කල් දැමුණු උ.පෙළ විභාගයේ ඉතිරි විෂයන් අද සිට

දිට්වා සුළි කුණාටුව හේතුවෙන් කල් දැමුණු අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ ඉතිරි විෂයන් අද (12) දිනයේ සිට පැවැත්වීමට නියමිතයි.

ඒ, අනුව විභාගයේ ඉතිරි විෂයන් අද (12) දිනයේ සිට ලබන 20 වනදා දක්වා පැවැත්වීමට නියමිත බවයි විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

විභාගය දිවයින පුරා විභාග මධ්‍යස්ථාන 2,086 කදී පැවැත්වීමට නියමිත අතර, සම්බන්ධීකරණ මධ්‍යස්ථාන 325ක් සහ ප්‍රාදේශීය මධ්‍යස්ථාන 32ක් ක්‍රියාත්මක වනවා.

මේ අතර ආපදා හේතුවෙන් ජාතික හැදුනුම්පත්, රියදුරු බලපත්‍ර, විදේශ ගමන් බලපත්‍ර වැනි අනන්‍යතා පත්‍ර අස්ථාන ගත වී ඇත්නම් තාවකාලික අනන්‍යතා පත්‍රයක් ඉදිරිපත් කිරීමෙන් විභාගයට පෙනී සිටීමට අවස්ථාව සලසා දී ඇති බවයි විභාග කොමසාරිස් ජනරාල් ඉන්දිකා කුමාරි සඳහන් කළේ.

පෙර කාලසටහනේ පැවති විභාග කටයුතු සිදුකරන වේලාවන් සංශෝධිත කාලසටහන තුළ ද වෙනස් නොවී පවතින බවයි විභාග කොමසාරිස් ජනරාල්වරිය වැඩිදුරටත් සඳහන් කළේ.

7
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?