කලහ කළ සාපෙළ අපේක්‍ෂකයින් ගැන වාර්තාවක් කැඳවයි

නිමාවට පත් වූ අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාග කාලසීමාවේදි විභාග මධ්‍යස්ථානවලට හානි කිරීමේ සිදුවීම් සම්බන්ධයෙන් විභාග දෙපාර්තමේන්තුව වාර්තාවක් කැඳවා තිබෙනවා.

විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර පැවසුවේ විභාග මධ්‍යස්ථාන තුළ විනය විරෝධීව හා කලහකාරීව හැසිරුණු අපේක්‍ෂකයින්ගේ තොරතුරු සමග එම වාර්තාවන් ලබාදෙන ලෙස ශාලාධිපතිවරුන් වෙත දැනුම් දි ඇති බවයි.

විභාග මධ්‍යස්ථාන තුළ විනය විරෝධී හා කලහකාරී ලෙස හැසිරුණු විභාග අපේක්‍ෂකයින්ට එරෙහිව දැඩිව නීතිය ක්‍රියාත්මක කරන බවද විභාග කොමසාරිස් ජනරාල්වරයා කියාසිටියා.

එවැනි සිදුවීම් කිහිපයක් පිළිබඳ තමන්ට මේ වනවිටත් තොරතුරු ලැබී ඇති අතර ඒ සම්බන්ධයෙන් දැනටමත් විමර්ශන ආරම්භ කර ඇති බව ඔහු සදහන් කළා.

විභාග මධ්‍යස්ථාන තුළ විනය විරෝධී හා කලහකාරී ලෙස හැසිරීම බරපතල වරදක් වන බවයි මෙහිදී ප්‍රකාශ කෙරුණේ.

එවැනි විභාග අපේක්‍ෂකයන්ගේ ප්‍රතිඵල අත්හිටුවීමට පවා මීට පෙර ක්‍රියාමාර්ග ගෙන ඇති බව ද විභාග කොමසාරිස් ජනරාල්වරයා පෙන්වා දී තිබෙනවා.

මේ අතර විභාග මධ්‍යස්ථානවලදි වෙනත් පාසල්වල සිසුන්ට පහරදීමේ සිදුවීම් කිහිපයක් ද වාර්තා වී තිබුණා.

විභාගය අවසන් වන තෙක් ඊට අදාළ සැකකරුවන් සම්බන්ධයෙන් දැඩි නීතිමය ක්‍රියාමාර්ග නොගත් නමුත් විභාගය අවසන් වූ පසු අවශ්‍ය නම් ඔවුන් අත්අඩංගුවට ගන්නා ලෙස පොලිසියට දැනුම්දි ඇති බවයි විභාග කොමසාරිස් ජනරාල්වරයා වැඩිදුරටත් සඳහන් කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විමල්ගේ සත්‍යග්‍රහය ජය ඝෝෂා මැද අවසන් වෙයි
01:45
Video thumbnail
යතුරුපැදියකින් ඇවිත් මහපාරේ යන වාහනවලට ගැ#ව පුද්ගලයා අත්අඩංගුවට
01:16
Video thumbnail
ලාල් කාන්ත මිහින්තලේ හිමිගෙන් සමාව ගන්න
04:26
Video thumbnail
ලාල් කාන්ත මිහින්තලේ හිමිට කියූ වාග් ප්‍රහාරය නිසා කැබිනට් මාධ්‍ය හමුව රත්වෙයි..
05:40
Video thumbnail
2027 වසරට කල් දැම්ම පුවත, සත්‍යග්‍රහයේ සිට විමල් බලයි..සතුටට කට්ටිය ප්‍රීති ඝෝෂා තියයි
00:58
Video thumbnail
අපි ගත්ත තීන්දු විමල් වීරවංශට උපවාසය නවත්තන්න හේතුවක් වෙන්නේ නෑ
05:57
Video thumbnail
ලාල් කාන්තගේ ප්‍රකාශයට මිහින්තලේ හිමි CIDයට එයි
06:00
Video thumbnail
AIවලින් රටක් කරන්න බෑනේ..එහෙනම් ට්‍රම්ප් කරනවනේ..ළමයි රොබෝලා කරලා රටක් දියුණු කරන්න පුළුවන්ද?
09:16
Video thumbnail
6 ශ්‍රේණියේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ලබන වසරට කල් දැමේ..වගකිය යුතු නිලධාරින්ට දැඩි විනය ක්‍රියාමාර්ග
03:43
Video thumbnail
ලාල් කාන්තලාට ඒ කාලේ කන්න දුන්නේ හාමුදුරුවෝ
04:07


?