ක්‍රිස්ටියන් අට්සුගේ නිසල සිරුර තුර්කියේ සුන්බුන් අතරින් සොයා ගැනේ

තුර්කියට සහ සිරියාවට බලපෑ ප්‍රබල භූ කම්පනය හේතුවෙන් මේ වනවිය මියගිය සංඛ්‍යාව 45,000 ඉක්මවා ගොස් ඇති බව වාර්තා වනවා.

මේ අතර භූ කම්පනයට හසුව අතුරුදන්ව සිටි ඝානා පාපන්දු ක්‍රීඩක ක්‍රිස්ටියන් අට්සුගේ මළ සිරුර හමුවී ඇති බව බී.බී.සී. පුවත් සේවය වාර්තා කළා.

ඔහු රැඳී සිටි නිවසේ සුන්බුන් යට තිබී සිරුර හමුවූ බවයි අට්සුගේ නියෝජිතයා සඳහන් කළේ.

භූ කම්පනය සිදු වී සති දෙකකට පසු ක්‍රිස්ටියන් අට්සුගේ මළ සිරුර මෙලෙස සොයාගත් අතර, ඔහුගේ නියෝජිත නානා සේචෙරේ සඳහන් කළේ අට්සුගේ පවුලේ අයට සහ ආදරණීයයන්ට තම බලවත් ශෝකය ප්‍රකාශ කරන බවයි.

භූ කම්පනයෙන් ක්‍රිස්ටියන් අට්සු සුන්බුන් අතරින් මුදාගෙන රෝහල් ගත කළ බවයි මේ අතර මීට දින කිහිපයකට පෙර විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

කෙසේ වෙතත් පසුව අනාවරණය වුණේ එලෙස මුදාගෙන රෝහල් ගතකර ඇත්තේ ක්‍රිස්ටියන් අට්සුට සමාන පෙනුමක් සහිත පුද්ගලයෙකු බවයි.

31 හැවිරිදි වියේ පසු වූ ක්‍රිස්ටියන් අට්සු 2022 සැප්තැම්බර් මාසයේදී තුර්කියේ Hatayspor පාපන්දු කණ්ඩායම සමඟින් ගිවිසුම් ගතව සිය පාපන්දු දිවියේ අලුත් ගමනක් අරඹා තිබුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අනතුරකින් පාදයේ ආබාධයකයට ලක්වූ සෙබඩකට පිහිටට ආ තරුණ යුවළ
01:01
Video thumbnail
වියළි කාලගුණය හමුවේ ගාල්ලේ දැන් තත්ත්වය
00:54
Video thumbnail
බලශක්ති ඇමතිගේ පොටෝ එකක් අරන් ගමක් දෙවනත් කළ පන්දම් විරෝධතාව..පච අනුර එදා කිව්වේ බොරු..
08:33
Video thumbnail
වැඩ වර්ජනය නිසා මිනිසුන්ගේ රතු කට්ට පනියි..ඡන්දේ දීලා අපි විදින දුකක්..මාසෙකට කීයක් Strike කරනවද
03:43
Video thumbnail
PHI සෙට් එකක් අත්‍යවශ්‍ය ආහාර ගබඩා සහ වෙළඳසැල්වලට ඇවිත් දුන්න ෆුල් සුද්දය
03:58
Video thumbnail
"Private ගන්න සල්ලි නෑනේ මහත්තයෝ"..වෛද්‍ය වැඩ වර්ජනය හේතුවෙන් රෝගීන් දැඩි අපහසුතාවයට
01:44
Video thumbnail
වියළි කාලගුණය හමාර කරමින් බුත්තලට සහ මොණරාගලට තද වැසි
00:58
Video thumbnail
"අඩේ..අඩේ..ඉක්මනට ඇතුළට ඇදහන් බන්" යතුරුපැදියක් - ලොරියක වැදී සිදුවූ බිහිසුණු අනතුර
01:29
Video thumbnail
අනතුරකින් පාදයේ ආබාධයකයට ලක්වූ සෙබඩකට පිහිටට ආ තරුණ යුවළ
01:25
Video thumbnail
නැව ගිලුණත් බෑන් චූන් රටේ වහල් මිනිස්සු - චෝදනා ඔප්පු කරන්න - නැත්නම් කටපියන් ඉන්න
41:21