කසිප්පු විෂ වූ තවත් 08 දෙනෙක් මීගමුව සහ පේරාදෙණිය රෝහල්වල

වෙන්නප්පුව පොලිස් වසමේදී නීති විරෝධී මත්පැන් පානය කළ පුද්ගලයන් 06 දෙනෙක් මිය යෑමේ සිද්ධිය සම්බන්ධයෙන් වෙන්නප්පුව පොලිසියේ විමර්ශන නිලධාරින් විසින් සිද්ධියට සම්බන්ධ සැකකාරියන් දෙදෙනෙක් අත්අඩංගුවට ගෙන ඊයේ (07) දින මාරවිල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කළා.

එහිදී එම සැකකාරියන් දෙදෙනා ලබන 19 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.

එමෙන්ම මෙම සිද්ධියේ ප්‍රධාන සැකකරු ද ඊයේ (07) දිනයේදී අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලිසිය පවසන්නේ.

එම සැකකරු වයස අවුරුදු 47 ක් වන ගාලවත්ත, නැගෙනහිර බණ්ඩිරිප්පුව ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

සිද්ධිය සම්බන්ධයෙන් මරණකරුවන් 05 දෙනෙකුගේ පශ්චාත් මරණ පරීක්ෂණ හලාවත රෝහලේදී සිදු කර ඇති අතර ඇල්කොහොල් විෂ වීම හේතුවෙන් මෙම මරණ සිදුව ඇති බවට අනාවරණය වී තිබෙනවා.

අනෙක් මරණකරුගේ පශ්චාත් මරණ පරීක්ෂණය හලාවත රෝහලේදී අද (08) දින සිදු කිරීමට නියමිතවයි.

එමෙන්ම මත්පැන් පානය කර රෝගාතුර වූ තවත් පුද්ගලයින් 08 දෙනෙක් මීගමුව හා පේරාදෙනිය යන රෝහල් වල ප්‍රතිකාර ලබමින් පවතිනවා.

වෙන්නප්පුව පොලිසිය මඟින් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
2
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?