ක්ලබ් වසන්ත ඝාතනයට ප්‍රවාහන පහසුකම් දුන් සැකකරුවන් දෙදෙනා අගෝස්තු 05 තෙක් සිපිරිගෙට

සන්හිල් අධිපති ‘ක්ලබ් වසන්ත’ නොහොත් සුරේන්ද්‍ර වසන්ත පෙරේරා ඝාතනයට සහාය දක්වමින්, වෙඩික්කරුවන්ට පලා යාමට උදව් කළ වෑන් රථයේ රියදුරු සහ බස් රථයේ රියදුරු රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කර තිබෙනවා.

අද (24) දහවල් මෙම සැකකරුවන් දෙදෙනා කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි විනිසුරුවරයා විසින් අදාළ නියෝගය නිකුත් කරනු ලැබුවේ.

මෙම සැකකරුවන් දෙදෙනා ඊයේ (23) රාත්‍රී කාලයේ දී බස්නාහිර පළාත භාර පොලිස් කොට්ඨාසයෙන් අදාළ ඝාතනය සම්බන්ධයෙන් මෙහෙයුම් සඳහා යොදවනු ලැබූ විශේෂ පොලිස් කණ්ඩායමක් විසින් බත්තරමුල්ල සහ අතුරුගිරියේ දී මොවුන් ව අත්අඩංගුවට ගනු ලැබුවා.

ඒ අනුව මෙම සැකකරුවන් දෙදෙනා ව අගෝස්තු මස 05 තෙක් රක්ෂිත බන්ධනාගාරගත කර තැබෙනු ඇති.

මීට අමතරව ක්ලබ් වසන්ත ඝාතනයට අත්අඩංගුවට ගත් ටැටූ හලේ හිමිකරු ඇතුළු සෙසු සැකකරුවන් 07 දෙනා ද එළඹෙන අගෝස්තු මස 05 වැනි දින තෙක් රක්ෂිත බන්ධනාගාරගත කර තැබීමටයි අධිකරණයෙන් මීට පෙර නියෝග හිමිවූයේ.

පසුගිය 08 වැනි දා උදෑසන 10ට පමණ අතුරුගිරියේ ටැටූ හලක් විවෘත කිරීමට ක්ලබ් වසන්ත ඇතුළු ඔහුගේ සගයින් පිරිසක් එක් වූ අතර; එහිදී නාඳුනන තුවක්කුකරුවන් දෙදෙනකු එල්ල කළ වෙඩි පහරින් ක්ලබ් වසන්ත සහ නයන වාසුල නමැත්තෙකු ජීවිතක්ෂයට පත් වුණා.

එමෙන්ම මෙරට ජනප්‍රිය ගායිකාවක් වන කේ. සුජීවා, ටැටූ හලේ හිමිකරුගේ බිරිඳ සහ ක්ලබ් වසන්තගේ බිරිඳ ද බරපතළ තුවාල ලබා රෝහල්ගත කෙරුණා.

මෙම ඝාතනය මේ වනවිට ප්‍රංශයේ සැඟවී සිටින පාතාල කල්ලි නායක කංජි පානි ඉම් රාන්ගේ සහ ඩුබායි හි රැඳී සිටින ලොකු පැටීගේ ආධාර හා උපදෙස් මත සිදු වූ පෞද්ගලික ආරවුලක් මත සිදු වූවක් බවටයි හෙළි ව ඇත්තේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මන්ත්‍රී කොට්ටහච්චිට මුජිබුර්ගෙන් සැර කින්ඩියක්.."අගමැතිට අපහාස කරන්නේ එයාලගේ මන්ත්‍රීලා තමයි"
04:18
Video thumbnail
ඉපලෝගම OIC තමන්ගේ නිල නිවසේදී කතකට කළ අපරාධය.."මගේ නළල ඉඹලා මාව Room එකට අරන් ගියා"
28:13
Video thumbnail
හරිනි ඇමතිට බබා වෙන්න බෑ..හත්පොළේ ගාගෙන ඉවරයි..විමල්, මල්වතු නාහිමි බැහැදැකලා කිව්ව දේ
10:33
Video thumbnail
නාමල්, නලින් හඳුන්ගොඩගේ දේහයට අවසන් ගෞරව දක්වන්න එයි..නාමල් සංවේදි වෙයි
02:09
Video thumbnail
බොරැල්ලේ උණුසුම් තත්ත්වයක්.."බෝ#බ ගෙනාපු අය නිදැල්ලේ..පරීක්‍ෂණ යට ගැ#වා"
09:05
Video thumbnail
අම්මා කෙනෙක් හැටියට කොට්ටහච්චි ලැජ්ජා වෙන්න ඕනි..සුගීෂ්වර හොඳම එකෙන් දෙසයි
03:58
Video thumbnail
නාමල්ගෙන් ජනපති අනුරට සත්තමක්..සජබ - එපාජ එකතු වුණොත් පොහොට්ටුවත් එකතු වෙන්න ලෑස්තියි..?
04:13
Video thumbnail
කාලගුණය ගැන විශේෂ අනාවරණයක්
02:55
Video thumbnail
අසේල, කොට්ටහච්චිට හොඳම එකෙන් අමතයි.."මතුගමට උගණ්ඩා කුමරි අගමැතිව දොට්ට දාන සැලැස්ම ඉක්මන් කළා"
03:08
Video thumbnail
මෑත ඉතිහාසයේ වාර්තා කරපු ඉහළම ආදායම වාර්තා කළා..2026 වර්ෂය තීරණාත්මක වසරක් වෙනවා කියලා විශ්වාසයි..
07:09


?