිලියන 10ක් අහිමි වෙනවා
03:05
Video thumbnail
රෑට රෑට ගෙවල්වලට පනින හොරෙක් නිසා ගමක් බියෙන්
01:09
Video thumbnail
මැද පෙරදිග යුද්ධය නිසා ජගත්ට යකා නගියි..ගල් අඟුරු ප්‍රශ්නය මේකෙන් යට ය‍යිද ?
01:47
Video thumbnail
කාන්තාවකට දිවි අහිමි කරලා පළා යමින් සිටි යතුරුපැදිකරු අනතුරකින් රෝහලට
03:21
Video thumbnail
සජබය රජයට සහය දෙන්න සූදානම් ?..මේ වෙලාවේ අපි ඉන්න ඕනී රටක් විදියට එකට
01:45
Video thumbnail
අපිට අත තිබ්බොත් ආණ්ඩුවට අඳුරුතම පැය 72කට මුහුණ දෙන්න වෙයි
02:49
Video thumbnail
අපි කියන්න ඕන දේ විපක්ෂය අපිට කියලා දෙන්න ඕනේ නෑ
14:44