කන්දකුලිය ගුවන් කඳවුරේ වෙඩිපිටියේ පිපිරීම ගැන විශේෂ විමර්ශනයක්

කල්පිටිය – කන්දකුලිය ගුවන් හමුදා කඳවුරේ වෙඩිපිටියේ ඊයේ (26) පස්වරු 5.00ට පමණ පිපිරීමක් සිදුව තිබුණා.

මෙම පිපිරීමෙන් ගුවන් හමුදා සෙබළෙකු ජීවිතක්ෂයට පත්ව තවත් ගුවන් හමුදා සෙබළෙක් තුවාල ලැබුවා.

මෙලෙස ජීවිතක්ෂයට පත්ව තිබුණේ 28 හැවිරිදි වියේ පසුවූ නායක ගුවන් භටයෙක් බවයි ගුවන් හමුදාව සඳහන් කළේ.

මියගිය ගුවන් භටයා පොල්ගහවෙල, උඩපොලමුල්ල ප්‍රදේශයේ පදිංචි අයෙක් බවටයි තොරතුරු වාර්තා වුණේ.

ඔහු මෑතක දී විවාහ වීමෙන් අනතුරුව ආණමඩුව, පල්ලම ප්‍රදේශයේ තම බිරිඳගේ නිවසට පදිංචිව සඳහා පැමිණ ඇති බවට ද තොරතුරු වාර්තා වනවා.

ඔහුගේ මෘත ශරීරය කල්පිටිය රෝහල වෙත ඊයේ (26) පස්වරුවේ ම යොමුකර තිබූ අතර, මහේස්ත්‍රාත් පරීක්ෂණය සිදු කිරීමට නියමිතව තිබුණා.

බෝම්බ නිෂ්ක්‍රීය කරන ස්ථානයේ දී අදාළ පිපිරීම සිදුව ඇති බවයි ගුවන් හමුදාව වැඩිදුරටත් පැවසුවේ.

මෙම පිපිරිම සම්බන්ධයෙන් ගුවන් හමුදාවෙන් විශේෂ විමර්ශනයක් ආරම්භ කර ඇති බවයි තොරතරු වාර්තා වුණේ.

කන්දකුලිය ප්‍රදේශයේ ඇති වෙඩිපිටිය නමින් හඳුන්වන ප්‍රදේශය ගුවන් හමුදාව විසින් තම පුහුණුවීම් කටයුතු සඳහා භාවිත කරන ප්‍රදේශයක්.

පුහුණුවීම්වලින් පසුව අතහැර යන ඇතැම් පුපුරණ ද්‍රව්‍ය අසුලා ගෙන ඒවා තම නිවෙස් වෙත ගෙන ගොස් ඇති කීපදෙනෙකුම පසුගිය කාලයේ දී අනතුරුට පත්ව තිබු බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
1
+1
4
+1
0
+1
4
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
GMOA එකෙන් ඇමති නලින්දට අභියෝගයක්..ප්‍රථමයෙන්ම පැමිණිලි කරන්න ඕනි ඔයාට විරුද්ධව
11:01
Video thumbnail
මේ ආණ්ඩුවට බෑ කියලා උඩ ඉන්න දෙයියෝත් දන්නවා
06:23
Video thumbnail
යතුරුපැදිකරු බරපතළ කළ බිහිසුණු අනතුර..බයික් එක කුඩේ කුඩු
01:04
Video thumbnail
විපක්ෂයට වෙන කියන්න දෙයක් නැති නිසා ගල් අඟුරු ගැන කියවන්නේ
05:03
Video thumbnail
විදුලි බිල 50%වත් වැඩි කරන්න ඕනිලු..ජනාධිපතිතුමා වැඩ බැරි ඇමතිලා ගෙදර යවන්න
01:47
Video thumbnail
පෙරටුගාමීන් පාරට බැහැලා නගරයම දෙකක් කරයි..අපේ රට යුද පිටියක් වෙන එක නවත්තන්න බැහැ
07:45
Video thumbnail
මිහින්තලේ ප්‍රදේශයට දැඩි වර්ෂාපතනයක් ඇද හැලුනු හැටි මෙන්න
01:16
Video thumbnail
හෝටලයක රැදී සිටි විදේශීය ජාතිකයින් 150ක් අත්අඩංගුවට..කොහොමද දීලා තියෙන ගේම
01:38
Video thumbnail
යතුරුපැදියක් බස් රථයක සහ ත්‍රීරෝද රථයක ගැටී සිදුවූ බිහුසුණු අනතුර..CCTV කැමරාවේ සටහන් වූ හැටි
01:22
Video thumbnail
නුවරඑළියට මහ වැසි පතිත වුණ හැටි
00:26