බොරතෙල් මිල තවත් ඉහළ යයි

ඉරානය සමඟ එක්සත් ජනපද-ඊශ්‍රායල් යුද්ධය උග්‍ර වන පසුබිමක අද (17) උදෑසන වනවිට ලෝක වෙළඳපොළේ බොරතෙල් මිල ඉහළ ගොස් තිබෙනවා.

ඒ, අනුව බ්‍රෙන්ට් වර්ගයේ තෙල් බැරලයක් 2.8% කින් මිල ඉහළ ගොස් ඇති අතර එය මේ වනවිට ඩොලර් 103.08ක් ලෙස පවතිනවා.

එමෙන්ම එක්සත් ජනපදය වෙළඳාම් කරන බොරතෙල් බැරලයක් 3% කින් පමණ ඉහළ ගොස් ඇති බවයි වාර්තා වන්නේ.

ඒ, අනුව එම බොරතෙල් බැරලයක් මේ වනවිට ඩොලර් 96.25 දක්වා මිල ඉහළ ගොස් ඇති බවයි වාර්තාවල දැක්වෙන්නේ.

මේ අතර ගෝලීය බලශක්ති අර්බුදයට පිළියම් වශයෙන් ජාත්‍යන්තර බලශක්ති ඒජන්සියේ සාමාජික රටවල් සතු හදිසි තෙල් සංචිත ඉදිරියේ දී අවශ්‍යතාවය පරිදි තවදුරටත් මුදාහැරීමට හැකි බව එම ඒජන්සියේ විධායක අධ්‍යක්ෂ ෆාති බිරෝල් පවසනවා.

පසුගිය සතියේ දී එම ඒජන්සිය ඉතිහාසයේ විශාලතම තෙල් සංචිත ප්‍රමාණය මුදාහැරීමට එකඟ වුණා.

එම මුදාහැරීමෙන් පසුව වුවද තවත් බැරල් බිලියන1.4 කට අධික හදිසි තෙල් සංචිත ප්‍රමාණයක් ඉතිරිව පවතින බවයි ඔහු වැඩිදුරටත් පවසා ඇත්තේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජනමත විචාරණයක් ඉල්ලා රුවන්වැලිනාහිමිපානන්ට සංදේශයක් දී දේව කන්නලව්වක් කරයි
02:35
Video thumbnail
මූණු විතරයි මාරුවුණේ ප්‍රතිපත්ති වෙනස්වෙලා නෑ - පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය රටට ඕනිද ?
09:16
Video thumbnail
කන්ද උඩරට ඇසළ පෙරහර දෙවෙනි කුඹල් පෙරහර පැවැත්වූ අයුරු - බලන්නකෝ ඒ ලස්සන
03:14
Video thumbnail
රන්දෙවොල වගේ තියෙන අධිකරණය යටත් කරගන්න යන්නේ - ජනතාවගේ මනස විකෘති කරලා 22වන සංශෝධනය ගැන
04:04
Video thumbnail
කංජිපානිගේ හිතවතෙක් අවසන් ගමන් යවන්න සැරසුණු පිරිසක් මාට්ටු
01:43
Video thumbnail
ග්‍රෙගරි වැවේ බිහිසුණු බෝට්ටුඅනතුරේ ඇත්ත කතාව එළියට
01:45
Video thumbnail
කංජිපානිගේ හිතවතෙක් අවසන් ගමන් යවන්න සැරසුණු පිරිසක් මාට්ටු - සෙට් එක නොන්ඩි ගගහා එන හැටි
03:01
Video thumbnail
ආයතනයකට කඩා පැනලා යකා නටපු හැටි - තඩි හොරුනේ තමුසෙලා..සල්ලි අරගෙන මුන් ජෝගි දානවා
05:47
Video thumbnail
බෙල්ලන්විල ධම්මරතන නාහිමිගෙන් ආණ්ඩුවට සැර කතාවක් - හොරු ඉන්නවා වැහි වැහැලා..මේක සාර්ථක නෑ
03:59
Video thumbnail
පොලිසියේ අවධානය පිණිසයි.. ජීවිත අනතුරේ හෙළමින් මහ පාර බදු අරන් ගිය බස් රථය...
00:57