spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

ක්‍රිකට් ගොඩගන්න හැකි හැම සහායක් ම දෙනව – T.M. ඩිල්ෂාන්

තමන්ගෙන් ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාවේ යළි ගොඩනැගීමට සහාය අවශ්‍ය ඕනෑ ම අවස්ථාවක එය ලබාදීමට තමන් සූදානම් බව හිටපු ප්‍රවීණ ක්‍රිකට් ක්‍රීඩක තිලකරත්න ඩිල්ෂාන් පවසනවා.

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ පරිහානියට හෝ ක්‍රීඩකයින්ගේ පසුබැස්මට හේතුව කුමක් දැයි තමන්ට ද මෙතෙක් නිසි පරිදි සිතාගත නොහැකි බවයි ඩිල්ෂාන් පෙන්වා දෙන්නේ.

සිය නිල මුහුණුපොත හරහා වීඩියෝ පටයක් සමාජගත කරමින් ඩිල්ෂාන් මෙම අදහස් පළ කර සිටියා.

ශ්‍රී ලංකා ක්‍රිකට් ගොඩනැගීම සඳහා හිටපු ක්‍රිකට් නායක අර්ජුන රණතුංග තේරීපත් වීමට ද මෙම අවස්ථාවේ දී ටී.එම්. ඩිල්ෂාන් සුබ පැතීම් එක් කළා.

ඔහු පැවසුවේ අර්ජුන රණතුංග ඉල්ලා සිටියේ විදෙස්ගත ව සිටින හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින්ට සිය රටේ ක්‍රිකට් ක්‍රීඩාව නැවත ගොඩනැගීමට සහාය දෙන ලෙසටයි.

මේ හේතුවෙන් තමන් ද ඕනෑම අවස්ථාවක එම සහාය ලබාදීමට සූදානම් බව ද ඩිල්ෂාන් ප්‍රකාශ කර සිටියා.

එක දිගට තරග පරාජය වීම මේ වනවිට ක්‍රීඩා ලෝලීන්ට සුපුරුදු අත්දැකීමක් ව ඇති බැවින්, දක්ෂ තරුණ ක්‍රීඩකයින් ශ්‍රී ලංකා කණ්ඩායමේ සිටින බැවින්, ඔවුන් හට නිවැරදි මග පෙන්වීමක් ලැබෙන්නේ නම්; ඔවුන් ව හරි මාවතට ගෙන ආ හැකි බවයි තිලකරත්න ඩිල්ෂාන් වැඩිදුරටත් පැවසුවේ.

එබැවින් තමන් සේ ම සෙසු ප්‍රවීණ ක්‍රීඩකයින්ගෙන් ද ශ්‍රී ලංකා ක්‍රිකට් ගොඩනැගීම සඳහා මේ අවස්ථාවේ දී සහාය ලබාදෙන ලෙසට ද ඩිල්ෂාන් ඉල්ලා සිටිනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
1
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
2 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?