එක්සත් අරාබි එමීර් රාජ්‍යය සිය ගුවන් කලාපය වසා දමයි

ඉරානයෙන් එල්ල වන මිසයිල සහ ඩ්‍රෝන තර්ජන මධ්‍යයේ එක්සත් අරාබි එමීර් රාජ්‍යය සිය ගුවන් කලාපය තාවකාලිකව වසා දැමීමට කටයුතු කර තිබෙනවා.

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ගුවන් සේවා අධිකාරිය “සුවිශේෂී පූර්වාරක්ෂාව පියවරක්” ලෙස රටේ ගුවන් කලාපය තාවකාලිකව වසා දමා ඇති බව රාජ්‍ය ප්‍රවෘත්ති ඒජන්සිය අද (17) වාර්තා කළා.

ඊයේ (16) දිනයේ දී එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඩුබායි ගුවන් තොටුපොළ ආසන්නයට එල්ල වූ ඉරාන ප්‍රහාරයක් හේතුවෙන් ඩුබායි ජාත්‍යන්තර ගුවන්තොටුපළේ ගුවන් ගමන් තාවකාලිකව අත්හිටුවීමට ඩුබායි සිවිල් ගුවන් සේවා අධිකාරිය කටයුතු කළා.

කෙසේ වෙතත් පසුව එරට ජාතික ගුවන් සේවයක් වන එමිරේට්ස් ගුවන් සේවය සීමා සහිත ගුවන් ගමන් කාලසටහනක් ක්‍රියාත්මක කරමින් ගුවන් ගමන් යළි ආරම්භ කරනු ලැබුවා.

මේ අතර එක්සත් අරාබි එමීර් රාජ්‍යය සිය ගුවන් කලාපය අද දිනයේ මෙලෙස සිය ගුවන් කලාපය තාවකාලිකව වසා දැමීම හේතුවෙන් දැඩි අර්බුදයක් මතුව ඇති බවයි විදෙස් වාර්තා සඳන් කළේ.