අම්බලන්ගොඩ – ඇල්පිටිය මාර්ගයේ කරන්දෙණිය මහගොඩ, අම්පිටිය දේවාලය අසල දී ඊයේ (18) රාත්‍රියේ අනතුරක් සිදුව තිබෙනවා.
කොළඹ දෙසට ධාවනය වූ කන්ටේනර් රථයක් මාර්ගය අසල තිබූ පොල් ගසක වැදී ඇති අතර, කන්ටේනරය වැදුණු පොල් ගසේ ඉහළ කොටස මාර්ගයේ ගමන් ගත් මෝටර් රථයක් උඩට වැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බවයි පොලිසිය සඳහන් කළේ.
අනතුර සිදුවන අවස්ථාවේ මෝටර් රථයේ පස්දෙනෙක් ගමන්කර ඇති අතර, අනතුරින් කිසිවෙකුටවත් හානි සිදුව නැහැ.
මෙම අනතුරෙන් මෝටර් රථයට බරපතළ හානි සිදුව ඇති බවයි වාර්තා වුණේ.
අනතුරත් සමඟ එම මාර්ගයේ වාහන තදබදයක් පැවති අතර, පසුව කඩා වැටුණු පොල් ගසේ කොටස ඉවත්කර වාහන ගමනාගමනයට ඉඩ සලසාදීමට කරන්දෙනිය පොලිසිය කටයුතු කර තිබෙනවා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
1
+1
+1





