කමාන්ඩෝ භටයින්ගේ සහභාගීත්වයෙන් ශ්‍රී පාද උඩ මළුවේ විශේෂ මෙහෙයුමක්

“ක්ලීන් ශ්‍රී ලංකා” වැඩසටහන යටතේ 2025-2026 සිරිපා වන්දනා සමය ආරම්භ වීමට ප්‍රථමයෙන් සිරිපා මළුව වටා වන්දනාකරුවන් විසින් බැහැරකර තිබූ දිරන නොදිරන ප්ලාස්ටික් පොලිතින් ඇතුලු කසළ ඉවත් කිරිමේ වැඩසටහනක් අද (25) දින ආරම්භ වුණා.

මේ සඳහා මූලික ශ්‍රම දායකත්වය සපයනු ලබන්නේ ශ්‍රී ලංකා යුධ හමුදාවේ කොමාන්ඩෝ බටයන් පිරිසක් විසින්.

යුනෙස්කෝ ලෝක උරුමයක් ලෙස ප්‍රකාශයට පත් එම සංවේදී පාරිසරික පද්ධතිය පොලිතීන් හා ප්ලාස්ටිකවලින් දූෂණය වීම වැළැක්වීමේ ඒකාබද්ධ වැඩසටහනක් ලෙස මෙම වැඩසටහන ක්‍රියාත්මක කිරීමටයි සැළසුම් කර ඇත්තේ.

ශ්‍රි පාදස්ථානාධිපති ඌව වෙල්ලස්ස විශ්ව විද්‍යාලයේ කුලපති, බෙන්ගමුවේ ශ්‍රි ධම්මදින්න නාහිමියන්ගේ උපදෙස් පරිදි ක්ලීනින් ශ්‍රී ලංකා වැඩසටහන යටතේ ත්‍රිවිධ හමුදාවේ, සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ සහ පොලීසියේ නිළධාරින්යේ සහයෝගයෙන් මෙම වැඩසටහන ක්‍රියාත්මක කිරිමට නියමිතයි.

සිරිපා මළුව වටා ළංවීමට අපහසු ස්ථානවල එක් රැස්වී ඇති කසළ කමාන්ඩෝ රෙජිමේන්තුවේ බට පිරිස් විසින් එක් රැස් කිරිම අද (25) දින සිට ලබන 29 වන දින දක්වා සිදු කිරිමෙන් අනතුරුව එම කැලි කසල (29) දින ත්‍රිවිධ හමුදාවේ සහ ස්වේච්ඡා කණ්ඩායම්වලද සහාය ද ඇතිව විශේෂ මෙහෙයුමක් මඟින් නල්ලතන්නිය දක්වා රැගෙන ඒමට නියමිතව තිබෙනවා.

ඊට අමතරව රාජ්‍ය සහ පෞද්ගලික ආයතන, ත්‍රිවිධ හමුදාව, ශ්‍රී ලංකා පොලීසිය, සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව, සිවිල් සංවිධාන හා ස්වේච්ඡා කණ්ඩායම් එක්ව සිදු කරන, මහජන සහභාගීත්වය සහිත එක්දින ශ්‍රමදාන වැඩසටහනක් ශ්‍රීපාද
උඩමළුවට පිවිසෙන රත්නපුර සියලුම මාර්ග සහ හැටන් මාර්ගය ආවරණය වන පරිදි ලබන 29 දින සිදු කෙරෙනවා.

ක්ලීනින් ශ්‍රී ලංකා වැඩසටහනයට සමගාමීව 2025-2026 වන්දනාවාරයේදි ලිටරයට වඩා අඩු ප්ලාස්ටික් වතුර බෝතල් අලෙවි කිරිම සහ රැගෙන යැම සම්පූර්ණයෙන්ම තහනම් කිරිමටයි මධ්‍යම පරිසර අධිකාරිය විසින් තීරණය ගෙන ඇති බවද වාර්තා වනවා.

2025-2026 ශ්‍රී පාද වන්දනා වාරය උදුවප් පොහෝ දිනයෙන් ආරම්භ කිරිමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
6
+1
0
+1
4
+1
0
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අනතුරකින් පාදයේ ආබාධයකයට ලක්වූ සෙබඩකට පිහිටට ආ තරුණ යුවළ
01:01
Video thumbnail
වියළි කාලගුණය හමුවේ ගාල්ලේ දැන් තත්ත්වය
00:54
Video thumbnail
බලශක්ති ඇමතිගේ පොටෝ එකක් අරන් ගමක් දෙවනත් කළ පන්දම් විරෝධතාව..පච අනුර එදා කිව්වේ බොරු..
08:33
Video thumbnail
වැඩ වර්ජනය නිසා මිනිසුන්ගේ රතු කට්ට පනියි..ඡන්දේ දීලා අපි විදින දුකක්..මාසෙකට කීයක් Strike කරනවද
03:43
Video thumbnail
PHI සෙට් එකක් අත්‍යවශ්‍ය ආහාර ගබඩා සහ වෙළඳසැල්වලට ඇවිත් දුන්න ෆුල් සුද්දය
03:58
Video thumbnail
"Private ගන්න සල්ලි නෑනේ මහත්තයෝ"..වෛද්‍ය වැඩ වර්ජනය හේතුවෙන් රෝගීන් දැඩි අපහසුතාවයට
01:44
Video thumbnail
වියළි කාලගුණය හමාර කරමින් බුත්තලට සහ මොණරාගලට තද වැසි
00:58
Video thumbnail
"අඩේ..අඩේ..ඉක්මනට ඇතුළට ඇදහන් බන්" යතුරුපැදියක් - ලොරියක වැදී සිදුවූ බිහිසුණු අනතුර
01:29
Video thumbnail
අනතුරකින් පාදයේ ආබාධයකයට ලක්වූ සෙබඩකට පිහිටට ආ තරුණ යුවළ
01:25
Video thumbnail
නැව ගිලුණත් බෑන් චූන් රටේ වහල් මිනිස්සු - චෝදනා ඔප්පු කරන්න - නැත්නම් කටපියන් ඉන්න
41:21