AFC Banner
AFC Banner
Empty Ad

ක්‍රිකට් පරිපාලනයට 18 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක්

ක්‍රිකට් පරිපාලනයේ සම්පූර්ණ වෙනසක් සිදුකළ යුතු බව විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්‍රි පවසනවා.

අද (18) පාර්ලිමේන්තුවේ දී අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළා.

ක්‍රිකට් පරිපාලනය සඳහා දක්ෂ පරිපාලන නිලධාරීන්, ක්‍රිකට් ක්‍රීඩා කළ ක්‍රීඩකයින් ඇතුළු සමතුලිත නියෝජනයක් තිබිය යුතු බවයි ඔහු වැඩිදුරටත් පැවසුවේ.

මෙහිදී අදහස් දක්වමින් අලි සබ්‍රි අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවේ 18 දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් විසින් ක්‍රිකට් පරිපාලනය සිදුකළ යුතු බවට නීතියක් සම්මත කළ යුතු බවයි.

ඒ, සඳහා ජනාධිපතිවරයා විසින් පත් කළ චිත්‍රසේන කමිටුවේ කෙටුම්පත මඟින් නිර්දේශ ලබාදුන් බව අලි සබ්‍රි අමාත්‍යවරයා සඳහන් කර සිටියා.

“18 දෙනෙකුගෙන් යුක්තව මෙය ක්‍රියාත්මක විය යුතුයි, නවදෙනෙක්ව තෝරාගන්න ඕන ක්ලබ් මාර්ගයෙන්, පස්දෙනෙක් නොමිනේෂන් හරහා ඒ කියන්නේ පොදුවේ ඔවුන්ගෙන් නාම යෝජනා කැඳවලා ඔවුන්ගෙන් තෝරාගත යුතුයි. එයින් අවම වශයෙන් නව දෙනාගෙන් පස්දෙනෙක් ක්‍රිකට් ක්‍රීඩකයින් විය යුතුයි. ඒ ඇරුනාම අනිත් අය නීතිය, ආර්ථිකය, කළමනාකරණය පිළිබඳව පුළුල් දැනීමක් ඇති අය විය යුතුයි. ඒ අනුව ක්ලබ් සිස්ටම් එකෙන් එන අය නවදෙනයි එළියෙන් එන අය නවදෙනයි එකතුවෙලා දක්ෂ කණ්ඩායමක් නියෝජනය කිරීම තමයි එයින් යෝජනා කරලා තියෙන්නේ.”

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
7
+1
1
+1
27
+1
2
+1
3
+1
2
+1
14
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?