කම්කරු සහ විදේශ රැකියා අමාත්‍යාංශයේ ඉදිරි වැඩපිළිවෙලට ස්විස්ටර්ලන්තයේ සහාය

සමාජ ආරක්ෂණ ක්‍රමවේදයක් හඳුන්වාදීම, කම්කරු දෙපාර්තමේන්තුව සහ විදේශ රැකියා ක්ෂේත්‍රය ඩිජිටල්කරණයට ලක් කිරීම ඇතුළු කම්කරු සහ විදේශ රැකියා අමාත්‍යාංශ විෂය පථය තුළ මේ වසරේදී ක්‍රියාත්මක කිරීමට අපේක්ෂිත වැඩසටහන්

ඒ කම්කරු සහ විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා සහ ස්විස්ටර්ලන්ත තානාපති Dominik Furgler මහතා අතර පැවති සාකච්ඡාවකදීයි.

යෝජිත ඩිජිටල්කරණ සහ සමාජ ආරක්ෂණ වැඩසටහන් සඳහා ස්විස්ටර්ලන්ත අත්දැකීම් ඇසුරෙන් සහාය දීමට හැකි බවත්, තානාපති ක්ෂේත්‍රය ද ඩිජිටල්කරණයට ලක් විය යුතු නව ක්ෂේත්‍රයක් බවත්, මෙරට සිටින ස්විස්ටර්ලන්ත තානාපති Dominik Furgler මහතා මෙහිදී සඳහන් කළා.

එහි දී අමාත්‍යාංශය යටතේ මේ වසරේදී ක්‍රියාත්මක කිරීමට අපේක්ෂිත ප්‍රධාන අංශයන් සම්බන්ධයෙන් තානාපතිවරයා දැනුම්වත් කර ඇති අතර, කම්කරු දෙපාර්තමේන්තුව සහ විදේශ රැකියා ක්ෂේත්‍රයට අදාළ කටයුතු ඩිජිටල්කරණයට ලක් කිරීම සම්බන්ධයෙන් පැහැදිළි කිරීමේ දී ස්විස්ටර්ලන්තයේ බොහෝ කටයුතු ඩිජිටල්කරණයට ලක් කර ඇති අතර, තානාපති ක්ෂේත්‍රයේ කටයුතු ද ඩිජිල්කරණයට ලක් කිරීම නව ප්‍රවණතාවයක් බවත් තානාපතිවරයා පෙන්වා දී තිබෙනවා.

විදේශ ගත ශ්‍රමිකයන්ට දී ඇති මනුසවි විශ්‍රාම වැටුප් යෝජනා ක්‍රමය සම්බන්ධයෙන් කළ පැහැදිළි කිරීමෙන් අනතුරු ව සියලු ශ්‍රමිකයන් ඉලක්ක කරගෙන ක්‍රියාත්මක කරන සමාජ ආරක්ෂණ වැඩසටහන සදහා ස්විසටර්න්තයේ අත්දැකීම් සහ දායක්තවය ලබාදීම සම්බන්ධයෙන් තානාපතිවරයා සාධනීය ලෙස ප්‍රතිචාර දක්වා තිබෙනවා.

ඒ සඳහා අවශ්‍ය පූර්ණ සහාය ලබාදීමට යි තානාපතිවරයා එකඟතාවය පළ කළේ.

සංහිදියා යාන්ත්‍රණය තවදුරටත් ශක්තිමත් කරමින් සත්‍ය ගවේෂණ කොමිසමක් පත් කිරීමට කැබිනට් මණ්ඩලය ගෙන ඇති තීරණය පිළිබව ද කම්කරු සහ විදේශ රැකියා අමාත්‍යවරයා තානාපතිවරයාට කරුණු දැක්වූ අතර එම පියවර තානාපතිවරයාගේ ඇගයීමට ද ලක්වී තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හූ..ලැජ්ජා නැද්ද යකෝ - NPP සෙට් එක නිසා මාතර සමූපකාර රෝහලේ දැඩි උණුසුම් තත්ත්වයක්
16:37
Video thumbnail
CTB බස් එකේ යනවනම් අවුරුදු තෑගි..ගන්න ටිකට් සුරක්ෂිතව තියාගන්න
04:10
Video thumbnail
නාමල් ඔය කියන පාටි දැම්මේ නෑ..නාමල්ගේ උපන්දිනය ක්‍රේන්ද්‍රකරගෙන මාලිමාව බොරු ප්‍රචාර යවනවා
02:43
Video thumbnail
ගම්බිම් බලා යන ජනතාවගේ අඩුවක්..කෝච්චි බස් තියෙනවා - සෙනඟ අඩුයිනේ..හෙට කොහොමත් නැතිවෙයි
02:07
Video thumbnail
කෝප් සභාපති ඔයා ඉල්ලා අස් වෙන්න ඕනි..ඊයේ මහජන විශ්වාසය සම්පූර්ණයෙන්ම පළුදු වුණා
04:45
Video thumbnail
ටැප් කඩපුවට CIDට ආ සෙට් එක කිව්ව කතා එක පෙළට.."මම සංවිධායක ධුරයක් දරන්නේ නෑ"
01:18
Video thumbnail
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ ලෝක බැංකු ණය දීර්ඝ කිරීමට අපිත් ඉල්ලීම් කරන්නම් l Sajith Premadasa
07:21
Video thumbnail
"සර්වජනයේ ටිකිරිලියා ටැප් කඩන්න කොළඹ ගියා"."අවු:15කින් මම ඔය පැත්තට ගිහින්වත් නෑ.."හෙන්චයියන්ම කඩලා
07:52
Video thumbnail
කරාම කැඩුවේ නාමල්ගේ පක්ෂයේ තරුණයෙක්ද ?පසන් සාක්ෂි එක්කම හෙළිකරයි
10:46
Video thumbnail
ඉන්ධන මිල සංශෝධනය තීරණය කරන්නේ ට්‍රම්ප් තමයි..අනවශ්‍ය ඉන්ධන පරිහරණය නිසා මිල වැඩි වුණේ
03:13