කසිප්පු විෂ වූ තවත් 08 දෙනෙක් මීගමුව සහ පේරාදෙණිය රෝහල්වල

වෙන්නප්පුව පොලිස් වසමේදී නීති විරෝධී මත්පැන් පානය කළ පුද්ගලයන් 06 දෙනෙක් මිය යෑමේ සිද්ධිය සම්බන්ධයෙන් වෙන්නප්පුව පොලිසියේ විමර්ශන නිලධාරින් විසින් සිද්ධියට සම්බන්ධ සැකකාරියන් දෙදෙනෙක් අත්අඩංගුවට ගෙන ඊයේ (07) දින මාරවිල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කළා.

එහිදී එම සැකකාරියන් දෙදෙනා ලබන 19 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.

එමෙන්ම මෙම සිද්ධියේ ප්‍රධාන සැකකරු ද ඊයේ (07) දිනයේදී අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලිසිය පවසන්නේ.

එම සැකකරු වයස අවුරුදු 47 ක් වන ගාලවත්ත, නැගෙනහිර බණ්ඩිරිප්පුව ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

සිද්ධිය සම්බන්ධයෙන් මරණකරුවන් 05 දෙනෙකුගේ පශ්චාත් මරණ පරීක්ෂණ හලාවත රෝහලේදී සිදු කර ඇති අතර ඇල්කොහොල් විෂ වීම හේතුවෙන් මෙම මරණ සිදුව ඇති බවට අනාවරණය වී තිබෙනවා.

අනෙක් මරණකරුගේ පශ්චාත් මරණ පරීක්ෂණය හලාවත රෝහලේදී අද (08) දින සිදු කිරීමට නියමිතවයි.

එමෙන්ම මත්පැන් පානය කර රෝගාතුර වූ තවත් පුද්ගලයින් 08 දෙනෙක් මීගමුව හා පේරාදෙනිය යන රෝහල් වල ප්‍රතිකාර ලබමින් පවතිනවා.

වෙන්නප්පුව පොලිසිය මඟින් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.08.04
01:12:25
Video thumbnail
අවු:16ට වැඩි හැමෝගෙම පෞද්ගලික තොරතුරු ඉන්දියාවට ගන්න පුළුවන් - ප්‍රබල හෙළිදරව්වක්
06:32
Video thumbnail
ජනපති ප්‍රධානත්වයෙන් අධිකරණ අමාත්‍යාංශයට අදාළව 2027 පූර්ව අයවැය සාකච්ඡාව
01:22
Video thumbnail
බුදු අම්මෝ රනිල්ට හීරේට යනකොට තිබ්බ ලෙඩගොඩ - මෙතෙක් හිරගෙවල්වට ගියේ පුංචි මිනිස්සු
05:26
Video thumbnail
ආණ්ඩුව යටින් ලොකු ගේමක් ග#න්න හදන්නේ - අපි මේකට කැමති නෑ
03:05
Video thumbnail
දැන් ගොවියෝ තියෙන මිල ඇති කියනවා..ගොවියොත් එක මතේක නෑනේ
07:41
Video thumbnail
කාසල්රි සහ මාවුස්සාකැලේ ජලාශවල ජල මට්ටම පිටාර මට්ටමට
01:23
Video thumbnail
ගමේ ඉපදිච්ච එවුන්ට ගඟට එන්න අවසර නෑ
01:23
Video thumbnail
පොලිසියට අල්ලස් දෙන්න ගිය තරුණයාට වැඩ වැරදුණු හැටි
00:49
Video thumbnail
උත්තරීතර පාර්ලිමේන්තු ආසනයේ ඉදගෙන නි ඇමති දැම්ම සෙල්ලම
00:33