AFC Banner
AFC Banner
Empty Ad

කලක සිට දඩමස් විකුණූ අයෙකු අත්අඩංගුවට

කාලයක් තිස්සේ දඩමස් විකුණූ වෙළෙඳසැල් හිමියෙකු දඩමස් තොගයක් සමග හික්කඩුව වනජීවී කාර්‍යාලයේ නිලධාරීන් විසින් අත් අඩංගුවට ගනු ලැබුවා.

දසත ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ මෙම සැකකරුව අත් අඩංගුවට ගෙන ඇත්තේ බද්දේගම ප්‍රදේශයේ දී බවයි.

මෙම වැටලීම ඊයේ (16) දිනයේ දී සිදු කර තිබෙනවා.

වෙළෙඳසැල පරීක්ෂා කිරීමේ දී අධි ශීතකරණයක බහා තිබූ ගෝනමස් කිලෝග්‍රෑම් 80ක් සහ වල් ඌරු මස් කිලෝග්‍රෑම් 40ක් සොයාගෙන තිබෙනවා.

අත් අඩංගුවට ගත් සැකකරු සහ මස් තොගය බද්දේගම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ අතර
අත්අඩංගුවට ගත් සැකකරු රුපියල් ලක්ෂය බැගින් වූ ශරීර ඇප දෙකක් මත නිදහස් කෙරුණා.

මාංශ තොගය විනාශ කිරීමටයි උසාවියෙන් නියෝග හිමිව ඇත්තේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?