AFC Banner
AFC Banner
Empty Ad

ක්‍රීඩා පිටියට කඩාවැදී කෝලිව වැළඳගත් ප්‍රේක්ෂකයා අත්අඩංගුවට (වීඩියෝ)

සංචාරක ඇෆ්ගනිස්ථාන සහ ඉන්දියාව අතර දෙවන විස්සයි විස්ස තරගය ඊයේ (14) ඉන්දෝර් හිදී පැවැත් වුණා.

දෙරට අතර පැවති මෙම තරගය කඩුලු 06 කින් ජයගන්නට ඉන්දීය කණ්ඩායමට හැකියාව ලැබුණා.

මේ අතර තරගය අතර තුර පිටියේ පන්දු රකිමින් සිටි ඉන්දීය ක්‍රීඩක විරාට් කෝලි අසළට පැමිණි ප්‍රේක්ෂකයෙක් අත්අඩංගුවට ගැනීමට පොලිසිය කටයුතු කර තිබෙනවා.

ක්‍රීඩාංගණයේ පැවති ආරක්ෂාව කඩකරමින් ක්‍රීඩා පිටියට ඇතුළු වූ මෙම ප්‍රේක්ෂකයා කෝලිගේ දෙපා ස්පර්ශ කර ඔහුව වැළඳගන්නා ආකාරය දැකගත හැකි වුණා.

පසුව ඔහුව වහාම ක්‍රීඩා පිටියෙන් ඉවත් කිරීමට අසළ සිටි නිලධාරීන් සහ ආරක්ෂක අංශ කටයුතු කළ අතර, ඉන් අනතුරුව ඔහුව අත්අඩංගුවට ගැනීමටයි ඉන්දෝර් පොලිසිය කටයුතු කර ඇත්තේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
2
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?