ක්‍රීඩාවෙන් ශූරත්වය පෙන්වූ මැති – ඇමතිවරුන්ට අගමැතිනියගෙන් සම්මාන

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ වාර්ෂික ගෘහස්ථ ක්‍රීඩා තරගාවලියේ ජය සංකේත සහ සහතික පත් ප්‍රදානය අග්‍රාමාත්‍ය ආචාර්‍යය හරිනි අමරසූරිය සහ කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්නගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණා.

5 වැනි වරටත් සංවිධානය කළ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ වාර්ෂික ගෘහස්ථ ක්‍රීඩා තරගාවලිය සංවිධානය කර තිබුණේ ක්‍රීඩා නියෝජ්‍ය අමාත්‍ය සුගත් තිලකරත්න සහ පාර්ලිමේන්තු මන්ත්‍රී නලීන් බණ්ඩාර යන මහත්වරුන්ගේ මූලිකත්වයෙන්, පාර්ලිමේන්තුවේ වේත්‍රධාරී දෙපාර්තමේන්තුවේ සහාය ඇතිව මෙම තරගාවලිය සංවිධානය කර තිබූ බවයි වාර්තා වන්නේ.

ගෘහස්ථ ක්‍රීඩා ඉසව් 07 ක් යටතේ පැවති තරගාවලියේ ස්නූකර් තරග ඉසව්වේ අවසන් තරගය මෙහිදී අග්‍රාමාත්‍යවරිය සහ කතානායකවරයා ඉදිරියේ දී පැවැත්වුණා.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ඩී.වී චානක සහ රෝහණ බණ්ඩාර යන මහත්වරුන් අතර පැවති මෙම තරගය
ජයගත් ඩී.වී චානක මහතාට මෙහිදී ස්නූකර් තරග අංශයේ ශූරතාව හිමිවූ අතර ප්‍රදර්ශනාත්මක මිශ්‍ර යුගල මේස පන්දු තරගයේ ජය නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ සහ නීතිඥ නිලන්ති කොට්ටහච්චි යන මහත්ම මහත්මීන් හිමිකර ගත්තා.

අනෙක් යුගලය ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් වන වරුණ ලියනගේ සහ නීතිඥ චමින්ද්‍රාණී කිරිඇල්ල යන මහත්ම මහත්මීන් තරගයට එක්ව සිටියා.

තරගාවලියේ දාම් තරග අංශයේ ශූරතාව පාර්ලිමේන්තු මන්ත්‍රී ඩබ්.එච්.එම් ධර්මසේන මහතා දිනාගැනීමට සමත් වුණා.

එහි අනුශූරතාව පාර්ලිමේන්තු මන්ත්‍රී බී. ආරියවංශ මහතා විසින් දිනා ගත්තා.

මේසපන්දු (පිරිමි) තරග අංශයේ ශූරතාව පාර්ලිමේන්තු මන්ත්‍රී වරුණ ලියනගේ මහතාට ද අනුශූරතාව පාර්ලිමේන්තු මන්ත්‍රී රුවන්තිලක ජයකොඩි මහතාට ද හිමි වූ බවයි පැවසෙන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
5
+1
0
+1
6
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පවතින කාලගුණයෙන් හැමෝම පරිස්සම් වෙන්න..ගස් කඩා වැටීම් වෙන්න පුළුවන්
03:24
Video thumbnail
ජල කප්පාදු කරන කාලය පැය කිහිපයකින් අඩු කරනවා..අප්‍රේල් මාසයට අවශ්‍ය ජල ප්‍රමාණය තියෙනවා
08:43
Video thumbnail
අනතුරකින් පාදයේ ආබාධයකයට ලක්වූ සෙබඩකට පිහිටට ආ තරුණ යුවළ
01:01
Video thumbnail
වියළි කාලගුණය හමුවේ ගාල්ලේ දැන් තත්ත්වය
00:54
Video thumbnail
බලශක්ති ඇමතිගේ පොටෝ එකක් අරන් ගමක් දෙවනත් කළ පන්දම් විරෝධතාව..පච අනුර එදා කිව්වේ බොරු..
08:33
Video thumbnail
වැඩ වර්ජනය නිසා මිනිසුන්ගේ රතු කට්ට පනියි..ඡන්දේ දීලා අපි විදින දුකක්..මාසෙකට කීයක් Strike කරනවද
03:43
Video thumbnail
PHI සෙට් එකක් අත්‍යවශ්‍ය ආහාර ගබඩා සහ වෙළඳසැල්වලට ඇවිත් දුන්න ෆුල් සුද්දය
03:58
Video thumbnail
"Private ගන්න සල්ලි නෑනේ මහත්තයෝ"..වෛද්‍ය වැඩ වර්ජනය හේතුවෙන් රෝගීන් දැඩි අපහසුතාවයට
01:44
Video thumbnail
වියළි කාලගුණය හමාර කරමින් බුත්තලට සහ මොණරාගලට තද වැසි
00:58
Video thumbnail
"අඩේ..අඩේ..ඉක්මනට ඇතුළට ඇදහන් බන්" යතුරුපැදියක් - ලොරියක වැදී සිදුවූ බිහිසුණු අනතුර
01:29