කලාවැවේ නිධන් හෑරීම සෙවීමට විශේෂ පරීක්ෂණ කණ්ඩායමක්

පසුගිය සතියේ අනුරාධපුර කලාවැවේ නිධන් සොයා කැණීම් කටයුතු සිදු කිරීමේ සිද්ධිය සම්බන්ධ‍යෙන් විශේෂ විමර්ශනයක් සිදු කිරීමට පරීක්ෂණ කණ්ඩායමක් පත් කර තිබෙනවා.

ශ්‍රීලංකා මහවැලි අධිකාරිය විසින් මෙම මූලික විමර්ශණ කණ්ඩායම පත් කර ඇති බවයි වාර්තා වන්නේ.

කලාවැව පිටවානේ පාදම ආසන්නයේ ගල් තලාව මත නිධන් හෑරීමක් සිදු ව ඇති බවටයි දසත ප්‍රවෘත්ති පසුගියදා අනාවරණය කළේ.

මෙම විශේෂ විමර්ශනය සඳහා ප්‍රධාන ඇළ වේලි හා ජලාශ මෙහෙයුම් අධ්‍යක්ෂ ඩී.එම්.ධර්මදාස, මහවැලි අධිකාරියේ ඉඩම් පරිහරණ අධ්‍යක්ෂිකා ඉන්දිකා ජයවීර සහ බෝවතැන්න ජලාශ භාර කාර්යය භාර ඉංජිනේරු බුද්ධික මහේෂ් නවරත්න ඇතුළු මහවැලි නිලධාරී කණ්ඩායමක් අදාළ සිදුවීම සම්බන්ධයෙන් පරීක්ෂණ කටයුතු සිදු කරනවා.

සිද්ධිය සමබන්ධයෙන් සොයාබැලීම සඳහා නිරීක්ෂණ කටයුතුවලට ගිය පලාගල නාඋයන ඓතිහාසික උපුල්වෙහෙර රජමහා විහාරයේ විහාරාධිපති රාකීය පණ්ඩිත දාගම ධම්මාලංකාර හිමියන් මාධ්‍යයට අදහස් දක්වමින් පවසා සිටියේ, මිනිස්සුන්ගෙ ජීවය බඳු කලාවැව ආරක්ෂා කිරීම සඳහා නිසි වැඩපිළිවෙලක් දියත් කළ යුතු බවයි.

කලාවැවේ නිධන් හෑරීමේ සිදුවීම සම්බන්ධයෙන් වනජීවී, වනසම්පත් සංරක්ෂණ හා වාරිමාර්ග අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චිගේ උපදෙස් මත මහවැලි අධ්‍යක්ෂ මහේන්ද්‍ර අබේවර්ධනගේ මෙහෙයවීමෙන් මෙම විශේෂ පරීක්ෂණ කටයුතු ආරම්භ කර ඇති බවත් අප ප්‍රාදේශීය වාර්තාකරු සඳහන් කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
5
+1
1
+1
1
+1
2
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පවතින කාලගුණයෙන් හැමෝම පරිස්සම් වෙන්න..ගස් කඩා වැටීම් වෙන්න පුළුවන්
03:24
Video thumbnail
ජල කප්පාදු කරන කාලය පැය කිහිපයකින් අඩු කරනවා..අප්‍රේල් මාසයට අවශ්‍ය ජල ප්‍රමාණය තියෙනවා
08:43
Video thumbnail
අනතුරකින් පාදයේ ආබාධයකයට ලක්වූ සෙබඩකට පිහිටට ආ තරුණ යුවළ
01:01
Video thumbnail
වියළි කාලගුණය හමුවේ ගාල්ලේ දැන් තත්ත්වය
00:54
Video thumbnail
බලශක්ති ඇමතිගේ පොටෝ එකක් අරන් ගමක් දෙවනත් කළ පන්දම් විරෝධතාව..පච අනුර එදා කිව්වේ බොරු..
08:33
Video thumbnail
වැඩ වර්ජනය නිසා මිනිසුන්ගේ රතු කට්ට පනියි..ඡන්දේ දීලා අපි විදින දුකක්..මාසෙකට කීයක් Strike කරනවද
03:43
Video thumbnail
PHI සෙට් එකක් අත්‍යවශ්‍ය ආහාර ගබඩා සහ වෙළඳසැල්වලට ඇවිත් දුන්න ෆුල් සුද්දය
03:58
Video thumbnail
"Private ගන්න සල්ලි නෑනේ මහත්තයෝ"..වෛද්‍ය වැඩ වර්ජනය හේතුවෙන් රෝගීන් දැඩි අපහසුතාවයට
01:44
Video thumbnail
වියළි කාලගුණය හමාර කරමින් බුත්තලට සහ මොණරාගලට තද වැසි
00:58
Video thumbnail
"අඩේ..අඩේ..ඉක්මනට ඇතුළට ඇදහන් බන්" යතුරුපැදියක් - ලොරියක වැදී සිදුවූ බිහිසුණු අනතුර
01:29