AFC Banner
AFC Banner
Empty Ad

කහ ගෑස් සිලින්ඩරය නිල් පාටකර ගෙනත් දීලා

කහ පැහැති ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක වර්ණය වංචා සහගත ලෙස වෙනස්කර ලිට්‍රෝ ගෑස් අලෙවි නියෝජිතවරයාට ලබාදී ගෑස් සහිත ලිට්‍රෝ සිලින්ඩරයක් රැගෙන ගිය පුවතක් වාර්තා වේ.

පසුගිය 27 වනදා කාන්තාවක් විසින් එම වංචාව සිදුකර තිබූ බව CCTV කැමරාවේ දර්ශන ඔස්සේ සොයාගෙන තිබේ.

හැටන් දික්ඔය නගරයේ ලිට්‍රෝ ගෑස් අලෙවි නියෝජිතවරයාට එම වංචාව සිදුකර තිබුණි.

හිස් ගෑස් සිලින්ඩර ඊයේ (28) දිනයේදී ලොරි රථයට පටවන අවස්ථාවේදී එක් සිලින්ඩරයක කහ පැහැය මතුවීම හේතුවෙන් වෙළෙඳසැලේ CCTV දර්ශන පරීක්ෂා කිරීමේදී මේ පිළිබඳ අනාවරණ වී ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් අදාළ ව්‍යාපාරිකයා පොලීසියට පැමිණිලි කර තිබේ.  

මේ අතර පාරිභෝගිකයින්ගේ අවශ්‍යතාව පදිරි වෙළෙඳපොලේ තවමත් ලාෆ් ගෑස් ලබාගැනීමට නොහැකි බවද වාර්තා වෙයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?