Empty Ad
AFC Banner
Empty Ad

ක්‍රිකට් වෙනුවෙන් කතා කරන්න විශේෂ පාර්ලිමේන්තු කාරක සභාවක් (ඡායාරූප)

පාර්ලිමේන්තුව දෙසැම්බර් 10 වැනි ඉරිදා රැස්වීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව තීරණය කර තිබෙනවා.

පනත් කෙටුම්පත සහ මුදල් පනත් කෙටුම්පත දෙවැනිවර කියැවීමේ විවාදය එදින පැවැත්වීමටයි එකඟත්වය පළ ව ඇත්තේ.

පක්ෂ විපක්ෂ සම සභාපතීත්වයක් යටතේ ශ්‍රී ලංකා ක්‍රිකට් සම්බන්ධ පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවක් (Select Committee) පත් කිරීමට ද මෙහි දී කෝප් කමිටුවේ අවධානය යොමු ව තිබෙනවා.

ඒ අනුව පාර්ලිමේන්තුව ලබන දෙසැම්බර් 10 වැනි ඉරිදා පෙ.ව 9.30 සිට ප.ව 4.30 දක්වා රැස්වීමටයි අද(20) පස්වරුවේ කතානායක මහින්ද යාපා අබේවර්ධනගේ ප්‍රධානත්වයෙන් පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී තීරණය වූයේ.

මේ අනුව එකතු කළ අගය මත බදු (සංශෝධන) පනත් කෙටුම්පත සහ මුදල් පනත් කෙටුම්පත දෙවැනිවර කියැවීමේ විවාදය ද එදින පැවැත්වීමට මෙහිදී තීරණය කෙරුණා.

ඊට අමතරව ලබන 22 සහ 24 දෙදින පාර්ලිමේන්තු කටයුතුවල සංශෝධන කිහිපයක් ද සිදු වනු ඇති.

මේ අනුව ලබන 22 වැනිදා පෙ.ව 9.30 සිට ප.ව 10.00 දක්වා වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්නවලින් අනතුරුව කාරක සභා අවස්ථා විවාදය පැවැත්වෙන අතර ඉන් අනතුරුව පෞද්ගලික මන්ත්‍රී පනත් කෙටුම්පත් වන වයිට් රෝස් පදනම (සංස්ථාගත කිරීමේ) , නැගිටිමු නැගෙනහිර සංවිධානය (සංස්ථාගත කිරීමේ), ශ්‍රී ලංකා එක්සත් ක්‍රිස්තියානි සහෝදරත්වය (සංස්ථාගත කිරීමේ), සමාධි භාවනා හා යෝගා මධ්‍යස්ථාන (සංස්ථාගත කිරීමේ), දක්ෂිණ ලංකා තෘතීයික අධ්‍යාපන හා නායකත්ව පුහුණු පීඨය (සංස්ථාගත කිරීමේ) පනත් කෙටුම්පත් දෙවනවර කියවීමෙන් අනතුරුව ව්‍යවස්ථාදායක ස්ථාවර කාරක සභාව වෙත යොමු කිරීමට නියමිතව තිබෙනවා.

එසේම නොවැම්බර් 24 වැනිදා ද පෙ.ව 10.00 සිට ප.ව 6.00 දක්වා පැවැත්වෙන කාරක සභා අවස්ථා විවාදයෙන් පසු පෞද්ගලික මන්ත්‍රී පනත් කෙටුම්පත් වන සහන ප්‍රජා සංවර්ධන පදනම (සංස්ථාගත
කිරීමේ), සමාධි භාවනා හා යෝගා මධ්‍යස්ථාන(සංස්ථාගත කිරීමේ), රුහුණු උදානය සංවිධානය (සංස්ථාගත කිරීමේ), මාතර සමය සංවිධානය (සංස්ථාගත කිරීමේ සහ ශ්‍රී ලංකා ඖෂධ විද්‍යා සංගමය (සංස්ථාගත
කිරීමේ) පනත් කෙටුම්පත් දෙවනවර කියැවීමෙන් අනතුරුව ව්‍යවස්ථාදායක ස්ථාවර කාරක සභාව වෙත යොමු කිරීමටයි සූදානම් ව ඇත්තේ.

ශ්‍රී ලංකා ක්‍රිකට් අක්‍රමිකතාවන් පිළිබද විමර්ශනය සදහා පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවක් (Select Committee) පත් කිරීම පිළිබදව ද මෙහිදී අවධානය යොමුව තිබෙනවා.

පක්ෂ සහ විපක්ෂ සම සභාපතීත්වයක් යටතේ සහ සම කාරක සභා සාමාජික සංඛ්‍යාවක් යටතේ මෙම කාරක සභාව ස්ථාපිත කිරීම සඳහායි මෙහිදී එකඟත්වය පළවූයේ.

Business Committee 20231120 1
Business Committee 20231120 4
Business Committee 20231120 5
Business Committee 20231120 6
Business Committee 20231120 7
Business Committee 20231120 8
Business Committee 20231120 10
Business Committee 20231120 11
Business Committee 20231120 12
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අනුර වික්‍රමසිංහගේ කෙරුවාව එළියට
10:40
Video thumbnail
එජාපයේ භූතයෝ දෙන්නෙක් ඉන්නවා - කියන්න කොන්දක් නැත්ද ?
10:39
Video thumbnail
පාතාලේ අයියලා යට ගහපු නීති විරෝධි බර අවි ලොට් එකක්ම අතේ මාට්ටු
03:20
Video thumbnail
හොරට අත්සන් කළේ මොන බම්බුවටද ? විමල් ආණ්ඩුවට සැරටම අමතපු ඇමතිල්ල
07:29
Video thumbnail
සුදා සල්ලි ගහලද ? මාලිමා රජය සුදාට එරෙහිව පරීක්ෂණ පටන් ගනියි
12:04
Video thumbnail
අපිලගේ සාදුට ප්‍රශ්නයක් - ජිනීවා මානව හිමිකම් කොමිසමටත් පැමිණිලි කරන්න යයි
04:18
Video thumbnail
ජනපති අනුරට රතු කට්ට පැනපු මනුස්සයෙක් ලෙසටම දෙසයි
01:00
Video thumbnail
සජබේ හර්ෂ හදිසියේ මාධ්‍ය කැඳවයි - මම දාපු නම ප්‍රභාෂ්වර - ඒක වෙනස් කරලා
49:17
Video thumbnail
ජනපති අනුරට රතු කට්ට පැනපු මනුස්සයෙක් ලෙසටම දෙසයි
00:24
Video thumbnail
ලංකාවට ආපු මෝදී අගමැතිව පරිස්සමට බලාගන්න අපේ ආරක්ෂක අංශ
02:17
<p>?</p>