අසූහතර හැවිරිදි සීයාගෙන් හා 18 හැවිරිදි පෙම්වතාගෙන් අතවරයට පත් 15 හැවිරිදි දැරියක් නාවලපිටිය රෝහලට ඇතුළත් කර ඇතැයි නාවලපිටිය පොලිසිය පවසයි.
මේ වන විටත් මොවුන් දෙදෙනාගෙන් අයකු වන 18 හැවිරිදි පෙම්වතා නාවලපිටිය පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු ලබන 11 දින දක්වා රක්‍ෂිත බන්ධනාගාරගත කරන ලෙස නාවලපිටිය මහෙස්ත්‍රාත් නිලන්ත විමලවීර නියෝග කර තිබෙනවා. මොවුන් දෙදෙනාගේ ප්‍රේම සම්බන්ධයට 84 හැවිරිදි සීයා උදව් කර ඇති අතර දැරියට සිය පෙම්වතාට කතා කිරීමට අවශ්‍ය වෙලාවට සීයාගේ නිවසට ගොස් සීයාගේ ජංගම දුරකථනය රැගෙන ඔහුට කතාකර තිබෙනවා.
නමුත් මෙම සීයා ජංගම දුරකථනය ඇයට දෙන සෑම අවස්ථාවකම එයට හිලව් වන සේ දැරියට එම නිවස තුළදී අතවර කිරීම පුරුද්දක් ලෙස දීර්ඝ කාලයක් තිස්සේ සිදුකර ඇති බව පොලිසිය අනාවරණය කරගෙන ඇත්තේ. මෙම 15 හැවිරිදි දැරියගේ පියා නොමැති අතර මව භාරයේ සිටියදී මෙම අතවරය සිදුවී ඇති බවයි සඳහන් වන්නේ.