logo
spot_img
AFC Banner
Korea Edu Banner
Empty Ad

ක්‍රිකට් පිටියේ පසමිතුරන්ගේ සටන අද රාත්‍රියේ

20-20 ලෝක කුසලාන තරගාවලියේ තවත් තියුණු තරගයක් අද (09) රාත්‍රියේ පැවැත්වෙනවා.

පාකිස්ථානය සහ ඉන්දියාව අතර පැවැත්වෙන මෙම තරගය කෙරෙහි ලොවපුරා ක්‍රිකට් ප්‍රේක්ෂකයින්ගේ වැඩිම අවදානයක් ලක්ව තිබෙනවා.

තරගාවලියේ ‘ඒ’ කාණ්ඩය යටතේ පැවැත්වෙන මෙම තරගය මෙරට වේලාවෙන් අද (09) රාත්‍රී 8.00ට ආරම්භ වනවා.

නිව්යෝර් හි නසාවු ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී මෙම තරගය පැවැත්වෙන අතර, නසාවු තණතීරුව සම්බන්ධයෙන් ඇත්තේ ගැටලුකාරී තත්ත්වයක්.

ඉන්දියාව සහ පාකිස්ථානය මෙවර ලෝක කුසලාන තරගාවලියේ මූලික එක් තරගයකට බැඟින් සහභාගී වී ඇති අතර, ඉන් පාකිස්ථාන සහභාගී වූ තරගය ඇමරිකාව හමුවේ පරාජයට පත් වුණා.

ඉන්දියාව සහභාගී වූ පළමු තරගය අයර්ලන්තය පරදා ජයග්‍රහණය කරමින් මේ වනවිට ජයග්‍රාහී මානසික මට්ටමක පසුවනවා.

මේ අතර මෙම තරගයේ ප්‍රවේශ පත් සියල්ලම මේ වනවිට අලෙවී වී අවසන් බවයි ඇමරිකාවෙන් වාර්තා වන්නේ.

ඉන්දු පාකිස්ථාන තරගය සඳහා නිකුත් කර ඇති ප්‍රවේශපත්වලට ඉහළ වටිනාකමක් ලබාදීමට අයි.සී.සීය කටයුතු කර ඇති අතර, ප්‍රවේශපත්‍රයක අවම මිල ලෙස දැක්වෙන්නේ ඇමරිකානු ඩොලර් 175ක් ලෙසයි.

ඊට අමතරව ඩොලර් 300, 400, ඩොලර් 1,500 සහ 2,000 යන මිල ගණන්වලට ද මෙම තරගයේ ප්‍රවේශපත් වෙන්කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
2
+1
3
+1
0
+1
0
+1
3
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දසත සවස 6.25 ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය - DASATHA NEWS 6.25 PM LIVE | 2024-07-03 | Dasatha News
00:00
Video thumbnail
දයාසිරි අයින්කළ මෛත්‍රී පාර්ශ්වය දැන් කියන කතාව #maithreepalasirisena #dayasirijayasekara
01:41
Video thumbnail
"රනිල් වික්‍රමසිංහ ගෙදර යවන්න සූදානම්" - අනුර #anurakumara #anurakumaraspeeches #AKD #npp
05:32
Video thumbnail
"අපි තමයි වැඩිම ආණ්ඩු කරලා තියෙන්නේ" #slfp #slpolitics
04:09
Video thumbnail
සම්පන්දන් අවසන් වරට පාර්ලිමේන්තු පරිශ්‍රයට පැමිණි අවස්ථාව #Rsampandan #parliament
01:31
Video thumbnail
දසත සවස 6.25 ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය SupremeTV තුළින් බලාපොරොත්තු වන්න…
00:43
Video thumbnail
හදිසියේම G.L. පීරිස්ගෙන් විශේෂ ප්‍රකාශයක් - "ජනපතිගේ නිල කාලයට වෙන්න යන දේ" #ranilwickremesinghe
05:44
Video thumbnail
හදිසියේම විශේෂ ප්‍රකාශයක් කරමින් ජනපතිගෙන් සැර අවවාදයක් #ranilwickremesinghe #PMD
08:25
Video thumbnail
පාරිභෝගික අධිකාරියට ජනතාව කළ චෝදනාව - "අපි මේවට දැඩි පියවර ගන්නවා" #Consumer_Authority
03:00
Video thumbnail
නාමල් මහා සෙනඟක් අරගෙන කොටුවට #jvp #Namal
01:04

?