ක්ලබ් වසන්ත ඝාතනයට ප්‍රවාහන පහසුකම් දුන් සැකකරුවන් දෙදෙනා අගෝස්තු 05 තෙක් සිපිරිගෙට

සන්හිල් අධිපති ‘ක්ලබ් වසන්ත’ නොහොත් සුරේන්ද්‍ර වසන්ත පෙරේරා ඝාතනයට සහාය දක්වමින්, වෙඩික්කරුවන්ට පලා යාමට උදව් කළ වෑන් රථයේ රියදුරු සහ බස් රථයේ රියදුරු රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කර තිබෙනවා.

අද (24) දහවල් මෙම සැකකරුවන් දෙදෙනා කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි විනිසුරුවරයා විසින් අදාළ නියෝගය නිකුත් කරනු ලැබුවේ.

මෙම සැකකරුවන් දෙදෙනා ඊයේ (23) රාත්‍රී කාලයේ දී බස්නාහිර පළාත භාර පොලිස් කොට්ඨාසයෙන් අදාළ ඝාතනය සම්බන්ධයෙන් මෙහෙයුම් සඳහා යොදවනු ලැබූ විශේෂ පොලිස් කණ්ඩායමක් විසින් බත්තරමුල්ල සහ අතුරුගිරියේ දී මොවුන් ව අත්අඩංගුවට ගනු ලැබුවා.

ඒ අනුව මෙම සැකකරුවන් දෙදෙනා ව අගෝස්තු මස 05 තෙක් රක්ෂිත බන්ධනාගාරගත කර තැබෙනු ඇති.

මීට අමතරව ක්ලබ් වසන්ත ඝාතනයට අත්අඩංගුවට ගත් ටැටූ හලේ හිමිකරු ඇතුළු සෙසු සැකකරුවන් 07 දෙනා ද එළඹෙන අගෝස්තු මස 05 වැනි දින තෙක් රක්ෂිත බන්ධනාගාරගත කර තැබීමටයි අධිකරණයෙන් මීට පෙර නියෝග හිමිවූයේ.

පසුගිය 08 වැනි දා උදෑසන 10ට පමණ අතුරුගිරියේ ටැටූ හලක් විවෘත කිරීමට ක්ලබ් වසන්ත ඇතුළු ඔහුගේ සගයින් පිරිසක් එක් වූ අතර; එහිදී නාඳුනන තුවක්කුකරුවන් දෙදෙනකු එල්ල කළ වෙඩි පහරින් ක්ලබ් වසන්ත සහ නයන වාසුල නමැත්තෙකු ජීවිතක්ෂයට පත් වුණා.

එමෙන්ම මෙරට ජනප්‍රිය ගායිකාවක් වන කේ. සුජීවා, ටැටූ හලේ හිමිකරුගේ බිරිඳ සහ ක්ලබ් වසන්තගේ බිරිඳ ද බරපතළ තුවාල ලබා රෝහල්ගත කෙරුණා.

මෙම ඝාතනය මේ වනවිට ප්‍රංශයේ සැඟවී සිටින පාතාල කල්ලි නායක කංජි පානි ඉම් රාන්ගේ සහ ඩුබායි හි රැඳී සිටින ලොකු පැටීගේ ආධාර හා උපදෙස් මත සිදු වූ පෞද්ගලික ආරවුලක් මත සිදු වූවක් බවටයි හෙළි ව ඇත්තේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14