තමන්ගෙන් ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාවේ යළි ගොඩනැගීමට සහාය අවශ්‍ය ඕනෑ ම අවස්ථාවක එය ලබාදීමට තමන් සූදානම් බව හිටපු ප්‍රවීණ ක්‍රිකට් ක්‍රීඩක තිලකරත්න ඩිල්ෂාන් පවසනවා.
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ පරිහානියට හෝ ක්‍රීඩකයින්ගේ පසුබැස්මට හේතුව කුමක් දැයි තමන්ට ද මෙතෙක් නිසි පරිදි සිතාගත නොහැකි බවයි ඩිල්ෂාන් පෙන්වා දෙන්නේ.
සිය නිල මුහුණුපොත හරහා වීඩියෝ පටයක් සමාජගත කරමින් ඩිල්ෂාන් මෙම අදහස් පළ කර සිටියා.
ශ්‍රී ලංකා ක්‍රිකට් ගොඩනැගීම සඳහා හිටපු ක්‍රිකට් නායක අර්ජුන රණතුංග තේරීපත් වීමට ද මෙම අවස්ථාවේ දී ටී.එම්. ඩිල්ෂාන් සුබ පැතීම් එක් කළා.
ඔහු පැවසුවේ අර්ජුන රණතුංග ඉල්ලා සිටියේ විදෙස්ගත ව සිටින හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින්ට සිය රටේ ක්‍රිකට් ක්‍රීඩාව නැවත ගොඩනැගීමට සහාය දෙන ලෙසටයි.
මේ හේතුවෙන් තමන් ද ඕනෑම අවස්ථාවක එම සහාය ලබාදීමට සූදානම් බව ද ඩිල්ෂාන් ප්‍රකාශ කර සිටියා.
එක දිගට තරග පරාජය වීම මේ වනවිට ක්‍රීඩා ලෝලීන්ට සුපුරුදු අත්දැකීමක් ව ඇති බැවින්, දක්ෂ තරුණ ක්‍රීඩකයින් ශ්‍රී ලංකා කණ්ඩායමේ සිටින බැවින්, ඔවුන් හට නිවැරදි මග පෙන්වීමක් ලැබෙන්නේ නම්; ඔවුන් ව හරි මාවතට ගෙන ආ හැකි බවයි තිලකරත්න ඩිල්ෂාන් වැඩිදුරටත් පැවසුවේ.
එබැවින් තමන් සේ ම සෙසු ප්‍රවීණ ක්‍රීඩකයින්ගෙන් ද ශ්‍රී ලංකා ක්‍රිකට් ගොඩනැගීම සඳහා මේ අවස්ථාවේ දී සහාය ලබාදෙන ලෙසට ද ඩිල්ෂාන් ඉල්ලා සිටිනවා.














KOLLANGE TALENT EKE KSIMA ADUWAK NAHE. UN THAMA SUPIRI. MAMA DAKINA DEWAL MEWAYI. SAMA DAKSHATHA NISA HAMOMA ATHARA THIYENA THARANGAYA AYIN KARA GANNA. GAME PLAN EKA MATCH EKAKATA 1TA WADA HADANNA. EYALAGE TALENT ANUWA PLAY KARANA THANA HADALA ENNA, THANI THANIWA GENWALA THIYENA PRASHNA AHANNA, WISANDUM DENNA, EYAGEN ONA DEYA PEHEDILIWA KETIEN KIYANNA, EKA ONA NISAMA THAMAYI TEAM EKATA GATHTHE KIYANNA. TEAM EKA ATHARA AWENIKA COMMUNICATIO EKAK HADA GANNA. THANI PLAN KIYALA DEELA OKKOMA EKATHU KARALA MULU GAME PLAN EKA HADANNA. GROUP PLAN WENAMA HADANNA. BASMAN BE WICKET EKA WTEYI INNA AYA KEEPER,SLIP,GULLY SAHA BOWLER EKA GROP EKAK. ITA PASSE BOWLERS LAGE GROUP EKA WENAMA HADANNA ME OKKOMA EKATHU KARALA MAIN PLAN EKA HADANNA. MASA6K WATH EKA DIGATA PLAN S PRACTICE KARANNA. FITNESS ANIWA. EKA FAIL NAM GENIYANNA EPA.
ඩිල්ෂාන් ඔබ ඉතා නිවැරදි නිහතමාණී රටට ආදරේ පුරවැසියෙක්. නිවැරදි තීරනයක්