කන්ටේනරයක වැදුණු පොල් ගසේ කොටසක් මෝටර් රථයක් උඩට වැටිලා

අම්බලන්ගොඩ – ඇල්පිටිය මාර්ගයේ කරන්දෙණිය මහගොඩ, අම්පිටිය දේවාලය අසල දී ඊයේ (18) රාත්‍රියේ අනතුරක් සිදුව තිබෙනවා.

කොළඹ දෙසට ධාවනය වූ කන්ටේනර් රථයක් මාර්ගය අසල තිබූ පොල් ගසක වැදී ඇති අතර, කන්ටේනරය වැදුණු පොල් ගසේ ඉහළ කොටස මාර්ගයේ ගමන් ගත් මෝටර් රථයක් උඩට වැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

අනතුර සිදුවන අවස්ථාවේ මෝටර් රථයේ පස්දෙනෙක් ගමන්කර ඇති අතර, අනතුරින් කිසිවෙකුටවත් හානි සිදුව නැහැ.
මෙම අනතුරෙන් මෝටර් රථයට බරපතළ හානි සිදුව ඇති බවයි වාර්තා වුණේ.

අනතුරත් සමඟ එම මාර්ගයේ වාහන තදබදයක් පැවති අතර, පසුව කඩා වැටුණු පොල් ගසේ කොටස ඉවත්කර වාහන ගමනාගමනයට ඉඩ සලසාදීමට කරන්දෙනිය පොලිසිය කටයුතු කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
තෙල් බවුසරයක් මහ පාරෙම පෙරළි සිදුවූ අනතුර
00:44
Video thumbnail
තෙල් බවුසරයක් මහ පාරෙම පෙරළි සිදුවූ අනතුර..මිනිස්සු වටවෙලා තෙල් පුරවගෙන යන හැටි
01:08
Video thumbnail
"ගැලරිය පිනවන චූන් කතා කියන්න එපා"ජනපති ඇවිත් කිව්ව දේට පුබුදු හොඳම එකෙන් දෙසයි
12:41
Video thumbnail
අර්චුනා, දයාසිරි ඇතුළු පක්ෂ විපක්ෂ ප්‍රබලයින් රැසක්ම ජනපති සමඟ විශේෂ හමුවක්
01:17
Video thumbnail
අර්චුනා හදිස්සියේම නැගිටලා පාර්ලිමේන්තුව දෙකක් කරයි
00:38
Video thumbnail
ශ්‍රී පාද පද්මය වැදපුදා ගන්න ගිය නාමල් රාජපක්ෂ
01:10
Video thumbnail
නාමල් රාජපක්ෂ උතුම් වූ ශ්‍රී පාද පද්මය වැදපුදා ගන්න යයි.. චානක ඇතුළු සෙට් එකක්ම ගිහින්
01:41
Video thumbnail
AI විපක්ෂ නායකට සමන්ත කිව්ව සැර කතාව..AIවලින් නායකයෙක් හදාගන්න එක ඉතුරුවෙලා තියෙන්නේ
01:45
Video thumbnail
විදුලි කැපීම ගැන චානකගෙන් ප්‍රබල හෙළිදරව්වක්..අනීතිකයි..සෙට් එකටම හීරේ යන්න වෙන දෙයක් මේ
04:08
Video thumbnail
ගෑස් මිල තවත් වැඩි කරයිද ?.."හරියට ගත්තොත් මීට වඩා වැඩිවීමක් වෙන්න ඕනි"
08:10