ක්‍රිකට් ගොඩගන්න හැකි හැම සහායක් ම දෙනව – T.M. ඩිල්ෂාන්

තමන්ගෙන් ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාවේ යළි ගොඩනැගීමට සහාය අවශ්‍ය ඕනෑ ම අවස්ථාවක එය ලබාදීමට තමන් සූදානම් බව හිටපු ප්‍රවීණ ක්‍රිකට් ක්‍රීඩක තිලකරත්න ඩිල්ෂාන් පවසනවා.

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ පරිහානියට හෝ ක්‍රීඩකයින්ගේ පසුබැස්මට හේතුව කුමක් දැයි තමන්ට ද මෙතෙක් නිසි පරිදි සිතාගත නොහැකි බවයි ඩිල්ෂාන් පෙන්වා දෙන්නේ.

සිය නිල මුහුණුපොත හරහා වීඩියෝ පටයක් සමාජගත කරමින් ඩිල්ෂාන් මෙම අදහස් පළ කර සිටියා.

ශ්‍රී ලංකා ක්‍රිකට් ගොඩනැගීම සඳහා හිටපු ක්‍රිකට් නායක අර්ජුන රණතුංග තේරීපත් වීමට ද මෙම අවස්ථාවේ දී ටී.එම්. ඩිල්ෂාන් සුබ පැතීම් එක් කළා.

ඔහු පැවසුවේ අර්ජුන රණතුංග ඉල්ලා සිටියේ විදෙස්ගත ව සිටින හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින්ට සිය රටේ ක්‍රිකට් ක්‍රීඩාව නැවත ගොඩනැගීමට සහාය දෙන ලෙසටයි.

මේ හේතුවෙන් තමන් ද ඕනෑම අවස්ථාවක එම සහාය ලබාදීමට සූදානම් බව ද ඩිල්ෂාන් ප්‍රකාශ කර සිටියා.

එක දිගට තරග පරාජය වීම මේ වනවිට ක්‍රීඩා ලෝලීන්ට සුපුරුදු අත්දැකීමක් ව ඇති බැවින්, දක්ෂ තරුණ ක්‍රීඩකයින් ශ්‍රී ලංකා කණ්ඩායමේ සිටින බැවින්, ඔවුන් හට නිවැරදි මග පෙන්වීමක් ලැබෙන්නේ නම්; ඔවුන් ව හරි මාවතට ගෙන ආ හැකි බවයි තිලකරත්න ඩිල්ෂාන් වැඩිදුරටත් පැවසුවේ.

එබැවින් තමන් සේ ම සෙසු ප්‍රවීණ ක්‍රීඩකයින්ගෙන් ද ශ්‍රී ලංකා ක්‍රිකට් ගොඩනැගීම සඳහා මේ අවස්ථාවේ දී සහාය ලබාදෙන ලෙසට ද ඩිල්ෂාන් ඉල්ලා සිටිනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
1
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
2 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රන් ආභරණ වෙළෙඳසැලකට පැමිණ වටිනා පළදනාවක් ඉස්සූ කාන්තාව..හිනාවකුත් දාගෙන දුන්න ෂොට් එක
01:10
Video thumbnail
අර්ජුන කාලෙකින් ඇවිත් ක්‍රිකට් ගැන කිව්ව දේ..පුහුණුකරුවෝ තෝරන්නේ අම්මා අප්පාගේ බූදලේ වගේ
05:40
Video thumbnail
පිල්ලෙයාන් දැඩි ආරක්ෂාව මැද රක්ෂිත බන්ධනාගාරයට රැගෙන යයි..කොහොමද වටේටම දීලා තියෙන ආරක්ෂාව
01:43
Video thumbnail
පිල්ලෙයාන් වෙනුවෙන් ඉදිරියට ආ ගම්මන්පිල.."පාස්කුවේ බොරුව අද හෙළිවුණා"රහස් පොලිසියේ ඉන්නේ කතා රචකයෝ
03:21
Video thumbnail
Artemis II සඳ මත ගොඩ බැසීමක් නෙවෙයි සඳ වටා ගමන් කිරීමක් වෙන්නේ
01:27
Video thumbnail
රෝහල් සේවකයෙක් ඇඳුම් මාරු කරන කාමරයකට පැන රෝහල් සේවිකාවකට කරපු කැත වැඩේ
06:01
Video thumbnail
නවක වෛද්‍යවරුන් GMOA එකට රැවටෙන්න එපා..මේ කරන්නේ දේශපාලනික කණ්ඩායම්වල වුවමනාවන්
10:46
Video thumbnail
ජොන්ස්ටන් ප්‍රනාන්දුගේ පුතුන් දෙදෙනා ඇප ලබා පිටව ගිය හැටි..සෙට් එකක්ම ඇවිත් දෙන්නව බලන්න
01:14
Video thumbnail
වැඩ කරන වෛද්‍යවරුන්ටත් තර්ජන කරලා..GMOA අයගේ පැටිකිරිය හෙළිකළ වෛද්‍යවරයා ?..
07:06
Video thumbnail
පොළොන්නරුවේ රාජ්‍ය නායකයාට ජනතාව හොඳ පදෙන් අමතයි
00:58