Empty Ad
AFC Banner
Empty Ad

කඹුරුපිටියේ ගුරුවරියගේ ඝාතනයෙන් පසු හමු වූ ලිපියෙන් තොරතුරු රැසක් හෙළිවෙයි

කඹුරුපිටිය පොලිස් වසමේ මාතර මාර්ගයේ නිවසක් තුළ තරුණ කාන්තාවක් ඝාතනය කිරීමේ සිද්ධියට සැකපිට ඝාතනයට ලක්වූ කාන්තාවගේ මව සහ සොහොයුරා මේ වනවිට අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය පවසනවා.

ඊයේ (31) අලුයම් කාලයේ මෙලෙස ඝාතනයට ලක්ව තිබුණේ වයස අවුරුදු 33ක ගුරුවරියක් බවයි වාර්තා වුණේ.

මැය සිය මව සහ වැඩිමල් සහෝදරයා සමඟ එම නිවසේ පදිංචිව සිට ඇති බවටයි තොරතුරු වාර්තා වන්නේ.

පිහියකින් සහ යකඩ මල්⁣ පෝචිචියකින් සිදුකළ පහරදීමකින් 33 හැවිරිදි මෙම ගුරුවරිය ඝාතනය කර තිබූ අතර, පොලිසිය සැකපළ කරන්නේ පවුල් ආරවුලක් දුරදිගගොස් ඇති වූ බහින්බස්වීමක් මත මෙම අපරාධය සිදුකරන්නට ඇති බවයි.

අපරාධය සම්බන්ධයෙන් විමර්ශන සිදුකළ පොලිස් නිලධාරීන්ට ඝාතනයට ලක් වූ කාන්තාවගේ මව විසින් පොලිසිය වෙත ලියන ලදැයි සැකකරන ලිපියක් ද න ඉවසේ තිබී සොයාගෙන තිබෙනවා.

තමන් විසින් සිය දියණිය ඝාතනය කළ බව එහි සඳහන්ව ඇති බවයි පොලිසිය පවසන්නේ.

ඝාතනයට ලක්වූ දියණිය වසර කිහිපයක සිට දේපළ ඉල්ලා තමන්ට නිරන්තරයෙන් කරදර කරන වාත් අදාළ ලිපියේ දැක්වෙනවා.

දියණිය විසින් තම ගෙළ මිරිකා ඝාතනය කිරීමට උත්සාහ කිරීමේ දී ඇයව මෙලෙස ඝාතනය කර බවත් මව විසින් ලියන ලද ලිපියේ සඳහන්.

මේ අතර පොලිසිය විසින් එම නිවසට ගොස් පරීක්ෂා කිරීමේ දී සැකකාර මව පුටුවක් මත සිහි මද ගතියකින් වැටී සිටිය දී හමුව ඇති අතර, ඇය රෝහල් ගත කිරීමටයි කටයුතු කර ඇත්තේ.

76 හැවිරිදි මව කිසියම් ඖෂධ වර්ගයක් අධිමාත්‍රාවෙන් පානය කර මෙලෙස සිහි මද ගතියට පත්ව ඇති බවයි පොලිසිය පවසන්නේ.

ඒ ,අනුව ඇය සිය දිවිනසාගැනීමට යම් උත්සාහයක් ගෙන ඇති බවට ද පොලිසිය සැකපළ කරනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
2
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴 2025 අයවැය කාරක සභා අවස්ථා විවාදය සජිවීව - 2025.03.12
00:00
Video thumbnail
කිරිඳිඔය තරණය කරගෙන ගිහිං පොලිසියෙන් සොයාගත් අත් බෝ#බය
00:53
Video thumbnail
අසරණ අපි තමයි අපි හැමදාම දුක්විඳින්නේ
01:32
Video thumbnail
චතුරංග අබේසිංහ ආණ්ඩුවේ ඉදිරි දැක්ම කියයි
06:04
Video thumbnail
වැලිවිට ළිඳකින් මතු වූ ආයුධ...
01:14
Video thumbnail
ප්‍රශ්නය මම නම් ඒක ප්‍රශ්නයක් කරගන්න එපා - රනිල් තිස්සට රහසින් කියයි
08:29
Video thumbnail
තිස්ස අත්තනායක සජබයෙන් නෙරපයි ?සුජීව එක්ක තියෙන හුටපටේ ඇවිලෙයි
16:53
Video thumbnail
සජිත් අගමැති කරන්න මුළු පාර්ලිමේන්තුවම කැමතියි - කතානායකට ලිපියකුත් දෙයි
16:24
Video thumbnail
බංකොලොත් රට හැදෙන්න දශකයක් යනවා - ජනපති ආන්දෝලනාත්මක ප්‍රකාශයක් කරයි
28:02
Video thumbnail
PRAHARAYA | සමගි ජන බලවේගයේ ජාතික සංවිධායක තිස්ස අත්තනායක සහභාගීවන ප්‍රහාරය දේශපාලන වැඩසටහන සජීවීව
01:27:18

?