කලකිරීමට පත් වූ කවාජා ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමුදෙයි

අළු බඳුන ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ අනිද්දා (04) ආරම්භ වන අවසන් තරගයෙන් පසු තමන් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමුදෙන බව ඕස්ට්‍රේලියානු පිතිකරු උස්මාන් කවාජා පවසනවා.

ඒ, අනුව 2011 වසරේ දී සිය මංගල ටෙස්ට් තරගය ක්‍රීඩාකළ සිඩ්නි ක්‍රීඩාංගණයේ දීම අවසන් ජාත්‍යන්තර තරගයට ක්‍රීඩා කිරීමේ අවස්ථාව කවාජාට හිමිවනවා.

ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගැනීම නිවේදනය කරමින් කවාජා සඳහන් කළේ තමන්ට එල්ල වූ විවේචනවලට වාර්ගික අර්ථයක් ඇති බවත්, තම වෘත්තීය ජීවිතය පුරාම අනෙකුත් ඕස්ට්‍රේලියානු ක්‍රීඩකයින්ට වඩා වෙනස් ලෙස සැලකීම නිසා තමා කලකිරීමට හා වේදනාවට පත් වූ බවයි.

පාකිස්තානයේ උපත ලැබූ උස්මාන් කවාජා ඕස්ට්‍රේලියාව වෙනුවෙන් ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩා කළ පළමු මුස්ලිම් ජාතිකයා ද වනවා.

2011 වසරේ දී ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට පැමිණි ඔහු ඕස්ට්‍රේලියාව වෙනුවෙන් ටෙස්ට් තරග 87ක් එක්දින තරග 40ක් සහ විස්සයි විස්ස තරග නවයකට ක්‍රීඩාකර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
8
+1
2
+1
2
+1
21
+1
1
+1
1
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ශානි අබේසේකර ගෙදර යන්න
07:15
Video thumbnail
ගම්මන්පිලට යකා ආරූඪ වෙයි"මේක මගේ පොත නෙවෙයි..ව්‍යාජ එකක්"..රහස් පොලිසිය බුද්ධිමය දේපළ හොරකම් කරලා
06:03
Video thumbnail
ඩිල්කා, සුදාගෙන් මිලියන 100ක් ඉල්ලයි - Australia පොලිසියටත් පැමිණිලි
05:03
Video thumbnail
GMOA එකෙන් ඇමති නලින්දට අභියෝගයක්..ප්‍රථමයෙන්ම පැමිණිලි කරන්න ඕනි ඔයාට විරුද්ධව
11:01
Video thumbnail
අනුරට බෑ කියලා උඩ ඉන්න දෙයියෝත් දන්නවා
06:23
Video thumbnail
යතුරුපැදිකරු බරපතළ කළ බිහිසුණු අනතුර..බයික් එක කුඩේ කුඩු
01:04
Video thumbnail
විපක්ෂයට වෙන කියන්න දෙයක් නැති නිසා ගල් අඟුරු ගැන කියවන්නේ
05:03
Video thumbnail
විදුලි බිල 50%වත් වැඩි කරන්න ඕනිලු..ජනාධිපතිතුමා වැඩ බැරි ඇමතිලා ගෙදර යවන්න
01:47
Video thumbnail
පෙරටුගාමීන් පාරට බැහැලා නගරයම දෙකක් කරයි..අපේ රට යුද පිටියක් වෙන එක නවත්තන්න බැහැ
07:45
Video thumbnail
මිහින්තලේ ප්‍රදේශයට දැඩි වර්ෂාපතනයක් ඇද හැලුනු හැටි මෙන්න
01:16