ක්‍රිකට් පරිපාලනයට 18 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක්

ක්‍රිකට් පරිපාලනයේ සම්පූර්ණ වෙනසක් සිදුකළ යුතු බව විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්‍රි පවසනවා.

අද (18) පාර්ලිමේන්තුවේ දී අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළා.

ක්‍රිකට් පරිපාලනය සඳහා දක්ෂ පරිපාලන නිලධාරීන්, ක්‍රිකට් ක්‍රීඩා කළ ක්‍රීඩකයින් ඇතුළු සමතුලිත නියෝජනයක් තිබිය යුතු බවයි ඔහු වැඩිදුරටත් පැවසුවේ.

මෙහිදී අදහස් දක්වමින් අලි සබ්‍රි අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවේ 18 දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් විසින් ක්‍රිකට් පරිපාලනය සිදුකළ යුතු බවට නීතියක් සම්මත කළ යුතු බවයි.

ඒ, සඳහා ජනාධිපතිවරයා විසින් පත් කළ චිත්‍රසේන කමිටුවේ කෙටුම්පත මඟින් නිර්දේශ ලබාදුන් බව අලි සබ්‍රි අමාත්‍යවරයා සඳහන් කර සිටියා.

“18 දෙනෙකුගෙන් යුක්තව මෙය ක්‍රියාත්මක විය යුතුයි, නවදෙනෙක්ව තෝරාගන්න ඕන ක්ලබ් මාර්ගයෙන්, පස්දෙනෙක් නොමිනේෂන් හරහා ඒ කියන්නේ පොදුවේ ඔවුන්ගෙන් නාම යෝජනා කැඳවලා ඔවුන්ගෙන් තෝරාගත යුතුයි. එයින් අවම වශයෙන් නව දෙනාගෙන් පස්දෙනෙක් ක්‍රිකට් ක්‍රීඩකයින් විය යුතුයි. ඒ ඇරුනාම අනිත් අය නීතිය, ආර්ථිකය, කළමනාකරණය පිළිබඳව පුළුල් දැනීමක් ඇති අය විය යුතුයි. ඒ අනුව ක්ලබ් සිස්ටම් එකෙන් එන අය නවදෙනයි එළියෙන් එන අය නවදෙනයි එකතුවෙලා දක්ෂ කණ්ඩායමක් නියෝජනය කිරීම තමයි එයින් යෝජනා කරලා තියෙන්නේ.”



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මිනිස්සුන්ට ජරා කෑම කන්න දීපු අපායක් කොටුවෙයි
03:52
Video thumbnail
ඥානසාර හිමිව අධිකරණයට - ඇතුලට යන්න කළින් කිව්ව දේ මෙන්න
01:35
Video thumbnail
ජන අරගලය ව්‍යාපාරයේ විරෝධතා අතර අත්අඩංගුවට ගත් 6 දෙනා අධිකරණයට
01:35
Video thumbnail
වගකිව යුතු බලධාරීන්ගේ අවධානයට! රක්ෂිතයට කර්මාන්තශාලා අපද්‍රව්‍ය බැහැර කරයි
01:23
Video thumbnail
ගමේ මිනිස්සුම පාරට බැහැලා මුළු ගමටම දුන්න සුපිරි සුද්දය
01:05
Video thumbnail
අලියෙක් ආහාර සොයා වාහනය පැත්තට දුවගෙන එන හැටි
00:38
Video thumbnail
ඕලුගල ඉදිරියේ නිලධාරින් මෙහෙයුම කළ හැටි හෙළිකරයි
01:05
Video thumbnail
මෙරට මුහුදු සීමාවේ අනවසර ධීවර කටයුතු සිදු කළ ඉන්දීය ධීවරයින් පිරිස නාවික හමුදාවෙන් අල්ලගනී
00:25
Video thumbnail
කථානායකට එරෙහිව විපක්ෂයෙන් විශ්වාසභංගයක් ? කථානායක නිල නිවසේ පොත්පත් අතුරුදන්
03:58
Video thumbnail
අපේ ජනාධිපති එක්සත් ජාතීන්ගේ මහ සමුළුවට සහභාගි නොවුණ නිසාද අමෙරිකාව තර්ජනය කරන්නේ ?
04:52