ක්ලබ් වසන්තගේ ඝාතනය ඇල්ලූ වෙඩික්කරු ඇතුළු තිදෙනා රඳවාගෙන ප්‍රශ්න කිරීමට අවසර

ව්‍යාපාරික සුරේන්ද්‍ර වසන්ත පෙරේරා නොහොත් ක්ලබ් වසන්ත ඇතුළු තවත් පුද්ගලයෙක් වෙඩි තබා ඝාතනය කළ සිද්ධියට ඊයේ (23) අත්අඩංගුවට ගත්, වෙඩික්කරු ඇතුළු සැකකරුවන් තිදෙනා රඳවා තබාගෙන ප්‍රශ්න කිරීමට අධිකරණය අවසර ලබා දී තිබෙනවා.

ඒ, අනුව සැකකරුවන් තිදෙනාව පැය 72ක කාලයක් රඳවාගෙන ප්‍රශ්න කිරීමටයි අධිකරණයේ අවසරය හිමිව ඇත්තේ.

ක්ලබ් වසන්ත ඇතුළු දෙදෙනෙකු වෙඩිතබා ඝාතනය කළ සිද්ධිය සම්බන්ධයෙන් ත්‍රස්ත මර්දන කොට්ඨාසය මගින් මෙම සැකකරුවන් ඊයේ අත්අඩංගුවට ගැනුණා.

දෙහිවල කවුඩාන ප්‍රදේශයේ දී ඔවුන් තිදෙනාව අත්අඩංගුවට ගැනුණු අතර, ඝාතනය සිදු වූ අතුරුගිරිය ප්‍රදේශයේ ටැටූ මධ්‍යස්ථානයේ තිබී සොයාගත් KPI ලෙස සඳහන් උණ්ඩවලට සමාන KPI ලෙස සඳහන් කළ ජීව උණ්ඩ 12ක් සැකකරුවන් සතුව තිබී සොයාගත් බවයි පොලීසිය සඳහන් කළේ.

අතුරුගිරිය ප්‍රදේශයේ ටැටූ මධ්‍යස්ථානයක් තුළ දී ක්ලබ් වසන්ත නමැත්තා ඇතුළු පුද්ගලයින් දෙදෙනෙක් පසුගිය ජුලි මස 08 වනදා වෙඩි තබා ඝාතනය කෙරුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
3
+1
0
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?