කොත්මලේ වෙදමුල්ල රම්බොඩ ප්‍රදේශයේ රක්ෂිතයක පවත්වාගෙන යන නීති විරෝධී මත්පැන් ස්කාගාරයක් වැටලීමට ගිය කොත්මලේ පොලිසියේ නිළධෘරින් 07 දෙනෙක්ට අද (01) බඹර ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා.
රක්ෂිතය තුල ගමන් කිරිමෙදි ගසක බැද තිබූ බඹර කුඩුවක් ඇවිස්සි එම වැටලිමට ගිය කොත්මලේ පොලිසයේ අපරාධ විමර්ෂණ ඒකකයේ ස්ථානාධිපතිපතිවරයා ඇතුලු පොලිස් නිළධාරින් 07 දෙනෙක්ට බඹරුන් විශාල ලෙස දශ්ඨ කර තුවාල කර ඇති බවයි වාර්තා වන්නේ.
පසුව 1990 සුවසැරි ගිලන් රථ දෙකක් එම රක්ෂිතය ආසන්නයට ගෙන්වා තුවාල ලැබූ පොලිස් නිලධාරීන් පිරිස කරුවන් 07
කොත්මලේ ප්‍රාදේශීය රෝහල වෙත ඇතුලත් කර තිබෙනවා.
කෙසේ වෙතත් ඒ අතර සිටි පොලිස් නිළධාරින් 5 දෙනෙක් පසුව නුවරඑලිය දිස්ත්‍රික් මහ රෝහල වෙත ඇතුළත් කළ බවයි පොලිසිය සඳහන් කළේ.
ඒ අතරින් පොලිස් නිළධාරින් තිදෙනෙක්ගේ තත්ත්වය බරපතල බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කළා.













