කන්තලේ, තඹලගමුව, මොල්ලිපොතාන ප්‍රදේශයේ දී පාසල් සිසුවෙක් දුම්රියක ගැටීමෙන් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
මෙලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 14ක පාසල් සිසුවෙක් බවයි අප වාර්තාකරු සඳහන් කළේ.
මෙම සිසුවා ඊයේ (11) හවස මාළු ඇල්ලීමට නිවසින් පිටත්ව ගිය අවස්ථාවක මෙලෙස දුම්රියට බිළි වී ඇති බවයි වාර්තා වුණේ.
ගල්ඔය සිට ත්‍රිකුණාමලය බලා ධාවනය වන දුම්රියේ මෙම සිසුවා ගැටී ඇති අතර, මළ සිරුර වැඩිදුර පරීක්ෂණ සඳහා කන්තලේ මූලික රෝහලේ මෘත ශරීරාගාරය වෙත යොමුකර තිබෙනවා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
3
+1
2
+1














