කලහ කළ සාපෙළ අපේක්‍ෂකයින් ගැන වාර්තාවක් කැඳවයි

නිමාවට පත් වූ අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාග කාලසීමාවේදි විභාග මධ්‍යස්ථානවලට හානි කිරීමේ සිදුවීම් සම්බන්ධයෙන් විභාග දෙපාර්තමේන්තුව වාර්තාවක් කැඳවා තිබෙනවා.

විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර පැවසුවේ විභාග මධ්‍යස්ථාන තුළ විනය විරෝධීව හා කලහකාරීව හැසිරුණු අපේක්‍ෂකයින්ගේ තොරතුරු සමග එම වාර්තාවන් ලබාදෙන ලෙස ශාලාධිපතිවරුන් වෙත දැනුම් දි ඇති බවයි.

විභාග මධ්‍යස්ථාන තුළ විනය විරෝධී හා කලහකාරී ලෙස හැසිරුණු විභාග අපේක්‍ෂකයින්ට එරෙහිව දැඩිව නීතිය ක්‍රියාත්මක කරන බවද විභාග කොමසාරිස් ජනරාල්වරයා කියාසිටියා.

එවැනි සිදුවීම් කිහිපයක් පිළිබඳ තමන්ට මේ වනවිටත් තොරතුරු ලැබී ඇති අතර ඒ සම්බන්ධයෙන් දැනටමත් විමර්ශන ආරම්භ කර ඇති බව ඔහු සදහන් කළා.

විභාග මධ්‍යස්ථාන තුළ විනය විරෝධී හා කලහකාරී ලෙස හැසිරීම බරපතල වරදක් වන බවයි මෙහිදී ප්‍රකාශ කෙරුණේ.

එවැනි විභාග අපේක්‍ෂකයන්ගේ ප්‍රතිඵල අත්හිටුවීමට පවා මීට පෙර ක්‍රියාමාර්ග ගෙන ඇති බව ද විභාග කොමසාරිස් ජනරාල්වරයා පෙන්වා දී තිබෙනවා.

මේ අතර විභාග මධ්‍යස්ථානවලදි වෙනත් පාසල්වල සිසුන්ට පහරදීමේ සිදුවීම් කිහිපයක් ද වාර්තා වී තිබුණා.

විභාගය අවසන් වන තෙක් ඊට අදාළ සැකකරුවන් සම්බන්ධයෙන් දැඩි නීතිමය ක්‍රියාමාර්ග නොගත් නමුත් විභාගය අවසන් වූ පසු අවශ්‍ය නම් ඔවුන් අත්අඩංගුවට ගන්නා ලෙස පොලිසියට දැනුම්දි ඇති බවයි විභාග කොමසාරිස් ජනරාල්වරයා වැඩිදුරටත් සඳහන් කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ශානි අබේසේකර ගෙදර යන්න
07:15
Video thumbnail
ගම්මන්පිලට යකා ආරූඪ වෙයි"මේක මගේ පොත නෙවෙයි..ව්‍යාජ එකක්"..රහස් පොලිසිය බුද්ධිමය දේපළ හොරකම් කරලා
06:03
Video thumbnail
ඩිල්කා, සුදාගෙන් මිලියන 100ක් ඉල්ලයි - Australia පොලිසියටත් පැමිණිලි
05:03
Video thumbnail
GMOA එකෙන් ඇමති නලින්දට අභියෝගයක්..ප්‍රථමයෙන්ම පැමිණිලි කරන්න ඕනි ඔයාට විරුද්ධව
11:01
Video thumbnail
අනුරට බෑ කියලා උඩ ඉන්න දෙයියෝත් දන්නවා
06:23
Video thumbnail
යතුරුපැදිකරු බරපතළ කළ බිහිසුණු අනතුර..බයික් එක කුඩේ කුඩු
01:04
Video thumbnail
විපක්ෂයට වෙන කියන්න දෙයක් නැති නිසා ගල් අඟුරු ගැන කියවන්නේ
05:03
Video thumbnail
විදුලි බිල 50%වත් වැඩි කරන්න ඕනිලු..ජනාධිපතිතුමා වැඩ බැරි ඇමතිලා ගෙදර යවන්න
01:47
Video thumbnail
පෙරටුගාමීන් පාරට බැහැලා නගරයම දෙකක් කරයි..අපේ රට යුද පිටියක් වෙන එක නවත්තන්න බැහැ
07:45
Video thumbnail
මිහින්තලේ ප්‍රදේශයට දැඩි වර්ෂාපතනයක් ඇද හැලුනු හැටි මෙන්න
01:16