Empty Ad
AFC Banner
Empty Ad

කළු ගඟේ වළං සේදූ කත ව කිඹුලෙකු ඩැහැ ගනියි (වීඩියෝ)

කෝලාහන ප්‍රදේශයේ කාන්තාවක් අද (26) පෙරවරුවේ කිඹුලෙකුගේ ඩැහැ ගැනීමකට ලක් ව තිබෙනවා.

දසත ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ; මරණකාරිය පෙරවරුවේ වළං සේදීම සඳහා නිවස ආසන්නයෙන් ගලා බසිනා කළු ගඟේ කොටසකට ගොස් ඇති බවයි.

වළං සෝදමින් සිටින අතරතුර දී කිඹුලා දිය යටින් මතු වී මෙම කාන්තාව ගැඹුරු දියට රැගෙන ගොස් තිබෙනවා.

එම අවස්ථාවේ දී කාන්තාව කෑ ගසා ඇති අතර ඇයගේ ස්වාමියා ඇතුළු ප්‍රදේශවාසීන් ක්‍රියාත්මක වී බෝට්ටුවකින් කිඹුලා ගිය දෙසට ගමන් කළ ද කිඹුලා කිහිපවරක් දිය යට සැඟ ව ගොස් ඇති බවයි පැවසෙන්නේ.

පසුව කඩිනමින් ගොඩබිම සිටි පිරිස ප්‍රදේශයේ නාවික හමුදාවට දැනුවත් කර ඇති අතර ඔවුන් පැමිණ මෙහෙ‍යුම් ආරම්භ කර තිබෙනවා.

කිඹුලා විසින් කාන්තාව මුදා හැර තිබියදී සිරුර සොයාගැනුණ ද ඒ වනවිටත් ඇය මියගොස් සිටි බවයි වාර්තා වන්නේ.

මෙසේ මියගොස් ඇත්තේ 52 හැවිරිදි කළුතර – කොහොලාන ප්‍රදේශයේ පදිංචි නිලන්ති මංගලිකා නමැති විවාහක කාන්තාවක්.

මරණ පරීක්ෂණය සඳහා මෘත ශරීරය නාගොඩ ශික්ෂණ රෝහලට ගෙන තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
2
+1
0
+1
0
+1
9
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සඳ බොඳවෙයි - මල මගුලයි ඥානා අක්කටත් කෝටි ගාණක් සල්ලි දීලා
13:09
Video thumbnail
අර්ජුන මහේන්ද්‍රන් මේ ආණ්ඩු‍වෙන්වත් ගේන්න බැරි ඇයි ?
07:56
Video thumbnail
පොහොට්ටුව ෆයර් වෙයි - උගන්ඩාවේ සල්ලි ගෙනත් පෙන්නන්න
12:33
Video thumbnail
BREAKING NEWS 🔴ජාතික රෝහල ඉදිරිපිට උණුසුම් තත්ත්වයක්
09:01
Video thumbnail
YOU TUBE චණ්ඩියෙක් දාපු පැමිණිල්ලකට ඉරාජ් පොලිසියට
05:59
Video thumbnail
ජාතික පාසලක ලොගු මගඩියක් - නම් ගම් සියල්ල හෙට එළියට - මෙන්න පැටිකිරිය එළියට
11:49
Video thumbnail
ආණ්ඩුවෙන් එළියට දාපු අලුත්ම ලිස්ට් එක #live #dasathanews #dasathamidnewstoday
01:00
Video thumbnail
මොනවද මේ කුණුහරුප වැඩ - පොල් ගෙඩියක් රු.300ටත් කිට්ටුයි - අසේල සම්පත් ආණ්ඩුව හාන්සි කරවයි
12:38
Video thumbnail
අගමැති හරිනි අලුත්ම ලිස්ට් එකක් එළියට දායි - ලිස්ට් එකේ කොනක අනුරගේ නමත්
08:54
Video thumbnail
විමල් ආණ්ඩුවට උණ ගැනෙන්නම දෙසයි #wimalweerawansa
11:28

?