ක්ලබ් වසන්තගේ ඝාතනය ඇල්ලූ වෙඩික්කරු ඇතුළු තිදෙනා රඳවාගෙන ප්‍රශ්න කිරීමට අවසර

ව්‍යාපාරික සුරේන්ද්‍ර වසන්ත පෙරේරා නොහොත් ක්ලබ් වසන්ත ඇතුළු තවත් පුද්ගලයෙක් වෙඩි තබා ඝාතනය කළ සිද්ධියට ඊයේ (23) අත්අඩංගුවට ගත්, වෙඩික්කරු ඇතුළු සැකකරුවන් තිදෙනා රඳවා තබාගෙන ප්‍රශ්න කිරීමට අධිකරණය අවසර ලබා දී තිබෙනවා.

ඒ, අනුව සැකකරුවන් තිදෙනාව පැය 72ක කාලයක් රඳවාගෙන ප්‍රශ්න කිරීමටයි අධිකරණයේ අවසරය හිමිව ඇත්තේ.

ක්ලබ් වසන්ත ඇතුළු දෙදෙනෙකු වෙඩිතබා ඝාතනය කළ සිද්ධිය සම්බන්ධයෙන් ත්‍රස්ත මර්දන කොට්ඨාසය මගින් මෙම සැකකරුවන් ඊයේ අත්අඩංගුවට ගැනුණා.

දෙහිවල කවුඩාන ප්‍රදේශයේ දී ඔවුන් තිදෙනාව අත්අඩංගුවට ගැනුණු අතර, ඝාතනය සිදු වූ අතුරුගිරිය ප්‍රදේශයේ ටැටූ මධ්‍යස්ථානයේ තිබී සොයාගත් KPI ලෙස සඳහන් උණ්ඩවලට සමාන KPI ලෙස සඳහන් කළ ජීව උණ්ඩ 12ක් සැකකරුවන් සතුව තිබී සොයාගත් බවයි පොලීසිය සඳහන් කළේ.

අතුරුගිරිය ප්‍රදේශයේ ටැටූ මධ්‍යස්ථානයක් තුළ දී ක්ලබ් වසන්ත නමැත්තා ඇතුළු පුද්ගලයින් දෙදෙනෙක් පසුගිය ජුලි මස 08 වනදා වෙඩි තබා ඝාතනය කෙරුණා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජනපති යද්දි තුවක්කු එකතු කළේ ගිනිපෙට්ටිවලින් බෝම්බ ග#නවා කිව්ව නිසාද ?
01:36
Video thumbnail
අර්චුනා හදිසියේම ලයිව් ඇවිත් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් කරයි
09:44
Video thumbnail
පුස් බැදුණු කෑම විකුණන තලවතුගොඩ සුපිරි වෙළඳසැල..මෙන්න පැටිකිරිය එළියට
05:29
Video thumbnail
වගුරු බිමක කසිප්පු පෙරමින් සිටි පුද්ගලයෙක් පොලිසියට කොටුවෙයි
01:29
Video thumbnail
හරි ලස්සනට අහස් යාත්‍රාවලින් බොරු දෙකක් හැදුවා..නාමල් මේකෙනුත් නිර්දෝෂි වෙනවා
01:43
Video thumbnail
නාමල්ගේ ආරක්ෂාවට තර්ජනයක් - පොහොට්ටුවෙන් පැමිණිල්ලක්..නාමල් එන බසයේ Photo සමාජ මාධ්‍යයේ දානවා
04:43
Video thumbnail
හරිත පත්‍රිකාව දේශපාලන පක්ෂ සියල්ලටම ලබා දීලා තියෙන්නේ
02:30
Video thumbnail
අලුතින් හදපු කොන්ක්‍රීට් පාරට මාස 6ක් යන්න කළින් වුණ දේ..
02:51
Video thumbnail
විසඳුම් නොලැබුනොත් සිකුරාදා සිට තෙල් බෙදන්නේ නෑ ?පෞද්ගලික ටැංකි රථ හිමියන්ගෙන් රතු එළියක්
04:58
Video thumbnail
හැමදාම කරන්නේ වැස්සට ඉස්කෝලේ වහනවා - අනුරුද්ධ කුමාර ජාතික පාසලේ දෙමාපියන් කුපිත වී මහ පාරට බහියි
06:02