ක්‍රිකට් පිටියේ පසමිතුරන්ගේ සටන අද රාත්‍රියේ

20-20 ලෝක කුසලාන තරගාවලියේ තවත් තියුණු තරගයක් අද (09) රාත්‍රියේ පැවැත්වෙනවා.

පාකිස්ථානය සහ ඉන්දියාව අතර පැවැත්වෙන මෙම තරගය කෙරෙහි ලොවපුරා ක්‍රිකට් ප්‍රේක්ෂකයින්ගේ වැඩිම අවදානයක් ලක්ව තිබෙනවා.

තරගාවලියේ ‘ඒ’ කාණ්ඩය යටතේ පැවැත්වෙන මෙම තරගය මෙරට වේලාවෙන් අද (09) රාත්‍රී 8.00ට ආරම්භ වනවා.

නිව්යෝර් හි නසාවු ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී මෙම තරගය පැවැත්වෙන අතර, නසාවු තණතීරුව සම්බන්ධයෙන් ඇත්තේ ගැටලුකාරී තත්ත්වයක්.

ඉන්දියාව සහ පාකිස්ථානය මෙවර ලෝක කුසලාන තරගාවලියේ මූලික එක් තරගයකට බැඟින් සහභාගී වී ඇති අතර, ඉන් පාකිස්ථාන සහභාගී වූ තරගය ඇමරිකාව හමුවේ පරාජයට පත් වුණා.

ඉන්දියාව සහභාගී වූ පළමු තරගය අයර්ලන්තය පරදා ජයග්‍රහණය කරමින් මේ වනවිට ජයග්‍රාහී මානසික මට්ටමක පසුවනවා.

මේ අතර මෙම තරගයේ ප්‍රවේශ පත් සියල්ලම මේ වනවිට අලෙවී වී අවසන් බවයි ඇමරිකාවෙන් වාර්තා වන්නේ.

ඉන්දු පාකිස්ථාන තරගය සඳහා නිකුත් කර ඇති ප්‍රවේශපත්වලට ඉහළ වටිනාකමක් ලබාදීමට අයි.සී.සීය කටයුතු කර ඇති අතර, ප්‍රවේශපත්‍රයක අවම මිල ලෙස දැක්වෙන්නේ ඇමරිකානු ඩොලර් 175ක් ලෙසයි.

ඊට අමතරව ඩොලර් 300, 400, ඩොලර් 1,500 සහ 2,000 යන මිල ගණන්වලට ද මෙම තරගයේ ප්‍රවේශපත් වෙන්කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
2
+1
3
+1
0
+1
0
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ශානි අබේසේකර ගෙදර යන්න
07:15
Video thumbnail
ගම්මන්පිලට යකා ආරූඪ වෙයි"මේක මගේ පොත නෙවෙයි..ව්‍යාජ එකක්"..රහස් පොලිසිය බුද්ධිමය දේපළ හොරකම් කරලා
06:03
Video thumbnail
ඩිල්කා, සුදාගෙන් මිලියන 100ක් ඉල්ලයි - Australia පොලිසියටත් පැමිණිලි
05:03
Video thumbnail
GMOA එකෙන් ඇමති නලින්දට අභියෝගයක්..ප්‍රථමයෙන්ම පැමිණිලි කරන්න ඕනි ඔයාට විරුද්ධව
11:01
Video thumbnail
අනුරට බෑ කියලා උඩ ඉන්න දෙයියෝත් දන්නවා
06:23
Video thumbnail
යතුරුපැදිකරු බරපතළ කළ බිහිසුණු අනතුර..බයික් එක කුඩේ කුඩු
01:04
Video thumbnail
විපක්ෂයට වෙන කියන්න දෙයක් නැති නිසා ගල් අඟුරු ගැන කියවන්නේ
05:03
Video thumbnail
විදුලි බිල 50%වත් වැඩි කරන්න ඕනිලු..ජනාධිපතිතුමා වැඩ බැරි ඇමතිලා ගෙදර යවන්න
01:47
Video thumbnail
පෙරටුගාමීන් පාරට බැහැලා නගරයම දෙකක් කරයි..අපේ රට යුද පිටියක් වෙන එක නවත්තන්න බැහැ
07:45
Video thumbnail
මිහින්තලේ ප්‍රදේශයට දැඩි වර්ෂාපතනයක් ඇද හැලුනු හැටි මෙන්න
01:16