කහ ගෑස් සිලින්ඩරය නිල් පාටකර ගෙනත් දීලා

කහ පැහැති ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක වර්ණය වංචා සහගත ලෙස වෙනස්කර ලිට්‍රෝ ගෑස් අලෙවි නියෝජිතවරයාට ලබාදී ගෑස් සහිත ලිට්‍රෝ සිලින්ඩරයක් රැගෙන ගිය පුවතක් වාර්තා වේ.

පසුගිය 27 වනදා කාන්තාවක් විසින් එම වංචාව සිදුකර තිබූ බව CCTV කැමරාවේ දර්ශන ඔස්සේ සොයාගෙන තිබේ.

හැටන් දික්ඔය නගරයේ ලිට්‍රෝ ගෑස් අලෙවි නියෝජිතවරයාට එම වංචාව සිදුකර තිබුණි.

හිස් ගෑස් සිලින්ඩර ඊයේ (28) දිනයේදී ලොරි රථයට පටවන අවස්ථාවේදී එක් සිලින්ඩරයක කහ පැහැය මතුවීම හේතුවෙන් වෙළෙඳසැලේ CCTV දර්ශන පරීක්ෂා කිරීමේදී මේ පිළිබඳ අනාවරණ වී ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් අදාළ ව්‍යාපාරිකයා පොලීසියට පැමිණිලි කර තිබේ.  

මේ අතර පාරිභෝගිකයින්ගේ අවශ්‍යතාව පදිරි වෙළෙඳපොලේ තවමත් ලාෆ් ගෑස් ලබාගැනීමට නොහැකි බවද වාර්තා වෙයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බෙරගල පහළ විහාර ගල ගිනිතැබීම සිද්ධියේ වීඩියෝ එළියට ? පේනවද ගි#නි තියන හැටි ?
01:12
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාන්න ගිහින් වැඩ වැරදුණු පොලිසිය
00:56
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාලා තියෙන්නේ..මෙන්න පොලිසියේ කෙරුවාව - විලි ලැජ්ජා නැද්ද යකෝ?ආතල් ගන්න එපා
01:12
Video thumbnail
රනිල් ආයේ පාර්ලිමේන්තු යනවද ?යන එක එයාගේ වැඩක්..අපි සහයෝගයෙන් වැඩ
01:10
Video thumbnail
පැහැදිලිවම රටේ ඊළඟ ජනාධිපති සජිත් ප්‍රේමදාස - නාමල් මහන්සිවෙලා විපක්ෂ නායකවත් වෙන්න
02:54
Video thumbnail
අගමැති හරිනිගෙන් සැර කතාවක් - රැගින්වලටනම් අපෙන් කිසි සමාවක් නෑ
02:56
Video thumbnail
මේ ඵාපකර්මයට කවුරුත් හවුල් වෙන්න එපා - ජනමත විචාරණයෙන් ආණ්ඩුවට අන්ත පරාජයක් දෙන්න පුළුවන්
04:02
Video thumbnail
අජිත්ගෙන් ආණ්ඩුවට අභියෝගයක් - පැරදෙනවා කියලා බය හින්දා මේ කියවන්නේ
04:56
Video thumbnail
මල්වෙඩි දාලා නාමල්ව වේදිකාවට ගෙනෙයි
00:57
Video thumbnail
CTB බසයක් ලොරි රථයක වැදී බිහිසුණු අනතුරක්
00:42