ක්‍රීඩාවෙන් ශූරත්වය පෙන්වූ මැති – ඇමතිවරුන්ට අගමැතිනියගෙන් සම්මාන

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ වාර්ෂික ගෘහස්ථ ක්‍රීඩා තරගාවලියේ ජය සංකේත සහ සහතික පත් ප්‍රදානය අග්‍රාමාත්‍ය ආචාර්‍යය හරිනි අමරසූරිය සහ කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්නගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණා.

5 වැනි වරටත් සංවිධානය කළ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ වාර්ෂික ගෘහස්ථ ක්‍රීඩා තරගාවලිය සංවිධානය කර තිබුණේ ක්‍රීඩා නියෝජ්‍ය අමාත්‍ය සුගත් තිලකරත්න සහ පාර්ලිමේන්තු මන්ත්‍රී නලීන් බණ්ඩාර යන මහත්වරුන්ගේ මූලිකත්වයෙන්, පාර්ලිමේන්තුවේ වේත්‍රධාරී දෙපාර්තමේන්තුවේ සහාය ඇතිව මෙම තරගාවලිය සංවිධානය කර තිබූ බවයි වාර්තා වන්නේ.

ගෘහස්ථ ක්‍රීඩා ඉසව් 07 ක් යටතේ පැවති තරගාවලියේ ස්නූකර් තරග ඉසව්වේ අවසන් තරගය මෙහිදී අග්‍රාමාත්‍යවරිය සහ කතානායකවරයා ඉදිරියේ දී පැවැත්වුණා.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ඩී.වී චානක සහ රෝහණ බණ්ඩාර යන මහත්වරුන් අතර පැවති මෙම තරගය
ජයගත් ඩී.වී චානක මහතාට මෙහිදී ස්නූකර් තරග අංශයේ ශූරතාව හිමිවූ අතර ප්‍රදර්ශනාත්මක මිශ්‍ර යුගල මේස පන්දු තරගයේ ජය නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ සහ නීතිඥ නිලන්ති කොට්ටහච්චි යන මහත්ම මහත්මීන් හිමිකර ගත්තා.

අනෙක් යුගලය ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් වන වරුණ ලියනගේ සහ නීතිඥ චමින්ද්‍රාණී කිරිඇල්ල යන මහත්ම මහත්මීන් තරගයට එක්ව සිටියා.

තරගාවලියේ දාම් තරග අංශයේ ශූරතාව පාර්ලිමේන්තු මන්ත්‍රී ඩබ්.එච්.එම් ධර්මසේන මහතා දිනාගැනීමට සමත් වුණා.

එහි අනුශූරතාව පාර්ලිමේන්තු මන්ත්‍රී බී. ආරියවංශ මහතා විසින් දිනා ගත්තා.

මේසපන්දු (පිරිමි) තරග අංශයේ ශූරතාව පාර්ලිමේන්තු මන්ත්‍රී වරුණ ලියනගේ මහතාට ද අනුශූරතාව පාර්ලිමේන්තු මන්ත්‍රී රුවන්තිලක ජයකොඩි මහතාට ද හිමි වූ බවයි පැවසෙන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
5
+1
0
+1
6
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බස්වලට නැගලා සද්දේ දාන සිඟිති පාතාලේ - මූණ කු#ඩුවෙන්න දෙන්නේ
01:55
Video thumbnail
රනිල් බුද්ධ ශාසන ඇමතිව අගය කරයි
04:54
Video thumbnail
රනිල් - මහින්ද - මෛත්‍රී - ගෝඨා එකට රැස්වෙයි
02:15
Video thumbnail
ශ්‍රී මහ බෝධියට ජන ගඟක් ගලාගෙන එයි
01:15
Video thumbnail
බෙල්ලන්විල රජමහ විහාරය සිල් සුවඳින් පිරී යයි
01:08
Video thumbnail
'ස්ට්‍රෙන්ත් ඇන්ඩ් හාමනි' සම්මානය දිනා හංසනා දිවයිනට
00:44
Video thumbnail
දෙල්ගොඩ කර්මාන්ත ශාලාවක ලොකු ගින්නක්
02:46
Video thumbnail
ප්‍රබලයින්ගේ වීඩියෝ සෙට් එකක්ම ලීක් වෙයි ? නාමල් රාජපක්ෂ මේක කිව්වට ඒ කාලේ උත්තර දුන්නේ නෑ
10:46
Video thumbnail
අපිට සල්ලි වෙලාවට ලැබිලා තියෙනවා..ඕවා කට කතා..මැටි ගෙයක් වෙනුවට දැන් තට්ටු දෙකේ ගෙයක්
04:50
Video thumbnail
සජිත්ට දේදුන්න පෙන්නන්න එපා..දැක්ක ගමන් පොරට සමලිංගික නැමියාවක් එනවා
19:37


?