AFC Banner
AFC Banner
Empty Ad

කම්කරු සහ විදේශ රැකියා අමාත්‍යාංශයේ ඉදිරි වැඩපිළිවෙලට ස්විස්ටර්ලන්තයේ සහාය

සමාජ ආරක්ෂණ ක්‍රමවේදයක් හඳුන්වාදීම, කම්කරු දෙපාර්තමේන්තුව සහ විදේශ රැකියා ක්ෂේත්‍රය ඩිජිටල්කරණයට ලක් කිරීම ඇතුළු කම්කරු සහ විදේශ රැකියා අමාත්‍යාංශ විෂය පථය තුළ මේ වසරේදී ක්‍රියාත්මක කිරීමට අපේක්ෂිත වැඩසටහන්

ඒ කම්කරු සහ විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා සහ ස්විස්ටර්ලන්ත තානාපති Dominik Furgler මහතා අතර පැවති සාකච්ඡාවකදීයි.

යෝජිත ඩිජිටල්කරණ සහ සමාජ ආරක්ෂණ වැඩසටහන් සඳහා ස්විස්ටර්ලන්ත අත්දැකීම් ඇසුරෙන් සහාය දීමට හැකි බවත්, තානාපති ක්ෂේත්‍රය ද ඩිජිටල්කරණයට ලක් විය යුතු නව ක්ෂේත්‍රයක් බවත්, මෙරට සිටින ස්විස්ටර්ලන්ත තානාපති Dominik Furgler මහතා මෙහිදී සඳහන් කළා.

එහි දී අමාත්‍යාංශය යටතේ මේ වසරේදී ක්‍රියාත්මක කිරීමට අපේක්ෂිත ප්‍රධාන අංශයන් සම්බන්ධයෙන් තානාපතිවරයා දැනුම්වත් කර ඇති අතර, කම්කරු දෙපාර්තමේන්තුව සහ විදේශ රැකියා ක්ෂේත්‍රයට අදාළ කටයුතු ඩිජිටල්කරණයට ලක් කිරීම සම්බන්ධයෙන් පැහැදිළි කිරීමේ දී ස්විස්ටර්ලන්තයේ බොහෝ කටයුතු ඩිජිටල්කරණයට ලක් කර ඇති අතර, තානාපති ක්ෂේත්‍රයේ කටයුතු ද ඩිජිල්කරණයට ලක් කිරීම නව ප්‍රවණතාවයක් බවත් තානාපතිවරයා පෙන්වා දී තිබෙනවා.

විදේශ ගත ශ්‍රමිකයන්ට දී ඇති මනුසවි විශ්‍රාම වැටුප් යෝජනා ක්‍රමය සම්බන්ධයෙන් කළ පැහැදිළි කිරීමෙන් අනතුරු ව සියලු ශ්‍රමිකයන් ඉලක්ක කරගෙන ක්‍රියාත්මක කරන සමාජ ආරක්ෂණ වැඩසටහන සදහා ස්විසටර්න්තයේ අත්දැකීම් සහ දායක්තවය ලබාදීම සම්බන්ධයෙන් තානාපතිවරයා සාධනීය ලෙස ප්‍රතිචාර දක්වා තිබෙනවා.

ඒ සඳහා අවශ්‍ය පූර්ණ සහාය ලබාදීමට යි තානාපතිවරයා එකඟතාවය පළ කළේ.

සංහිදියා යාන්ත්‍රණය තවදුරටත් ශක්තිමත් කරමින් සත්‍ය ගවේෂණ කොමිසමක් පත් කිරීමට කැබිනට් මණ්ඩලය ගෙන ඇති තීරණය පිළිබව ද කම්කරු සහ විදේශ රැකියා අමාත්‍යවරයා තානාපතිවරයාට කරුණු දැක්වූ අතර එම පියවර තානාපතිවරයාගේ ඇගයීමට ද ලක්වී තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජන රැල්ල නාමල්ට කැරකෙයි - සෙල්ෆි ගන්න ආච්චිලත් පොරකයි
03:17
Video thumbnail
🔴2025 අයවැය පාර්ලිමේන්තු විවාදය පස්වැනි දිනය සජීවීව
05:29:12
Video thumbnail
මන්ත්‍රීවරුන්ට නැවත අවි ලබා දීමේ සුදානමක් ? පාඨලී ආන්දෝලනාත්මක ප්‍රකාශයක් කරයි
12:14
Video thumbnail
ඩිෆෙන්ඩරෙන් ඇවිත් යායට වෙ#තිබ්බා...#1million #viralvideo
01:32
Video thumbnail
ලක්ෂ 12ට විට්ස් කාර් එකක් ගන්න පුළුවන් කියලා මම කිව්වේ නෑ
00:58
Video thumbnail
ලක්ෂ 12ට විට්ස් කාර් එකක් ගන්න පුළුවන් කියලා මම කිව්වේ නෑ - ඇමති නලීන් කියයි
02:10
Video thumbnail
මන්ත්‍රීවරියක් නිසා මැතිසබේ කචල් - හර්ෂට සීන් එකට නහුතෙටම තදවෙයි
11:52
Video thumbnail
ලක්ෂ 20 දී ත්‍රීවීල් එකක් ගත්තොත් මේ පාර මාලිමාවට කියලා ස්ටිකර‍යක් නොමිලේ...
04:21
Video thumbnail
සජබ මන්ත්‍රීට පාතාල ත#ජන #dasathamidnewstoday #dasathanews #live
01:04
Video thumbnail
යළි පාතාල බිය නංවමින් සජබ මන්ත්‍රී ජගත්ට ආපු පාතාල ත#ජන
14:03

?