කලාවැවේ නිධන් හෑරීම සෙවීමට විශේෂ පරීක්ෂණ කණ්ඩායමක්

පසුගිය සතියේ අනුරාධපුර කලාවැවේ නිධන් සොයා කැණීම් කටයුතු සිදු කිරීමේ සිද්ධිය සම්බන්ධ‍යෙන් විශේෂ විමර්ශනයක් සිදු කිරීමට පරීක්ෂණ කණ්ඩායමක් පත් කර තිබෙනවා.

ශ්‍රීලංකා මහවැලි අධිකාරිය විසින් මෙම මූලික විමර්ශණ කණ්ඩායම පත් කර ඇති බවයි වාර්තා වන්නේ.

කලාවැව පිටවානේ පාදම ආසන්නයේ ගල් තලාව මත නිධන් හෑරීමක් සිදු ව ඇති බවටයි දසත ප්‍රවෘත්ති පසුගියදා අනාවරණය කළේ.

මෙම විශේෂ විමර්ශනය සඳහා ප්‍රධාන ඇළ වේලි හා ජලාශ මෙහෙයුම් අධ්‍යක්ෂ ඩී.එම්.ධර්මදාස, මහවැලි අධිකාරියේ ඉඩම් පරිහරණ අධ්‍යක්ෂිකා ඉන්දිකා ජයවීර සහ බෝවතැන්න ජලාශ භාර කාර්යය භාර ඉංජිනේරු බුද්ධික මහේෂ් නවරත්න ඇතුළු මහවැලි නිලධාරී කණ්ඩායමක් අදාළ සිදුවීම සම්බන්ධයෙන් පරීක්ෂණ කටයුතු සිදු කරනවා.

සිද්ධිය සමබන්ධයෙන් සොයාබැලීම සඳහා නිරීක්ෂණ කටයුතුවලට ගිය පලාගල නාඋයන ඓතිහාසික උපුල්වෙහෙර රජමහා විහාරයේ විහාරාධිපති රාකීය පණ්ඩිත දාගම ධම්මාලංකාර හිමියන් මාධ්‍යයට අදහස් දක්වමින් පවසා සිටියේ, මිනිස්සුන්ගෙ ජීවය බඳු කලාවැව ආරක්ෂා කිරීම සඳහා නිසි වැඩපිළිවෙලක් දියත් කළ යුතු බවයි.

කලාවැවේ නිධන් හෑරීමේ සිදුවීම සම්බන්ධයෙන් වනජීවී, වනසම්පත් සංරක්ෂණ හා වාරිමාර්ග අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චිගේ උපදෙස් මත මහවැලි අධ්‍යක්ෂ මහේන්ද්‍ර අබේවර්ධනගේ මෙහෙයවීමෙන් මෙම විශේෂ පරීක්ෂණ කටයුතු ආරම්භ කර ඇති බවත් අප ප්‍රාදේශීය වාර්තාකරු සඳහන් කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
5
+1
1
+1
1
+1
2
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සජිත්ට ඇයි මේ අවුරුදු කටේ තරහා ගිහිං
Video thumbnail
ගම අපිට සුද්ද කරලා දෙන්න කොහොමහරි ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අපි අයින් කරන්නම්
04:49
Video thumbnail
තංගල්ල පොලිසිය ගහපු සුපිරි ගේම් එක මෙන්න
01:01
Video thumbnail
තංගල්ල පොලිසිය ගහපු සුපිරි ගේම් එක මෙන්න
02:30
Video thumbnail
රෝහණ බණ්ඩාර හදිසියේ මාධ්‍ය කැඳවයි - බටලන්ද ගෙනල්ලා පටි රෝල් නේද
17:56
Video thumbnail
පරණ අවුරුද්දේ හද කම්පා කළ සිද්දිය
02:05
Video thumbnail
දැන් තුනත් නෑ - හෙල්ලෙන්නෙත් නෑ - අපිලගේ සාදු අද කතරගම හොල්ලයි
04:51
Video thumbnail
කොළඹ රන් කරපු ගමේ කොල්ලෝ කෙල්ලෝ ඔක්කොම අවුරුද්දට ගමේ ගිහිං
09:38
Video thumbnail
අවුරුදු නැකත් වැරදියි - මාධ්‍ය කැඳවයි - නැකත් නිසා අවුරුදු හබක් වෙයිද ?
18:53
Video thumbnail
කොටහේන වෙ# තැබීමේ නවතම දර්ශන - සැකකරු තවම මිසින් පොලිසිය කොළඹ පීරයි
03:43

?