කරවල හොදි හැලියට වැටුණු දැරිය ජීවිතක්ෂයට

පොසොන් බත් දන්සලක කරවල හොදි කල්දේරමට වැටී බරපතළ තුවාල ලබා රෝහල් ගතව ප්‍රතිකාර ලබමින් සිටි දැරියක් ඊයේ අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ පානදුර,බෙක්කේගම ප්‍රදේශයේ පදිංචිව සිටි ශයනි මෙතුම්සා නැමැති වයස අවුරුදු 09ක දැරියක්.

පොසොන් පොහොය නිමිත්තෙන් පානදුර ප්‍රදේශයේ පැවැත් වූ බත් දන්සැලකට සිය මව සමඟ ගොස් ඇති දැරිය එහි රැඳී සිටිය දී කරවල හොදි කල්දේරමට වැටී අනතුරකට මුහුණ පා තිබෙනවා.

පසුව ඇය පානදුර මූලික රෝහලට ඇතුළත් කිරීමෙන් පසු බරපතළ තත්ත්වයේ පසුවීම හේතුවෙන් කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලට මාරු කර යවා ඇති බවයි වාර්තා වුණේ.

එම රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි දැරිය අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත්ව ඇති බවයි තොරතුරු වාර්තා වන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
2
+1
0
+1
2
+1
23
+1
2
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?