කළු ගඟේ වළං සේදූ කත ව කිඹුලෙකු ඩැහැ ගනියි (වීඩියෝ)

කෝලාහන ප්‍රදේශයේ කාන්තාවක් අද (26) පෙරවරුවේ කිඹුලෙකුගේ ඩැහැ ගැනීමකට ලක් ව තිබෙනවා.

දසත ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ; මරණකාරිය පෙරවරුවේ වළං සේදීම සඳහා නිවස ආසන්නයෙන් ගලා බසිනා කළු ගඟේ කොටසකට ගොස් ඇති බවයි.

වළං සෝදමින් සිටින අතරතුර දී කිඹුලා දිය යටින් මතු වී මෙම කාන්තාව ගැඹුරු දියට රැගෙන ගොස් තිබෙනවා.

එම අවස්ථාවේ දී කාන්තාව කෑ ගසා ඇති අතර ඇයගේ ස්වාමියා ඇතුළු ප්‍රදේශවාසීන් ක්‍රියාත්මක වී බෝට්ටුවකින් කිඹුලා ගිය දෙසට ගමන් කළ ද කිඹුලා කිහිපවරක් දිය යට සැඟ ව ගොස් ඇති බවයි පැවසෙන්නේ.

පසුව කඩිනමින් ගොඩබිම සිටි පිරිස ප්‍රදේශයේ නාවික හමුදාවට දැනුවත් කර ඇති අතර ඔවුන් පැමිණ මෙහෙ‍යුම් ආරම්භ කර තිබෙනවා.

කිඹුලා විසින් කාන්තාව මුදා හැර තිබියදී සිරුර සොයාගැනුණ ද ඒ වනවිටත් ඇය මියගොස් සිටි බවයි වාර්තා වන්නේ.

මෙසේ මියගොස් ඇත්තේ 52 හැවිරිදි කළුතර – කොහොලාන ප්‍රදේශයේ පදිංචි නිලන්ති මංගලිකා නමැති විවාහක කාන්තාවක්.

මරණ පරීක්ෂණය සඳහා මෘත ශරීරය නාගොඩ ශික්ෂණ රෝහලට ගෙන තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හදිසියේම පොත් ප්‍රදර්ශනයකට ගිය අගමැති හරිනි - කට්ටිය වටවෙලා Selfie ගහයි
01:43
Video thumbnail
ලෝක ළමා දිනය දවසේ ළමයි ඉදිරියේ ගුරුවරු දැම්ම අපූරු ඩාන්ස් එක - කොහොමද ඒ නැටුම - සුපිරියි
01:46
Video thumbnail
ලොකු පැටීගේ මල්ලි අවසන් ගමන් ගිය වෙ#ල්ල - මෙන්න එම ස්ථානයේ දර්ශන
01:09
Video thumbnail
සුරංග රත්නායකගෙන් තඹුත්තේගම මූලික රෝහලට ලක්ෂ 10ක් වටිනා පරිත්‍යාගයක්
02:21
Video thumbnail
දරුවන්ගේ සතුට බෙදාගන්න සෙනෙහසට ගිය යුද්ධ හමුදාපති
02:23
Video thumbnail
පාරේ යන හැම වාහනයක්ම තමන්ගේ නමටම තියන්න ඕනේ ද..?
01:26
Video thumbnail
සැඟවී සිටින ඥානසාර හිමිව සොයාගෙන උලපනේ හිමි ළඟට ගිය CCDය
02:20
Video thumbnail
මාර පොලිසියක්නේ යකෝ මේක
02:32
Video thumbnail
අභිරහස් ලෙස මහ පාරේ අවසන් ගමන් ගිය පුද්ගලයා
01:44
Video thumbnail
ජනාධිපතිතුමා කියන පච ගැන කිව්වා විතරයි, මගේ ෆේස්බුක් පේජ් එකක් සස්පන්ඩ් වුණා
04:18