spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

ක්‍රිස්ටියන් අට්සුගේ නිසල සිරුර තුර්කියේ සුන්බුන් අතරින් සොයා ගැනේ

තුර්කියට සහ සිරියාවට බලපෑ ප්‍රබල භූ කම්පනය හේතුවෙන් මේ වනවිය මියගිය සංඛ්‍යාව 45,000 ඉක්මවා ගොස් ඇති බව වාර්තා වනවා.

මේ අතර භූ කම්පනයට හසුව අතුරුදන්ව සිටි ඝානා පාපන්දු ක්‍රීඩක ක්‍රිස්ටියන් අට්සුගේ මළ සිරුර හමුවී ඇති බව බී.බී.සී. පුවත් සේවය වාර්තා කළා.

ඔහු රැඳී සිටි නිවසේ සුන්බුන් යට තිබී සිරුර හමුවූ බවයි අට්සුගේ නියෝජිතයා සඳහන් කළේ.

භූ කම්පනය සිදු වී සති දෙකකට පසු ක්‍රිස්ටියන් අට්සුගේ මළ සිරුර මෙලෙස සොයාගත් අතර, ඔහුගේ නියෝජිත නානා සේචෙරේ සඳහන් කළේ අට්සුගේ පවුලේ අයට සහ ආදරණීයයන්ට තම බලවත් ශෝකය ප්‍රකාශ කරන බවයි.

භූ කම්පනයෙන් ක්‍රිස්ටියන් අට්සු සුන්බුන් අතරින් මුදාගෙන රෝහල් ගත කළ බවයි මේ අතර මීට දින කිහිපයකට පෙර විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

කෙසේ වෙතත් පසුව අනාවරණය වුණේ එලෙස මුදාගෙන රෝහල් ගතකර ඇත්තේ ක්‍රිස්ටියන් අට්සුට සමාන පෙනුමක් සහිත පුද්ගලයෙකු බවයි.

31 හැවිරිදි වියේ පසු වූ ක්‍රිස්ටියන් අට්සු 2022 සැප්තැම්බර් මාසයේදී තුර්කියේ Hatayspor පාපන්දු කණ්ඩායම සමඟින් ගිවිසුම් ගතව සිය පාපන්දු දිවියේ අලුත් ගමනක් අරඹා තිබුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?