කඹුරුපිටියේ ගුරුවරියගේ ඝාතනයෙන් පසු හමු වූ ලිපියෙන් තොරතුරු රැසක් හෙළිවෙයි

කඹුරුපිටිය පොලිස් වසමේ මාතර මාර්ගයේ නිවසක් තුළ තරුණ කාන්තාවක් ඝාතනය කිරීමේ සිද්ධියට සැකපිට ඝාතනයට ලක්වූ කාන්තාවගේ මව සහ සොහොයුරා මේ වනවිට අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය පවසනවා.

ඊයේ (31) අලුයම් කාලයේ මෙලෙස ඝාතනයට ලක්ව තිබුණේ වයස අවුරුදු 33ක ගුරුවරියක් බවයි වාර්තා වුණේ.

මැය සිය මව සහ වැඩිමල් සහෝදරයා සමඟ එම නිවසේ පදිංචිව සිට ඇති බවටයි තොරතුරු වාර්තා වන්නේ.

පිහියකින් සහ යකඩ මල්⁣ පෝචිචියකින් සිදුකළ පහරදීමකින් 33 හැවිරිදි මෙම ගුරුවරිය ඝාතනය කර තිබූ අතර, පොලිසිය සැකපළ කරන්නේ පවුල් ආරවුලක් දුරදිගගොස් ඇති වූ බහින්බස්වීමක් මත මෙම අපරාධය සිදුකරන්නට ඇති බවයි.

අපරාධය සම්බන්ධයෙන් විමර්ශන සිදුකළ පොලිස් නිලධාරීන්ට ඝාතනයට ලක් වූ කාන්තාවගේ මව විසින් පොලිසිය වෙත ලියන ලදැයි සැකකරන ලිපියක් ද න ඉවසේ තිබී සොයාගෙන තිබෙනවා.

තමන් විසින් සිය දියණිය ඝාතනය කළ බව එහි සඳහන්ව ඇති බවයි පොලිසිය පවසන්නේ.

ඝාතනයට ලක්වූ දියණිය වසර කිහිපයක සිට දේපළ ඉල්ලා තමන්ට නිරන්තරයෙන් කරදර කරන වාත් අදාළ ලිපියේ දැක්වෙනවා.

දියණිය විසින් තම ගෙළ මිරිකා ඝාතනය කිරීමට උත්සාහ කිරීමේ දී ඇයව මෙලෙස ඝාතනය කර බවත් මව විසින් ලියන ලද ලිපියේ සඳහන්.

මේ අතර පොලිසිය විසින් එම නිවසට ගොස් පරීක්ෂා කිරීමේ දී සැකකාර මව පුටුවක් මත සිහි මද ගතියකින් වැටී සිටිය දී හමුව ඇති අතර, ඇය රෝහල් ගත කිරීමටයි කටයුතු කර ඇත්තේ.

76 හැවිරිදි මව කිසියම් ඖෂධ වර්ගයක් අධිමාත්‍රාවෙන් පානය කර මෙලෙස සිහි මද ගතියට පත්ව ඇති බවයි පොලිසිය පවසන්නේ.

ඒ ,අනුව ඇය සිය දිවිනසාගැනීමට යම් උත්සාහයක් ගෙන ඇති බවට ද පොලිසිය සැකපළ කරනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මාර්ගයෙන් ඉවතට පැන කුඹුරකට වැටුණු වෑන් රථය
00:27
Video thumbnail
නාමල් ගෙනියද්දි අධිකරණය අසළ උණුසුම්
01:06
Video thumbnail
රිමාන්ඩ් වුණ නාමල් අධිකරණයෙන් එළියට ආ හැටි - අධිකරණය අසළ උණුසුම්
01:53
Video thumbnail
අනුරාධපුරයේ බැටරි බලශක්ති ගබඩා පද්ධතිය ජනපති ප්‍රධානත්වයෙන් විවෘත කරයි
01:28
Video thumbnail
මවකගේ මුවින් ජනපති ඉදිරියේ පිටවූ ආදරණීය වදන - "අනේ..මගේ පුතෙක් වගේ..පුතෙක් වගේ"
01:00
Video thumbnail
"මගේ පුතෙක් වගේ ජනාධිපතිතුමා ඔයා" - අනුරපුරේදී ජනපතිට හිමිවූ අපූරු ජනතා ආදරය..
00:39
Video thumbnail
නාමල් බලන්න ආ ප්‍රසන්නව අධිකරණයෙන් පන්නයි - මූණත් අවුල් කරගෙන ගිය හැටි
00:39
Video thumbnail
විමල් - අර්චුනාගේ Photo එකක් ලීක් කරයි ? අර්චුනා විරුද්ධ පක්ෂයේ වේදිකාවට ආවම කොටියා
04:16
Video thumbnail
බලය තියෙන කාලේ කොහොම හිටපු මිනිස්සුද..? අද අසරණ වෙන හැටි...
00:34
Video thumbnail
බිහිසුණු රිය අනතුරකින් දඹුල්ල ජාතික පාසලේ විදුහල්පතිට දිවි අහිමිවෙයි - ඔහු එළියට ගත් සංවේදී දර්ශන
01:14