spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

කලපුවක පාවෙමින් තිබියදී මළසිරුරක් හමුවෙයි

මසුන් අල්ලමින් සිටියදී ජලයට වැටී අතුරුදහන් වූ ධීවරයාගේ මළසිරුර (15) දින හමුවු බව මන්නාරම පොලීසිය පවසයි.

මන්නාරම සවුත්බාර් ප්‍රදේශයේ කලපුවක පසුගිය 14 වනදා සවුත්බාර් ප්‍රදේශයේ ධීවරයින් තිදෙනෙකු ධීවර යාත්‍රාවක් ආධාරයෙන් මසුන් අල්ලමින් සිටියදී එක් ධීවරයෙකු හදීසියේම ජලයට වැටී අතුරුදහන්වී ඇත.අනතුර ධීවරයින් හා මන්නාරම් පොලීසියද එක්ව අතුරුදහන් ළුූ ධීවරයා සෙව්වද හමුනොවීම හේතුවෙන් 14 වනදා දිනය පුරා නාවික හමුදාවේද සහය ඇතිව ධීවරයා සෙව්වද හමුනොවීය. කෙසේ වෙතත් (15) මන්නාරම් ධීවරයෙකු මසුන් ඇල්ලීම සඳහා අදාල කලපු ප්‍රදේශයට ගොස් සිටියදී සිරුරක් කලපු ජලයේ පාවෙමින් තිබෙනු දැක ඒ පිළිබඳව පොලීසියට දැනුම් දීමෙන් අනතුරුව ධීවරයාගේ සිරුර ගොඩට ගැනීමට පියවර ගන්නා ලදි.

එම මළසිරුර 14 වනදා දියට වැටී අතුරුදහන් වූ ධීවරයා බවට හඳුනාගෙනඇති අතර මළසිරුර මන්නාරම රෝහලට රැගෙන යාමට පියවර ගනු ලැබීය. මෙලෙස දියේ ගිලීමෙන් මරණයට පත්ව ඇත්තේ මන්නාරම එමිල්නගර් ප්‍රදේශයේ පදිංචි 29 හැවිරිදි ක්‍රිෂ්ටෝපර් ජැකලීන් නැමති ධීවරයා බවට හඳුනාගැනාගෙන ඇති අතර මන්නාරම පොලීසිය වැඩිදුර පරික්ෂණ සිදුකරයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?