කළුතර බන්ධනාගාරයේ තවත් රැඳවියෙක් මරුට

කළුතර බන්ධනාගාර රැඳවියෙකු අසනීප තත්ත්වයෙන් නාගොඩ රෝහලට ඇතුලත් කිරීමෙන් පසු මියගොස් තිබෙනවා.

කළුතර උතුර පොලිසිය සඳහන් කළේ සතියක් ඇතුලත මියගිය තුන්වන රැඳවියා ඊයේ පස්වරුවේ මියගොස් ඇති අතර ඒ අනුව පරීක්ෂණ ආරම්භ කළ බවයි.

පානදුර මෝදරවිල ප්‍රදේශයේ පදිංචිව සිටි 62 හැවිරිදි පුද්ගලයකු මෙලෙස ජිවිතක්ෂයට පත්වී තිබෙනවා.

මත්ද්‍රව්‍ය චෝදනාවක් මත බන්ධනාගාරයේ රඳවා සිටි සැකකරු ඊයේ පස්වරුවේ හදිසියේ අසනීප වීම හේතුවෙන් නාගොඩ ශික්ෂණ රෝහලට ඇතුලත් කිරීමෙන් පසු මියගොස් ඇති බව සඳහන්.

ඊයේ (28) පස්වරුවේ අසනීප තත්ත්වයක් මත සැකකරුට වෛද්‍ය සායන මධ්‍යස්ථානයකින් ප්‍රතිකාර ලබාදී රැගෙන ඒමෙන් පසු නැවත රෝගී වීම හේතුවෙන් නාගොඩ රෝහලට ඇතුළත් කර ඇති බවයි බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක ගාමිණී දිසානායක මහතා සඳහන් කළේ.

කළුතර මල්වත්ත බන්ධනාගාරය විසින් කළ පැමිණිල්ලක් මත කළුතර උතුර පොලිසිය විසින් ද මේ සම්බන්ධයෙන් පරික්ෂණයක් ආරම්භ කර තිබෙනවා.

මෘතදේහය පශ්චාත් මරණ පරීක්ෂණය සදහා කලුතර නාගොඩ රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර පොලිස් පරීක්ෂණ ක්‍රියාත්මකයි.

පසුගිය සතියේදී ද නිව්මෝනියා රෝග තත්ත්වයක් හේතුවෙන් කළුතර බන්ධනාගාරයේ රැඳවියෙකු මියගොස් තිබුණා.

එමෙන්ම පසුගිය 26 වනදා පහරදීමක් හේතුවෙන් රෝහල් ගත කළ කළුතර බන්ධනාගාරයේ රැඳවියෙකු ද මරණයට පත්ව තිබුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
1
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සජිත්ට දේදුන්න පෙන්නන්න එපා..දැක්ක ගමන් පොරට සමලිංගික නැමියාවක් එනවා
19:37
Video thumbnail
මොඩියුලවල පිටු ග#වලා NPP සමරු පොතේ අලවගන්න..දණගාලා බඩගාලා එන්න කියන එක සාධාරණද ?
07:52
Video thumbnail
සජිත්ව වට කරගෙන මිනිස්සු හඬා වැටෙයි
00:53
Video thumbnail
දැඩි ආරක්ෂාවක් මැද දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට ගෙන ආ ලෝක කුසලානය
01:07
Video thumbnail
"රජවරු කනෙන් අල්ලලා එළියට දාපු කණ්ඩායමක් ස්වාමීන් වහන්සේලා" අපිට ඉන්දියාවත් හොල්ලන්න පුළුවන්
11:20
Video thumbnail
DIG අජිත් රෝහණ කියපු පුදුම කතාව
02:56
Video thumbnail
DIG අජිත් රෝහණ කියපු පුදුම කතාව
03:18
Video thumbnail
ඉන්දියාවේ නිලාධාරින් බෝට්ටුවට ඇවිත් හොඳටම ග#ලා..ප#සට අයිසුත් ඔබලා..ඥාතීන් හඬා වැටෙයි
05:39
Video thumbnail
ගමින් ගමට වැඩසටහනට ගිය නාමල්ගෙන් සැර කතාවක්..ජනාධිපති බොරුවට චෙක් බෙදලා..ලැජ්ජා නැහැ
08:45
Video thumbnail
සියලුම බාධාවලට මුහුණ දීලා අපි ඉස්සරහට යනවා
06:07


?